(ඉන්දිකා රාමනායක)
කරුණෑගල යක්ගහපිටිය අයි. ඕ. සී. ඉන්ධන පිරවුම් හලේ ඇති වු නොසන්සුන්තාවක් අතර තුර පිරවුම්හලේ සිටි පුද්ගලයකුගේ බඩට එහි සිටි නිලඇදුමෙන් සැරසුන හමුදා නිලධාරියකු පා පහර එල්ල කරනු වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාලාවවල සංසරණය වෙයි.
සිදු වූ ගැටුමක් අතර තුර එම ගැටුම මැදට එකවර පැමිණි ලූතිනන් කර්නල්වරයා එහි සිටි පුද්ගලයාග් උදරය ප‍්‍රදේශයට පා පහර එල්ල කරන අයුරු සමාජ මාධ්‍ය වල ප‍්‍රචාරයන වන වීඩියෝ පටයේ සටහන් වී ඇත.
එම ස්ථානයේ රාජකාරී කළ පොලිස් නිලධාරීන් බලා සිටියදි මෙම සිදුවීම සිදුවනු දක්නට ලැබේ.
මෙම නිලධාරියාගෙන් කි‍්‍රයා කළාපයට එහි සිටි පිරිස විරෝධය දක්වන අයුරුද එම වීඩියෝ පටයේ සඳහන් වේ.
මෙම ඉන්ධනපිරවුම් හලේ දින කිහිපයකට සිට පිටස්තර පුද්ගලයන් පැමිණ එහි සිට පිරිස සමග ගැටුම් ඇතිකර ගෙන ඇති බවත්, පෙරේදා දිනයේ දී එහි ආරක්ෂාවට සිටින හමුදා සහ පොලිස් නිලධාරීන්ට පරුෂ වනයෙන් බැන වැදී ගැටුම් ඇතිකර ගත් අවස්ථාවේ සිද්ධිය සැලවී හමුදා අනදෙණ නිලධාරියා එහි පැමිණ මෙම ප‍්‍රහාර එල්ල කර ඇති බවට තොරතුරු අනාවරනය වේ.
සිද්ධිය සම්බන්ධයෙන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් නිලන්ත පේ‍්‍රමරත්න මහතාගෙන් කළ විමසුමක දී ඒ මහතා පැවසුවේ මෙම සිද්ධියේ දී හමුදා නිලධාරියාගේ කි‍්‍රයා කළාපය සම්බන්ධයෙන් ආයතන මට්ටමින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.
සිද්ධිය වු ස්ථානයේ පිිරිස හමුදා නිලධාරීන්ට පරුෂ චනයෙන් බැන වැදී පහර දීමට උත්සහ ගෙන ඇති බවට තොරතුරු වාර්තා වන බවද හමුදා ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිතක් පපුවක් නැති තිරිසනෙක්. ජනතාව මොනතරම් පීඩාවකින්ද පාරට බැහැලා තියෙනේ?
හමුදාවෙන් පරීක්ශන නොවෙයි අවශ්‍ය, රටෙ සාමාන්‍ය නීතිය අනුව කටයුතු කරන්න. හමුදාවෙන්ම බිහිවු පාදඩ ජනාදිපතියෙක්ගෙන් රටෙ සාමන්‍ය වැසියන්ට ලැබෙන්නේනෙ තෑගි තමයි මෙ. මෙ තරම් දැඩි පීඩනයකට පත්ව සිටින ජනතාව අසාදාරනය ගැන කතා කිරීම වරදක්ද? තත්වය පලනයෙන් ගිලිහෙන දවස වැඩි ඈත නොවෙ.
නිරායුධ ශ්‍රිලංකාවේ සිවිල් වැසියන්ගේ මානව අයිතිවාසිකම් හමුදාවේ සන්නද්ධ ඇතැම් නිලධාරීන් මෙලෙස එළිපිට උල්ලංගණය කිරීම ජත්‍යන්තරය වහා හෙළා දැකිය යුතුයි.
සිවිල් පුරවැසියන්ට පහරදීම හෙලා දකිමි
කෙලින්ම හමුඩා නිතිය අනුව කටයුතු කරන්න. සිවිල් නිතියෙන් නඩු අහලා ඉවරවෙනකොට චූදිතයයි වින්දිතයයි දෙදෙම එලොව.
ලැජ්ජ නැද්ද, මේ තිරිසන් ගතිය මුලු ලෝකෙම දැක්කා දැන් දන්නවා අපේ හමුදාවේ තත්වය
දැන් රටේ සිවිල් නීතිය ක්‍රියාත්මක කරන්නේ හමුදාවද? මේ රටේ නායකයා හිතනවා නම්, හමුදාව ඉදිරියට දාලා ජනතාව බිය කරලා මෙරටේ හමුදා පාලනයක් ක්‍රියාත්මක කරන්න, ඒක ඒ පාලකයාගේ අවසානය. ඒ මිලේච්ජ පා පහර මෙරටේ එක පුද්ගලයෙකුට පමණක් එල්ලකළ පා පහරක් නොවෙයි. මෙය මේ රටේ සමස්ත ජනතාවටම එල්ල කල නින්දිත මරු පහරක් !! මේ අධම ක්‍රියාව පුද්ගලයෙලුට පමණක් ලඝු කොට සරලව හිතනවා නම්, එය සමස්ත ජාතියටම කරන නින්දාවක්. මේ පුද්ගලයාව හමුදා සේවයෙන් ඉවත් කොට දැඩි දඬුවම් ලබා දිය යුතුමයි. මේ සම්බන්ධව ගරු, නීතීඥවරුන්ගේ සහ ගරු, අධිකරණයේ අවධානය යොමුවේවා!!
හමුදා මාද්‍යය ප්‍රකශකගෙ කාවෙන්නම් පෙන්නෙ අපක්ශපාති පරික්ශනයක්ම කරයි වගෙ! දේශපාලකයින්ගෙ වැරදි වහන්න ගිහිල්ල හමුදා නිලඇඳුමටත් මහ අගවුරවයක් කරනව. සමහර නිල බලයෙන් ඉඩිමුනු දේශපාලන අතවැසියො.
යුද්ධය නොමැති නිසා ආමි එකේ මොරාල් එක බස්සන්න වෙනත් ක්‍රම හොයන්න වෙයි. පසුගිය දවස්වල බොක්සින් ශූරයෙකුත් කරළියට ආවා..
රට බංකොළොත් කරපු කාලකණ්ණින්ට තමයි ගහන්න තියෙන්නේ.. බඩගින්නේ පාරේ කෑ ගහන අහිංසක මිනිස්සු නෙවෙයි.
පරීක්ෂණ පවත්වනවා කිව්වාට පවත්වපු පරීක්ෂණයක ප්‍රථිපලය ගැන නම් අපිට අහන්න ලැබෙන්නේ කලාතුරකින්...
වැදිච්ච පාරට අර මනුස්සයාට හොඳටම හොඳ වෙන්න ඇති...!
කුරුණෑගල ගණන්කාරයාගේ ඌෂ්ණේ ගහලාද මන්දා? හමුදා පාලනයක් තිබ්බොත් කොහොම තියෙයිද? අපේ රටේ පොලිසියේ රාජකාරිය අත්දෙක තදින් අල්ලාගෙන ඉන්න කෙනෙකුට පයින් පහර දෙන එක දිහා කට ඇරගෙන බලාගෙන ඉන්න එකද? කලින් වුණු දේවල් නොවේ. මෙදා පාර රඹුක්කන සහ කන්දකාඩුවේ වුණු දේවල් මේ මිනිස්සු ගණනකට ගන්නේ නැතුවා වගෙයි පෙනෙන්නේ....!
තවත් එක කාලකන්නියෙක්. හමුදාවේ ගෞරවය කෙලෙසනවා. සිවිල් වැසියන්ට අත තැබීමට මෙයාට ඇති අයිතිය කුමක්ද..?
පා පහර කාපු මනුස්සයාට දැන් බඩගින්න දැනෙන එකක් නෑ ආයේ කවදාවත්...
එතැන පොලිස් ශ්‍රමිකයින් සිටියා නම්, අර හමුදා ශ්‍රමිකයා අත්අඩංගුවට ගන්නවානේ... එතැන ඉන්නේ පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමෙන් සැරසුණු පිරිසක් වගේ පෙනෙන්නේ...!
මේ වෙලාවේ අපිට තියෙන්නේ තෙල් නැහැ කිව්වොත් ගෙදර එන එකයි. කලබල ඇති කරගන්න නෙමේ. ඔවුන්ව රහ අවුස්සා ප්‍රශ්න ඇති කරන්න හිතාමතා සැරිසරන පිරිසක් ඔබව අවුස්සා එතැනින් මග අරින්න පුළුවන්... අවසානයේ ඝට්ටනයට මැදිවන්නේ අහිංසක පවුලක් රකින කෙනෙක්... අපිට නොකා නොබී ඉන්න බැහැ. දවසක්වත් ඉන්න බැහැ. මේ රටේ වෙච්චි දේවල් වලට වගකියන්න ඕනෑ අපිමයි. අපි තමයි රට හදන තැනට පුද්ගලයන් ඇරියේ... ඇරපු කට්ටිය රට බංකොළොත් වුණායින් පස්සේ අවුරුදු 20ක් විතර නිදාගෙන ඉඳලා දැන් බලය ගන්න පොරකනවා. ඒ බලයට පොරකන හැමෝටම පිටරට පවා දේපළ තියෙනවා. නමුත් මිනිස්සු හාමතේ... ආරක්ෂක අංශත් හාමතේ... වැරැදි තියෙන්න පුළුවන්..., නමුත් ත්‍රස්තයින් වෙන්න යන්න එපා. තවත් පහළට වැටෙනවා.
හමුදාවේ පරීක්ෂණ ගැන ජනතාවගේ විශ්වාසයක් නැහැ. මේ ගොයියාට ක්‍රිමිනල් උසාවියේත් නඩුවක් දමන්න. කුමන විදියකින් හෝ මොහුගේ රැකියාව නැති වුණොත් මොහු නිකම්ම නිකන් කෙනෙක්. ඉතිරි හරිය පස්සේ කියන්නම්...