( නිමල් ජයරත්න )
හබරණ,කැලය මැද ගිනිගමින් තිබූ කැබ් රියක තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගැනීමට හැකිවූ බව මින්නේරිය පොලිසිය කියයි.
හබරණ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ හතේ කණුව සහ බටුඔය අතර කිලෝමීටර් 38 කණුව අසල ආසන්නයේ කැලෑවේ යමක් ගිනි ගන්නා බවට මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු මින්නේරිය පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව මෙම ගිනි ගනිමින් තිබෙන කැබ් රථය මින්නේරිය පොලීසිය විසින් සොයා ගෙන ඇත.
ඊයේ (25 ) රාත්‍රී 10 ට පමණ මෙම ගින්න හට ගෙන ඇති අතර ගිනි ගන්නා අවස්ථාවේදී කැබ් රථය හබරණ දෙසට මුහුණලා නතර කොට තිබී ඇති අතර එහි වෙනත් කිසිදු පුද්ගලයෙකු සිට නොමැති බව මින්නේරිය පොලීසිය පවසයි.
පුද්ගලයෙකු ඝාතනය කොට ඔහුගේ සිරුර කැබ් රථය තුල දමා පිලිස්සීම සඳහා කැබ් රථය මෙම ප්‍රදේශයට ගෙනවිත් ඊට ගිනි තැබීමට කටයුතු කරේද යන්න පොලීසිය විසින් සැකකරයි.
මෙම ගිනි ගැනීමට ලක්වූ කැබ් රථය කොළඹ ප්‍රදේශයේ පදිංචි පුද්ගයෙකුට අයත් කැබ් රථයක් බවට පොලිසිය විසින් සොයා ගෙන ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් අර තාජුදීන් එක වගේ .... මේ දවස්වල හැමතැනම වෙඩි තියල යනව... සියදිවි හානි කරගන්නව 90% විතර දේශපාලුවන්ගෙ කුණුගොඩවල් සුද්ද කරනව වගෙ....
රාජපක්ෂ ක්‍රමවේදයට අනුව වෙනත් අයත් ක්‍රියාකරන බව පෙනී යයි.
තාජුඩීන් ආකාරයේ මරණයක්…..
මේක තාජුඩීන් කේස් වගේ.
ඔය වැඩේටත් රාජපක්ෂලා හවුල් කියලා කතාවක් යයිද දන්නේ නෑ