IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හමුදාපතිට - නිලධාරින්ට අපහාස කළ වෙබ් අඩවි හිමිකරු රිමාන්ඩ්

(විමුක්ති එස් රුද්‍රිගු)

වෙබ් අඩවියක් පවත්වා ගෙන යමින් යුද හමුදාපතිවරයාට සහ ඉහළ නිලධාරීන් අපහාස වන අයුරින් පුවත් පළකරමින් ජාතික ආරක්ෂාවට සහ මහජන ආරක්ෂාවට තර්ජනයක් එල්ල කළේ යැයි චෝදනා මත අත් අඩංගුවට ගත් ගලකන්දේ පුරන්වත්තලාගේ නිශ්ශංක නැමැති සැකකරු ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (06) නියෝග කළේය.

සැකකරු වෙබ් අඩවිය බලපත්‍රයක් නොමැතිව පවත්වා ගෙන ගොස් ඇති බවත් යුද හමුදාපතිගේ කුස්සියත් ඒ.සී වැනි ශීර්ෂ යටතේ යුද හමුදාපතිවරයාට සහ ඉහළ නිලධාරීන්ට අපහාස වන අයුරින් පුවත් පළකර ඇති බවත් මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවැසුවේය.එම පුවත්වල යුද හමුදා නිලධාරීන් පිළිබඳ අපහාසාත්මක කරුණු ඇතුළත් වන බවත් එක් තැනක සෙබළියන් ලිංගික කටයුතුවලට යොදා ගන්නා බව සඳහන් වන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

එම අවස්ථාවේදී වෙබ් අඩවිය පිළිබඳ ආරක්ෂක ලේකම්වරයාගේ වාර්තාව මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු මෙවැනි අපහාසාත්මක පුවත් පළ කිරීම තුළින් මහජනතාව යුද හමුදාව පිළිබඳ දරණ මතය පහළ දැමීමට උත්සාහ කරමින් රටේ භෞමික අඛණ්ඩතාවයට තර්ජනයක් එල්ල කර ඇතැයි පැවැසුවේය.



අදහස් (0)

හමුදාපතිට - නිලධාරින්ට අපහාස කළ වෙබ් අඩවි හිමිකරු රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site