ඇමෙරිකාව කළ අපරාධයට ඉරානය සහතික වශයෙන් ම පලිගන්නා බව ඉරාන ජනපති හසන් රූනි මහතා පවසයි.
ඉරාන හමුදා ප්‍රධානී, මේජර් ජනරාල් කසීම් සුලෙයිමාන් මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා ඉරාන ආණ්ඩුවේ නිල වෙබ් අඩවියට මෙසේ පවසා තිබේ.
අපරාධකරුවකු වන ඇමෙරිකාව සිය හමුදා ප්‍රධානියා ඝාතනය කිරීමෙන්, ඉරානයේ හදවත කම්පාවට පත් කළ බවද ජනපති සඳහන් කරයි.
එසේම එම ප්‍රහාරය, ඇමෙරිකාවේ දාමරිකත්වයට එරෙහිව නැගී සිටීමට සහ ඉස්ලාම් වටිනාකම් ආරක්ෂා කරගැනීමට ඉරානය ගෙන තිබූ අධිෂ්ඨානය දෙගුණයකින් වර්ධනය කළ බවද, ජනපතිවරයා පවසා ඇත.
මේ නීච සහ බියසුලු නාටකය, ඇමෙරිකාවේ බලාපොරොත්තු සුන්වීම ගැනත් එම කලාපයේ දුර්වලතාව ගැනත් තවත් නිදසුනක් පමණක් බවද ඉරාන ජනපති වැඩිදුරටත් සඳහන් කරයි.
(එන් ඩී ටීවී ඇසුරිනි)
16844


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉරාන්වල කට විතරයි.. ඇමෙරිකාව සමග හැප්පෙන්න පුළුවන්ද?
ඉරානය, රුසියාව, චීනය එකට යුද අභ්‍යාස කරන්නේ. ඇමෙරිකාව වෙනත් රටක හමුදා නායකයෙක් ඉලක්ක කරලා මරන්න පුලුවන් නම්, එ්ක ලෝකසාමය අනතුරේ දැමීමක්... මේක නොනවතින යුද්ධයක අාරම්ඹයකි..
මේ දෙගොල්ලන්ම එකයි. කොහොම වුණත් ලෝකයේ බල තුලනය පවතින්නේ මෙවැනි විරුද්ධ කඳවුරු පැවතීම මතයි.
එම්.සී.සී. ගිවිසුම අත්සන් කිරීමට පෙර දහස්වරක් සිතා බලනු...
"හමුදා ප්‍රධානියාගේ ඝාතනයට ඇමෙරිකාවෙන් පළිගන්නවා’" පුද්ගලිකව ඉහළින් අනුමත කරනවා. ඔන්න ඕගොල්ලන්ගේ පරමාණු බෝම්බය ටෙස්ට් කරන්න වෙලාව... චීනය රුසියාව සපෝර්ට් කරාවි නේද? අපි තේ කොළ ටිකක් එවන්නම්...
මේ අයගේ වලි හින්දා අපිට තමයි කන්න නැතුව ඉන්න වෙන්නේ තව ඉස්සරහට...
කිසිවෙකුගේවත් මරණයේදී අපිට සතුටු වෙන්න බැරි ජාතියක් නිසා අපි මේ කාගේ කාගෙනුත් ඉල්ලන්නේ මිනිසුන් මරණයට පත්වෙන අන්දමේ කටයුතු නොකර ඉවසීමෙන් සමාදානයෙන් තම ප්‍රශ්න විසඳාගන්න කියලයි. වෛරයෙන් වෛරය නොසන්සිඳේ කියන බුදුවදන මේ හැමෝටම වටිනවා...
ලංකා, නිකන් දැන් හරියට කනවා වගේ.
බලවත් රටවල් තම ආර්ථිකය සමබර කරගන්නේ අවි ආයුධ විකුණා ගැනීමෙනි. මේ සඳහා නිල නොවන න්‍යාය පත්රයන් ක්‍රියාත්මක වේ. මේ එවැන්නකි. යුද්ධයකින් තොර ලොවක් දැකීමට නම් තණ්හාවෙන් තොර මිනිස් කොට්ඨාශයක් ලොව බිහි විය යුතුයි. එය සිහිනයකි.
ඇමරිකාව මැද පෙරදිග ඉන්නකන් ඒ මිනිස්සුන්ට සාමයක් නැහැ. ඒ මිනිස්සුන්ගේ තෙල් ටික හූරගෙන කාලා අන්තිමට ඒ රටවල් සම්පූර්ණයෙන් විනාශ කරලා දානවා. පේන්නේ නැද්ද ලිබියාවට, ඉරාකයට මොකද කලේ කියලා. මහා කාලකන්නි ඇමෙරිකන් කරයින්..