
(අංජුල මහික වීරරත්න)
ඉවසීම හා නිහඬතාවය තියුණු ආයුධ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පවසයි.
මීලාදුන් - නබි උත්සවය වෙනුවෙන් ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ එකල සමාජයේ ඉස්ලාම් දහම පිළිබඳ පණිවිඩය ඉදිරිපත් කිරීමේ දී නබි නායකතුමා ලද කටුක අත්දැකීම් සුළුපටු නොවන මොහොතක වුවද ඉවසීම හා නිහඬතාවය එතුමාගේ තියුණු ආයුධ වූ බවයි.
නබි නායකතුමා පෙන්වා දුන් වටිනාකම් සමඟ අනුගතව රට ඉදිරියේ ඇති අභියෝග ජය ගනිමින් දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමේ ගමන් මඟ ශක්තිමත් කර ගැනීමට අත්වැල් බැඳ ගනිමු යැයි සියලු ශ්‍රී ලාංකික සහෝදර ඉස්ලාමීය ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
255
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොඳම අවිය ඉවසීම, නිහඬතාවයයි
අක්‍රම් Thursday, 28 September 2023 10:06 AM
ඉවසපු හැටි දැක්කා 83දී, බටලන්දෙදි, මිලේනියම් සිටි වලදි, මහ බැංකු කොල්ලෙදි, පාස්කුවෙදි. මේ රටේ මිනිස්සුන්ට ඉවසීම කියලා දෙන්න එපා පිං ජනපති. මිනිස්සු ඉවසුවේ නැත්නම් අද උඹලා ඔතන නෑ.
ලුම්බිණි Thursday, 28 September 2023 10:38 AM
ඒ කියන්නේ අපිට ඉවසගෙන ඉන්න කියලද?
මහින්දසිරි Thursday, 28 September 2023 11:14 AM
ඉවසමනා දහස් වටී කියලා අතීතයේ රජ කෙනෙකුගේ පුරෝහිතයෙක් කිව්වලු.ඒ උපදේශයේ බොහෝ දෙනෙක් දන්නෙ ඇවිද්ද පය දහස් වටී කියන කොටස විතරයි
sene Thursday, 28 September 2023 11:50 AM
හොඳම අවිය තැනින් තැන වාචාල නොකියා සිටීම.
Rata Perata Thursday, 28 September 2023 12:21 PM
මේ මනුස්සයාට නම් ඇත්තටම මානසික රෝගයක් තියනවා.එහෙම නැත්නම් අතීතය අමතක වෙන ලෙඩක් තියනවා .කරන්නේ එකක් ,කියන්නේ එකක්
පිං ජනා Thursday, 28 September 2023 12:34 PM
අනුන් ට දෙසනවා, තමුන්ගේ ත් ලඟ ඉන්න වසලයන් ගේ ත් වාචාල කම ඉහ වහ ගිහින්.
Dharmatileke Thursday, 28 September 2023 01:08 PM
ඉවසීමත් සීමාවක් තියනවා .නිහඬව සිටීම නිවට කමක්
sarath Thursday, 28 September 2023 01:44 PM
අපි ඉවසලා ඉන්නම්... උපරිම තව මාස 10ක්... ඉන් පස්සේ ජනාධිපතිවරණයට දින නියම කරලා ඔයා ගෙදර යන්න සූදානම් වෙන්න. නැතිනම් අපි ගෝඨාභය බලන්න ආවා වගේ ඔබ හමුවෙන්න එනවා කොළඹ.
Rohana Thursday, 28 September 2023 03:04 PM
සමාජ මාධ්‍යවල කටවහන්න හදන්නේ ඔය කියන ඉවසීම ප්‍රගුණ කළනිසා වෙන්න ඇති...!
විජිත් Thursday, 28 September 2023 06:06 PM
විකාර තමයි...!
ගමේ එකාලා Thursday, 28 September 2023 06:20 PM
මේවාට තමයි කියන්නේ වැදිබණ කියලා. ඉවසීමෙන් දැන් සැනසීම ලැබිලාද තියෙන්නේ? ඒක වෙන්ඩැති කලින් පාස්කු ප්‍රහාරය ගැන දැනගෙනත් මොකුත් නොදන්නවා වගේ උන්නේ?
Mh Mohan Thursday, 28 September 2023 06:31 PM
තැනේ හැටියට කපටි කතාවක් කියලා මාරුවෙන හාදයෙක්...