(ඉන්දිකා රාමනායක)
රට තුළ ප්‍රචණ්ඩකාරි තත්වයක් හටගෙන තිබු අවස්ථාවක ජනතාව කුපිත කිරීමේ අරමුණින් ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ නිවාස වලට පහර දෙන ලෙසට ඇඟවෙන වැකි සමාජ මාධ්‍ය ජාලා වෙත මුදාහැරීම සම්බන්ධයෙන් හිටපු හමුදා සෙබළෙක් නිට්ටඹුව මුලස්ථාන පොලිසිය විසින් අද (12) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.
ඉකුත් (9) දින රටතුළ ප්‍රචණ්ඩකාරි තත්වයක් හටගෙන තිබු අවස්ථාවේ මෙම සැකකරු මෙම ප්‍රකාශ මුදා හැර තිබු බවද පොලිසිය පවසයි.
“තම තමන්ගේ ගෙවල් පැත්තේ ඉන්න ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ අධිකාරිලත් නිලධාරීන්ගේ ගෙවල් ගැනත් පොඩ්ඩක් අවදානය දෙන්න, එයාලා ලොකු සේවයක් කරනවා මේ වෙලාවේ ” යැයි ප්‍රකාශ මුදා තිබු බවද පොලිසිය පවසයි.
මේ සම්බන්ධයෙන් යුද හමුදාව නිට්ටඹුව මුලස්ථාන පොලිසියට කළ පැමිණිළ්ලකට අනුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
පොලිසිය මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට ඔහුගේ පින්නගොල්ල උතුර නිවසට ගිය අවස්ථාවේ ඔහු නිවසේ සිට නොමැති අතර, පොලිසිය කළ දැනුම් දීමකට අනුව සැකකරු අද පස්වරුවේ පොලිසියට පැමිණ සිටි අවස්ථාවේ අත්අඩංගුවට ගෙන ඇත
මෙම සැකකරු යුද හමුදා සේවයේ යෙදී සිටියදී නිළාරීන්ගේ අත්සන් ව්‍යාජව ගැසීමේ චෝදනාවට 2020.01.29 දින යුද හමුදා සේවයෙන් නෙරපා ඇති පුද්ගලයකු බව යුද හමුදාව පවසයි.
සැකකරුගෙන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගෙන නිට්ටුඹුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
නිට්ටඹුව මුලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ ඔය නීති අරලියගහ මන්දිරය තුළට පිරිස් ගෙන්වා ප්‍රකෝප කළ ත්‍රස්තයින්ට?
බොරු චෝදනාවක් හොයාගෙන ඒ මනුස්සයාගේ චරිතයට හානිකරන්න හදනවා. අර රඹුක්කන වෙඩිතියා මරපු මිනිහා ගැනත් ඔයවගේ බොරු ප්‍රකාශ කළා. මේ ඔක්කොම හොරු.. දේශපාලකයින්ට කඩේ යනවා. අසරණ මිනිහෙකුට ඉන්න දෙන්නේ නැහැ. මොකක් හෝ බොරු චෝදනාවක් දාලා ඔහුව හිරේ දානවා.