(සුමිත් පොතුපිටිය)
යුද හමුදා කපිතාන්වරයකුගේ පහරදීමක් හේතුවෙන් යතුරු පැදිකරුවකු කනට බරපතල තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කර ඇත.
මෙසේ පහරකෑමට ලක්ව රෝහල් ගතකර ඇත්තේ පානදුර , අළුබෝමුල්ල, 39 හැවිරිදි පුද්ගලයකු බව සදහන් වේ.
කපිතාන්වරයා මෝටර් රථයකින් ගමන්කර ඇති අතර , පහරකෑමට ලක්වූ පුද්ගලයා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී එකිනෙක ගැටීමට ගොස් දෙදෙනා අතර කතාබහක් සිදුව ඇත.
එහිදී කපිතාන්වරයා පානදුර කවිරාජ මාවත ප්‍රදේශයේ දී සිය මෝටර් රථයෙන් බැස යතුරුපැදිකරුගේ කනට වැරෙන් පහරදී ඇති බව සදහන් වේ.
කනෙන් ලේ වැගිරෙමින් පානදුර මූලික ප්‍රතිකාර ඒකකයට ඇතුලත්ව ඇති බවත් කන් බෙරයට හානි සිදුව ඇති බවට විශ්වාස කරන බවත් රෝහල් ප්‍රකාශයා වැඩිදුරටත් පැවසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගම, සාලාව ස්වෙච්ඡා බළසේනා මූලස්ථානයේ මාණ්ඩලික නිළධාරියකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදා නිලධාරීන් අනවශ්‍ය බලතල ආරුඪ කරගනිමින් සාමාන්‍ය ජනතාව පීඩාවට පත්කරන අවස්ථා බොහෝමයි. සමහර හමුදා සොල්දාදුවන් ඒ අය සමාජයේ ඉහළ තලයක සිටිනා බව තමයි නිතර සිතන්නේ එහෙත් ඔවුන්ද සාමාන්‍ය පුරවැසියන් නිතීයට යටත් පොලිසියේ යුතුකම තමයි මෙවැනි අන්ධ බාලයන්ට එරෙහිව නිතීය ක්‍රියාත්මක කිරීම...
නිලධාරියා අත්අඩංගුවට ගන්න ඕන තමයි. එහෙමනේ වෙන්න ඕනෑ...
හමුදා නිලධාරියාට දැඩි දඬුවම් දිය යුතුයි. කොහොමද මේගොල්ලන්ගේ තියෙන පවර් එක... දැනටම?
රාජපක්ෂවරුන් තම බලය පවත්වාගෙන යාමට යෙදූ එක්තරා උපක්‍රමයක් තමයි රණවිරුවන් ගැන නිතර කියවමින්, උත්සව තබමින් හමුදා අංශ අනවශ්‍ය ලෙස පුම්බා තැබීම. මේ හේතුව නිසා නිතර නිතර අනවශ්‍ය ලෙස පිම්බීම නිසා සමහර හමුදාඅංශ රටේ ජනතාව ගැන තිබූ ගෞරවය නැතිකර ගත්තා වෙන්නට පුළුවන්... එසේම රණවිරු ගාය වැළඳුනු ඇතැම් හමුදා අංශ උඩඟුකම හිසට ගෙන සිදුකරන, රටේ සිවිල් නීතියට, මහජනතාවට අහිතකර මෙවන් දේ වැළකීම යුද හමුදා පොලීසියේ හා අනෙකුත් වගකිවයුතු අංශවල වගකීමක්...
මේ ගොල්ලන් දැන් මෙහෙම කරාට උතුරේදී නියම විදියට නීතිගරුකව වැඩ කළා.
බහුතරයක් හමුදා අය හොඳයි... ඒ අතර මේ වගේ අයත් ඉන්නවා. එහෙම අය හමුදාවේ නම කනවා..