IMG-LOGO

හමුදාව සයිබර් යුද්ධ සඳහාත් සන්නද්ධ කළ යුතුයි

(අංජුල මහික වීරරත්න)

අනාගතයේදී  භූමියේ ගුවනේ මුහුදේ පමණක් නොව සයිබර් අවකාශයේ ද යුද්ධ සිදුවිය හැකි බැවින් එවැනි තාක්ෂණික යුද්ධයකට අවශ්‍ය දැනුමින් ලාංකික රණවිරුවන් සන්නද්ධ  කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
සාර්ථක හමුදාවක් බිහිකිරීමට විනයක් පුහුණුවක් හා දැනුමක් අවශ්‍ය බව කී ජනාධිපතිවරයා ශ්‍රීමත්  ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය මේ සියලු කාරණා ඉටු කරමින් සිටින බවද කීය.

ජනාධිපතිවරයා මේ බව පැවසූයේ ජනරාල් ශ්‍රීමත්  ජෝන්  කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ජනාධිපතිවර්ණ හා විශ්වවිද්‍යාල වර්ණ ප්‍රදානය සිදු කිරීම වෙනුවෙන් අද (25) පස්වරුවේ පැවති උත්සවයට සහභාගි වෙමිනි.

(ඡායාරූප හිමත් මතීෂ)



අදහස් (11)

හමුදාව සයිබර් යුද්ධ සඳහාත් සන්නද්ධ කළ යුතුයි

Kumara Thursday, 25 August 2022 10:09 PM

ගෝඨගේ කතාව හඳ අල්ලන්න. මෙයා කරන්නේ දෙකේ පන්තියේ වැඩ.

:       0       2

chandima Thursday, 25 August 2022 11:06 PM

මෙයා ඒ ආවේ ආර්ථිකය ගොඩගන්නවා කියලා... දැන් බයිලා ගහ ගහ රට වටේ යනවා. දැන් අපිට මොන සයිබර්ද? පරිගණකයක් ගෙන්න ගන්න ඩොලර් නෑ.

:       1       4

චමින්ද ජයනාත් ජයසූරිය Friday, 26 August 2022 12:19 AM

මට මතකයි මීට කලින් මෙතුමා ගුවන් හමුදාවට පරණ යකඩ කෑලි නෙමෙයි, හොඳම මල්ටිරෝල් ෆයිටර් ජෙට් අරන් දෙනවා කියලා කියනවා. එතකොට් පුංචි ආඩම්බරයක් දැනුණා... ඒ දවස්වල.... අයියෝ ඊට පස්සේ ආරංචි වුණා... මහා බැංකුව හොරුකඩලා කියලා...!

:       2       4

Nimal Friday, 26 August 2022 07:00 AM

ත්‍රිවිධ හමුදාවන්ට සහ පොලිසියට දෙස් විදෙස් සයිබර් පුහුණුව අත්‍යාවශ්‍ය වේ. වර්තමාන ලෝකයේ අනපේක්ෂිත අයුරින් සිදුවනාවූ යුදමය සහ දේශපාලන වෙනස්වීම් සහ තත්වයනට මුහුණදීමට බොහොමයක් රටවල් සයිබර් ආරක්ෂක සේවා සඳහා විශේෂ අවධානයක් යොමුකර ඕනෑම සයිබර් ප්‍රහාරයකට මුහුණදීමට සූදානම් ව සිටියි.

:       1       1

ලුම්බිණි Friday, 26 August 2022 07:35 AM

අපි කන්න බොන්න නැතුව ඉන්නවා. ඔයා සයිබර් යුද්ධ වලට සල්ලි වෙන් කරනවා. පොඩ්ඩක් බිමට බැහැලා බලන්න බැරිද?

:       3       3

Rasika Friday, 26 August 2022 07:58 AM

ජනපතිගේ මෙවැනි අනාගතය සඳහා ගන්නා තීරණ අගය කරමි.

:       7       5

ganegoda Friday, 26 August 2022 09:06 AM

විදුලිය සහ ඉන්ධන අර්බුදයක් වෙලා තියෙන අපේ රටේ සයිබර් යුද්ධ කරන්නේ උළුඅත්තක සහ ඉටිපන්දමක උපකාරයෙන්ද? වොක්ස්වැගන් ජනාධිපති කියවන්න පටන් ගත්තම වගේ ඔහේ කියවනවා.

:       6       8

gameing07 Friday, 26 August 2022 12:35 PM

එකනම් සහතික අැත්ත .. හුලුඅත්තයි ඉටිපන්දමයි අතට අරන් තමයි යුද්ද කරන්න වෙන්නෙ .

:       0       0

Surain Friday, 26 August 2022 11:57 AM

ජනාධිපතිතුමෝ, අපිට නම් තියෙන්නේ ජීවත් වෙන්න යුද්ධයක්... ඔයා නම් මොකක්ද මංකඩක ඉඳන් පාමංකඩ යන ගමන්දෝ ගලධාරියට දෙනවා වගේ...

:       4       7

ලසන්ත Friday, 26 August 2022 01:30 PM

අයියෝ, රසික ගනේගොඩ හා සුරේන් කියන්නේ 69 බයියන්ගේ තිදෙනෙක් කියලා හිතෙනවා. පොහොට්ටු කාරයින් හැමදාම බැලුවේ එදාවේල මිස අනාගතය ගැන නොවෙයි..!

:       4       3

අජිත් Friday, 26 August 2022 02:17 PM

ඒක හොදයි.. මොකද ගොඩක් අයගේ ශරීරය වර්ධනය වුණාට ඊට සාපේක්ෂව මොලය වර්ධනය වෙලා නෑ..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 327 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 497 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 198 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site