(ගයාන් සූරියආරච්චි)
නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයන්ට හෙට (20) සිට ලබන මස 20 වැනිදා දක්වා යුද හමුදා සේවයෙන් නීත්‍යානුකූලව ඉවත්වීමට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර ඇති බව යුද හමුදාව පවසයි.
ඒ අනුව තමන් අයත්වන රෙජිමේන්තු මධ්‍යස්ථානය සමග සම්බන්ධවී නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීමට මෙම කාලය තුළ අවස්ථාව සැලසෙන බව යුද හමුදාව කියයි.
යුද හමුදා හැඳුනුම්පත, ජාතික හැඳුනුම්පත හෝ රියදුරු බලපත්‍රයේ පිටපතක්, වැටුප් හා දීමනා බැරකරන ලද බැංකු පොතේ ඡායාස්ථ පිටපතක්, අවසන් වරට වැටුප් හා දීමනා ලබාගන්නා ලද වැටුප් පත්‍රිකාවේ ඡායාස්ථ පිටපතක් (ඇත්නම් පමණක්) ඉදිරිපත් කිරීම සිදුකළ යුතුය.
ඉකුත් 2 දින සහ ඊට පෙර සිට නිවාඩු නොමැතිව සේවයට වාර්ථා නොකළ නිලධාරි හා සෙසු නිලයන් අදාල ලියවිලි තම රෙජිමේන්තුවට බාරදීමෙන් අනතුරුව පැය 72 ක කාලසීමාවක් තුළ සිදුකර යුද හමුදා සේවයෙන් නීත්‍යානූකූලව ඉවත් කිරීමට කටයුතු කරන බව යුද හමුදාව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd