(නිමල කොඩිතුවක්කු )
හෝමාගම දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා නව මන්දගාමී දුම්රියක් අනිද්දා (05) දිනයේ සිට දිනපතා ධාවනයට යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ අනුව මෙම නව දුම්රියේ මංගල ගමන ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා පෙරවරැ 7.00ට හෝමාගම දුම්රිය ස්ථානයෙන් ආරම්භ වේ.
මෙම දුම්රිය පස්වරු 6.10 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීමට නියමිත අතර පස්වරු 7.15 ට හෝමාගම දුම්රිය ස්ථානයට ළඟාවීමට නියමිත බවත් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) වී. එස්. පොල්වත්තගේ මහතා සඳහන් කරයි.
කැළණිවැලි දුම්රිය මාර්ගයේ පවතින අධික මගී තදබදය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව මෙම පියවර ගත් බවද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට නම් විකාර... මේකේ දුවන්නේ මන්දගාමී ඒවා තමයි. ආයි අලුතින් දාන්න දෙයක් නැහැ.
දුම්රිය දෙපාර්තමේන්තුව මගී තදබදය කියන්නේ මොකක්ද කියලා දන්නේ නෑ. මගී තදබදය දකින්න කොළඹ කොටුව වේයන්ගොඩ හෝ පානදුර දක්වා යන දුම්රියක බලන්න. දුම්රිය සේවා වැඩි කළ යුත්තේ මෙම කොටසේ. ඒක නොකර පිස්සු වැඩ කරනවා.