(කේ. බුද්ධික කුමාරසිරි)
නවගමුව පත්තිනියාවත්ත ප්‍රදේශයේ අසපුවක වැඩ විසූ ස්වාමීන් වහන්සේ නමක් උන් වහන්සේ විසින් ම සාදා ගත් චිතකයක් මත සැතපී ගිනි තබා ගෙන අපවත් වී ඇතැයි නවගමුව පොලිසිය පවසයි.
මෙලෙස අපවත්ව ඇත්තේ 81 හැවිරිදි හිමිනමකි.
වර්ෂ 2004 දී මහණ දිවියට පත් උන් වහන්සේ අමිත අරණ නම් අක්කර එකහාමාරක් පමණ වන අසපුව වැඩ සිට ඇති අතර මින් පෙරද එම අසපුව අසල චිතකයක් සාදාගෙන සිට ඇති බවත් පසුව පසුගිය ජනවාරි මාසයේදී නව චිතකයක් ආවාස ගෙය අසලම ඉදි කර ගෙන තිබී ඇතැයි ද එම චිතකය මත හිද ගිනි තබාගෙන ඇතැයි සිදුකල පරීක්ෂණ වලදී අනාවරණය වී ඇතැයි ද නවගමුව පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිවි නසාගැනීම මහා පාප කර්මයකි. එවැන්නෙකුට ගරුකිරීම බුදුදහමට කරන නිගාවකි.
මානසික ආබාධයකින් පෙළුන අයෙක්
කව්රුහරි කරපු දෙයක් වෙන්නත් බැරි නෑ. පණපිටින් කාටද ගිනිතියාගන්න පුළුවන්. ටිකක් පිච්චේනකොට නැගිටලා දුවනවා.
පොල්ගහවෙලට සම්බන්ධ අසපුවක්ද.
සියදිවි නසා ගැනීම ප්‍රාණඝාත අකුසලයක් නෙමේ. රේරුකානෙ චන්දවිමල හාමුදුරුවන්ගේ ධර්ම විනිශ්චය පොතේ තියෙනවා.
ධර්මය වැරැදි තැනින් අල්ලාගන්න එපා කියලා තථාගතයාණන් වහන්සේ දේශනා කළේ මේ නිසයි….
රූපාවචර 4 වන ධ්‍යානය ඇති මුනිවරුන් හෝ නිර්වාණ ධාතුව සම්පූර්ණයෙන්ම අවබෝධ කළ උත්තරීතර රහතන් වහන්සේලා තමන් කැමති වේලාවක මරණයට පත් වෙති...
රූපාවචර 4 වන ධ්‍යානය ඇති මුනිවරුන් හෝ නිර්වාණ ධාතුව සම්පූර්ණයෙන්ම අවබෝධ කළ උත්තරීතර රහතන් වහන්සේලා තමන් කැමති වේලාවක මරණයට පත්වෙති.