IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


හමුදා කපිතාන් යතුරු පැදිකරුගේ කන පළයි

(සුමිත් පොතුපිටිය)

යුද හමුදා කපිතාන්වරයකුගේ පහරදීමක් හේතුවෙන් යතුරු පැදිකරුවකු කනට බරපතල තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කර ඇත.

මෙසේ පහරකෑමට ලක්ව රෝහල් ගතකර ඇත්තේ පානදුර , අළුබෝමුල්ල, 39 හැවිරිදි පුද්ගලයකු බව සදහන් වේ.

කපිතාන්වරයා මෝටර් රථයකින් ගමන්කර ඇති අතර , පහරකෑමට ලක්වූ පුද්ගලයා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී එකිනෙක ගැටීමට ගොස් දෙදෙනා අතර කතාබහක් සිදුව ඇත.

එහිදී කපිතාන්වරයා පානදුර කවිරාජ මාවත ප්‍රදේශයේ දී සිය මෝටර් රථයෙන් බැස යතුරුපැදිකරුගේ කනට වැරෙන් පහරදී ඇති බව සදහන් වේ.

කනෙන් ලේ වැගිරෙමින් පානදුර මූලික ප්‍රතිකාර ඒකකයට ඇතුලත්ව ඇති බවත් කන් බෙරයට හානි සිදුව ඇති බවට විශ්වාස කරන බවත් රෝහල් ප්‍රකාශයා වැඩිදුරටත් පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන්  කොස්ගම, සාලාව ස්වෙච්ඡා බළසේනා මූලස්ථානයේ  මාණ්ඩලික නිළධාරියකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කරයි.

 



අදහස් (6)

හමුදා කපිතාන් යතුරු පැදිකරුගේ කන පළයි

D P P Prasad Thursday, 04 August 2022 10:07 PM

හමුදා නිලධාරීන් අනවශ්‍ය බලතල ආරුඪ කරගනිමින් සාමාන්‍ය ජනතාව පීඩාවට පත්කරන අවස්ථා බොහෝමයි. සමහර හමුදා සොල්දාදුවන් ඒ අය සමාජයේ ඉහළ තලයක සිටිනා බව තමයි නිතර සිතන්නේ එහෙත් ඔවුන්ද සාමාන්‍ය පුරවැසියන් නිතීයට යටත් පොලිසියේ යුතුකම තමයි මෙවැනි අන්ධ බාලයන්ට එරෙහිව නිතීය ක්‍රියාත්මක කිරීම...

:       0       0

Santhu Friday, 05 August 2022 01:35 AM

නිලධාරියා අත්අඩංගුවට ගන්න ඕන තමයි. එහෙමනේ වෙන්න ඕනෑ...

:       1       0

Rocky Friday, 05 August 2022 05:35 AM

හමුදා නිලධාරියාට දැඩි දඬුවම් දිය යුතුයි. කොහොමද මේගොල්ලන්ගේ තියෙන පවර් එක... දැනටම?

:       0       1

සමිත සේනක අලුත්ගමගේ. Friday, 05 August 2022 07:23 AM

රාජපක්ෂවරුන් තම බලය පවත්වාගෙන යාමට යෙදූ එක්තරා උපක්‍රමයක් තමයි රණවිරුවන් ගැන නිතර කියවමින්, උත්සව තබමින් හමුදා අංශ අනවශ්‍ය ලෙස පුම්බා තැබීම. මේ හේතුව නිසා නිතර නිතර අනවශ්‍ය ලෙස පිම්බීම නිසා සමහර හමුදාඅංශ රටේ ජනතාව ගැන තිබූ ගෞරවය නැතිකර ගත්තා වෙන්නට පුළුවන්... එසේම රණවිරු ගාය වැළඳුනු ඇතැම් හමුදා අංශ උඩඟුකම හිසට ගෙන සිදුකරන, රටේ සිවිල් නීතියට, මහජනතාවට අහිතකර මෙවන් දේ වැළකීම යුද හමුදා පොලීසියේ හා අනෙකුත් වගකිවයුතු අංශවල වගකීමක්...

:       0       3

kamal Friday, 05 August 2022 01:25 PM

මේ ගොල්ලන් දැන් මෙහෙම කරාට උතුරේදී නියම විදියට නීතිගරුකව වැඩ කළා.

:       0       1

බුද්ධික Friday, 05 August 2022 04:07 PM

බහුතරයක් හමුදා අය හොඳයි... ඒ අතර මේ වගේ අයත් ඉන්නවා. එහෙම අය හමුදාවේ නම කනවා..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 544 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1071 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site