(සුජිත් හේවාජුලිගේ)
යුද හමුදාවේ සාමාජික සංඛ්‍යාව ලක්ෂයකින් පමණ අඩු කිරීමට තීරණය කර ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.
හමුදා සාමාජික සංඛ්‍යාව ලබන වසර වනවිට එක් ලක්ෂ තිස් පන් දහස දක්වා අඩු කිරීමට තීරණය කර ඇතැයි පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා යුදහමුදාවේ අනුමත සාමාජික සංඛ්‍යාව 2030 වසර වනවිට ලක්ෂයක ප්‍රමාණයක රඳවා ගැනීමට පියවර ගෙන ඇතැයි ප්‍රකාශ කළේය.
යුද හමුදාවේ දැනට අනුමත සාමාජික සංඛ්‍යාව දෙලක්ෂ හත් සිය අසූ තුනකි.
තාක්ෂණිකව සුදුසුකම් ලත් සමතුලිත හමුදාවක් 2030 වසර වනවිට නිර්මාණය කිරීම අරමුණ යැයි පැවසූ තෙන්නකෝන් මහතා ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ශක්තිය සහ තිරසාර ආර්ථික සංවර්ධනය කාසියක පැති දෙකක් මෙන් එකිනෙක හා බැඳී පවතින බවද ප්‍රකාශ කළේය.
සන්නද්ධ හමුදාවන්ගේ වියදම් රජය විසින් දරනු ලබන බවත් ජාතික සහ මානව ආරක්ෂාව සහතික කරමින් ආර්ථික වර්ධනය සඳහා එමගින් මාර්ග විවෘත කෙරෙන බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයක සඳහන්වේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.