
බ්‍රිතාන්‍ය හමුදාවේ, ඇපාචි ප්‍රහාරක හෙලිකොප්ටර් නියමුවකු ලෙස සේවය කළ කාලයේ තමන් ඇෆ්ගනිස්තානයේ හමුදා මෙහෙයුම්වලදී සතුරන් 25 දෙනකු මරා දැමූ බව හැරී කුමරු පවසා ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.
බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා මේ බව වාර්තා කර ඇත්තේ, හැරී කුමරුන්ගේ ‘ස්පෙයාර්’ ස්වයං චරිතාපදානය හරහාය. ‘ස්පෙයාර්’ චරිතාපදානය ලබන 10 වැනිදා එළිදැක්වීමට නියමිත නමුත්, මාධ්‍ය එහි අන්තර්ගතයේ ඇති අතිශය පෞද්ගලික බොහෝ කරුණු කාරණා මේ වනවිට ප්‍රසිද්ධියට පත් කර තිබේ.
තම වැඩිමල් සොහොයුරු විලියම් කුමරු, බහින්බස්වීමක් අතරතුරේ තමන්ට බිම වැටෙන්න පහර දුන් බවත්, බහින්බස්වීම සිදුවූයේ තම බිරිඳ මෙගාන් මාකෙල් නිසා බවත් හැරී කුමරු සිය චරිතාපදානය හරහා පවසා තිබේ.
38 හැවිරිදි සකෙස්ක් ආදිපාදවරයා යන ගෞරව නාමයෙන් ද හැඳින්වෙන හැරී කුමරු බ්‍රිතාන්‍ය හමුදා සොල්දාදුවකු ලෙස ඇෆ්ගන් තලේබාන් ත්‍රස්තවාදීන් සමඟ සටන් වැදුණේ 2007-2008 කාලයේත් පසුව 2012 සහ 2013 කාලයේත්ය.
ඇපාචි ප්‍රහාරක හෙලිකොප්ටර් නියමුවකු ලෙස හැරී කුමරු මෙහෙයුම් 6 කට සම්බන්ධ වී ඇත.
හමුදා සොල්දුදුවකු ලෙස තමන් කළ කිසිවකු ගැන තමන් පසු තැවෙන්නේ හෝ ආඩම්බර වන්නේ හෝ නැතැයි ද හැරී කුමරු ‘ස්පෙයාර්’ චරිතාපදානය හරහා පවසා තිබේ. හැරි කුමරු වසර 10 ක් බ්‍රිතාන්‍ය හමුදා සේවයේ සිටියේය.
මේ අතර තමන් තරුණ කාලයේ කොකේන්වලට යොමු වී සිටි බවත්, ඒ ගැන තමන් පසුතැවෙන බවත් හැරී කුමරු පවසා තිබේ.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් බලමු අර අපේ හමුදාව අහිංසක කොටි මරන්න ඇත්තේ අරගලේට ගැහුව වගේය, උන් මානව හිමිකම් කැඩුවය කියලා මේකේ කවි ගී ලියපු හිපාටුවො මේකට මොකද කියන්නේ කියල.
හොඳ වෙලාවට හැරී කුමරැ ලංකා හමුදාවේ සේවය නොකළෙ. නැත්තං මෙහෙ ඉන් ඇන්ජීඕ නඩේ, ජවිපෙ, සජබ, යූඇන්පී, ටීඇන්ඒ, මුකො ආදී කී නොකි උන්දැලා ගෙන් බේරෙන්න ද!
බය වෙන්න දෙයක් නැහැ .ඔහු ඇෆ්ගනිස්ථානයේ සොල්දාදුවෙක්, ඔහු ගොවියෙක් නෙවෙයි. කරුණාකරලා ශ්‍රී ලාංකිකයන්ට ප්‍රශ්නයක් කරන්න එපා
මෙයාගේ ආච්චි අපේ රට අල්ලගෙන හිටපු කාලේ අපේ රටේ මනුස්සයින්ම මැරුවද??? මේක මෙයාලගේ ජන්ම පුරුද්දක්.
නියමයි මගේ සුබ පැතුම්. පසු තැවෙන්න එපා ආඩම්බර වෙන්න.. අපේ හිටපු හමුදාපති වගේ තමන්ගේ හමුදාව පාවා දෙන්න එපා.