
(විමුක්ති එස් රොද්‍රිගෝ)
බංග්ලාදේශයට හමුදා පාලනයක් හෝ හමුදාවේ සහාය ලැබෙන අන්තර්වාර රජයක් පිළිනොගන්නා බව එරට පැවැති විරෝධතාවලට නායකත්වය දුන් ශිෂ්‍ය ක්‍රියාකාරී නායකයන් සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදා හරිමින් ප්‍රකාශ කළේය.
නව අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශකයා ලෙස නොබෙල් ත්‍යාගලාභී මාහාචාර්ය මුහම්මද් යුනුස් පත්කළ යුතුබවත් ඒ හැර වෙනත් කිසිදු අන්තර්වාර රජයක් හෝ පාලනයක් බංග්ලාදේශය සඳහා විරෝධතාකරුවන් නොපිළිගන්නා බවත් විරෝධතාවලට නායකත්වය දුන් ශිෂ්‍ය ක්‍රියාකාරී නායකයක් වන නහීද් ඉස්ලාම් පැවැසුවේය.
අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක තනතුර බාරගැනීම සඳහා මාහාචාර්ය මුහම්මද් කැමැත්ත පළකර තිබෙන බවද ශිෂ්‍ය ක්‍රියාකාරී නායකයන් ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් මේ වගේ අර හොරු වෙනුවට මේ හොරු පත් නොකර ස්වාධීන කෙනෙක් පත්කරගන්න එක හොඳයි. නැත්නම් අපට වෙච්ච දේ තමයි ඔබලටත් වෙන්නේ.
නෝබෙල් ත්‍යාග ලාභීයෙක් නං අනිවාර්යයෙන් හොඳ මනුස්සයෙක් වෙන්න ඇති .