IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


හමුදා කෝප්‍රල්වරයකු හා තවත් පුද්ගලයකු පුත්තලමෙන් කුරුණෑගලට

හිරාන් ප්‍රියංකර ජයසිංහ

පුත්තලම තබ්බෝව යුද හමුදා කදවුරේ සේවය කරමින් සිටි කෝප්‍රල්වරයකු හා ඉන්දුනීසියාවේ සංචාරයක නිරත වු අයකු කොරෝනා රෝග ලක්ෂණ මතු කිරීමත් සමග ආරක්ෂීතව පුත්තලම මුලික රෝහලින් කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත යැවීමට කටයුතු කළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි .

යුද හමුදා කෝප්‍රල්වරයා තබ්බෝව කඳවුරේ සේවය කරමින් සිටියදී ඇතිවු අසනීප තත්වයත් සමග තබ්බෝව රෝහලට ඇතුළත් කර ඉන් පසුව පුත්තලම මුලික රෝහලට ඇතුලත් කර ඇති බව කියයි.

ඒ සමගම ඉන්දුනිසියාවේ හා තායිලන්තයේ සංචාරයක නිරත වි පැමින යම් රෝග ලක්ෂණ පෙන්නුම් කල පුත්තලම නගරයේ මුස්ලිම් ජාතිකයකු ද පුත්තලම මුලික රෝහලට ඇතුළත් කර තිබිණි.

මෙම දෙදෙනාම කෝවිඩ් 19 ( කොරෝනා ) රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමත් සමග රෝහල් ආරක්ෂීතව පුත්තලම මුලික රෝහලින් කුරුණැගල ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබේ .

මේ පිළිබදව කළ විමසීමේදි පුත්තලම රෝහල් අධ්‍යක්ෂ සුමිත් අත්තනායක මහතා පැවසුවේ මෙම දෙදෙනාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව යම් සැක සංකා මතු වීමත් සමග වහාම අදාල තත්වය තහවුරු කර ගැනීමට කුරුණෑගල යැවීමට කටයුතු කළ බවයි.



අදහස් (3)

හමුදා කෝප්‍රල්වරයකු හා තවත් පුද්ගලයකු පුත්තලමෙන් කුරුණෑගලට

de silva Saturday, 28 March 2020 06:46 AM

අනිවාර්යයෙන්ම පිටරටින් එන සියලු දෙනාම රජයේ නිරෝධන මධ්‍යස්ථාන තුල නිරෝධනය කරන්න. එහෙම නැතුව නිරෝධායනය වෙන්න කියල ගෙදරනම් යවන්න එපා. වෙන්නේ විනාශයක්. අර පිටරට් හිරවෙලා ඉන්නවා කියන කණ්ඩායම් අනිවාර්යයෙන්ම සතියක් දෙකක් එහෙම ඉන්න අරින්න. මේ නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩකඩ ඉදිරියට රට තුළම ඉන්න පුද්ගලයෝ නිරෝධායනය කරන්න අවශ්‍ය වේවි.

:       1       28

Anura Saturday, 28 March 2020 08:21 AM

ඔය දෙවෙනියට රෝහල්ගත්කරපු පුද්ගලයන් වැනි කට්ටිය ගැන මෙයිට වඩා සෙවිල්ලෙන් හිටියොත් හොඳයි , ඒ ගොල්ලෝ හැමතිස්සෙම රටරටවල් වලට යනවා , කියන කිසිම දෙයක් පිළිපදින්නේ නැහැ , පකිස්ථානෙත් 22 තිබ්බ රෝගීන් ගණන එක සතියකින් 1400 වෙලා තියෙන්නේ ඒ ගොල්ලන්ගේ අනුවන වැඩ නිසා තමයි

:       0       0

APPUHAMY Saturday, 28 March 2020 10:48 AM

ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සෞඛ්‍ය ඇතුළු අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජික/සාමාජිකා වන් ගැන ඉදිරියට අහෝ දෙවියනි! මෙවන් පුවත් නම් අසන්නට නොලැබේවා!!! ඔවුන් ත්‍රිවිධ රත්නත්‍රයේ ආශීර්වාදයෙන් නිඹඳව රෑකේවා!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 155 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 301 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 649 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site