
(අංජුල මහික වීරරත්න)
අනාගතයට ගැලපෙන දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය රටේ නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
හලාවත කිරිමැටියාන බෞද්ධ බාලිකා ජාතික පාසලේ අභිනවයෙන් ඉදිකරන ලද තෙමහල් ගොඩනැඟිල්ලේ පළමු අදියර සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට අද (14) පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කීය.
දුෂ්කර ආර්ථික තත්ත්වයක් හමුවේ වුවද අධ්‍යාපනය වෙනුවෙන් ලබාදිය යුතු ප්‍රතිපාදන වෙන් කිරීමට රජය කටයුතු කළ බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා රටේ ශක්තිය අධ්‍යාපනය වන බවද අවධාරණය කළේය.
අපොස උසස් පෙළ විභාගයෙන් ඉහළ දක්ෂතා දැක්වූ විද්‍යාලයේ සිසුවියන් වෙත තිළිණ ප්‍රදානය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ද සිහිවටන තිළිණයක් පිළිගැන්විණ.
මෙම නව ගොඩනැඟිල්ලේ පළමු අදියර වෙනුවෙන් රුපියල් මිලියන 450ක මුදලක් වැය කර තිබෙන අතර, එම මුදල රජය සහ දෙමාපියන් විසින් ලබා දී තිබිණි.
ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් සම්පූර්ණ කර දෙන ලෙස සිසුවියන් කළ ඉල්ලීම අනුව අදියර දෙකක් යටතේ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සම්පූර්ණ කර දීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
ආණ්ඩුවක වගකීම වන්නේ රට සංවර්ධනය කිරීම බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙය සටන් පාඨ කියමින් කාලය ගත කිරීමට හැකි යුගයක් නොවන බවද අවධාරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලයක් රටේ අධ්‍යාපන ඇමති වෙලත් උන්නා නේද? ඒකාලේ අමතක වෙලා තිබිලා මේ ඡන්ද කාලේ එකපාරටම මතක් උනේ කොහොමද?
ඔය කතාව ලොක්ක 1977 ඉදන් කියන්නෙ. ඒක හින්ද දරුවනේ අම්මල තාත්තලට කියන්න ඔය සීය කියන බොරු වලට රැවටෙන්න එපා කියල. ඉස්කෝලෙක තෙමහල් ගොඩනැගිල්ලක පලමු අධියර කියන්නෙ එක තට්ටුවයි හදල තියෙන්නෙ. ඒක විවුර්ත කරන්නත් රටේ ජනාධිපති එනව කියන්නෙ පොර වැටිල තියෙන තැන පේනවනෙ. ඔය එන්නෙ පුතේ ඡන්ද පෙරේතකමට. දරුවන්ට ආදරේ තියෙන සීය කෙනෙක් නම් දරුවන්ගෙ කෑම බීමට ඉගෙනගන්න ගන්න දේවල් වලට අසීමිත ලෙස් බදු ගහන්නෙ නෑ.
ඒ බව පේනවා... දැන් පාසල්වල ඉන්න ළමයි විතරක් නෙවෙයි, ගුරුවරුන් ද නන්නත්තාර වෙලා... යන්නේ කෙහේද කියලා දන්නෑ.. අධ්‍යාපනය එහෙම පිටින්ම ගිනි ගොඩක්.. සියලු දෙනා අනාථයි...
තමුන් වසර 40කට වැඩි කාලයක් දේශපාලනේ කෙරුවා. අධ්‍යාපන ඇමැති වෙලත් උන්නා. කරපු හරිය අපි නොදන්නවා නෙවෙයි. අනාගත්තු එකයි කෙරුවේ... මහින්ද ආසියාවේ ආශ්චර්යය පෙන්වනවා කියලා කිව්වෙත් ඔහොම තමයි..
මෙයා ඡන්ද හිඟාකනවා. වැඩ කරනවා නම් දැන් බලේ තියෙන්නේ...!
A-Level කරන ළමයින්ට පාඩම් කරන්න විදුලිය දුන්නේ නැති කෙනා කියනවා "හොඳම අධ්‍යාපන ක්‍රමයක් දරුවන්ට දෙනවා" කියලා. අපි මේවාට හිනා වෙන්න ඕනේ කොහෙන්ද?
චාමර අපි කුහක නොවී කතාකලොත් විද්‍යාපීට ක්‍රමය හඳුන්වාදීම , ජාතික අධ්‍යාපන ආයතනය ඇතිකිරීම , නොමොලේ පාසල් පෙළ පොත් ලබාදීම ,අපොස සාමාන්‍ය පෙළ හා උසස්පෙළ විභාග හඳුන්වාදීම වගේ දේවල් කලේ කවුද කියලත් කතාකරමු නේද ? ඒ වගේම නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් වී විද්‍යාලවලට එන දරුවන්ට අධ්‍යාපනය එපා කරවන් නවක වදය , සරසවි සිසුවාට තිබුණු සමාජ පිළිගනිම බින්දුවට බැස්සවීම , වසරකට අඩුම ගණනින් දින 7 අටකින් වත් ගුරුවරුන් පාරට බස්සවා දරුවන්ගේ අධ්‍යාපනයට බාධාකරවිම වගේ කුපාඩි වැඩ කරවන්නේ කවුද කියලත් දන්නවා ඇතිනේ .
රටේ දරුවන් ගෙන් වැඩි හරියකට මන්ද පෝෂණය ? අද්‍යාපන කෙහෙල් මළක් ගැන කයිවාරුව නම් තියෙනවා
ලලිත් හා චාමර දෙන්නාම ඊයේ පෙරේදා උපන් නොදරුවො කියලා හිතෙනවා ඇත්තටම 1977 කාලය වනවිට ලංකාවෙ කොළඹ කොහොම වුනත් අනෙක් ප්‍රදේශවල ඉංග්‍රීසි ඉගැන්වීම නොතිබුණු තරම් කියන්න පුළුවන් එහෙම නිසා රනිල් මැතිතුමා අධ්‍යාපන නියෝජ්‍ය ඇමති ලෙසට ඩෙලික් මධ්‍යස්ථාන ආරම්භ කර ඉංග්‍රීසි සමත්වෙලා හිටපු තරුණ තරුණියෝ සදහා පාඨමාලා ආරම්භ කර අවශ්‍ය ඉංග්‍රීසි ගුරුවරු පාසැල් වලට ලබා දුන්නා ඒ කාලය වනවිට ලංකාවෙ තිබුනෙ විශ්ව විද්‍යාල කීපයක් වුනත් එතුමා හිටපු ආණ්ඩුව මගින් විශ්ව විද්‍යාල කීපයක් අලුතින් ඇතිකලා ඊළඟට පුහුණු ගුරුවරු ඇතිකිරීමට විද්‍යා පීඨ ඇතිකලේ එතුමාගේ කාලයේ තමයි එහෙම බලනකොට රනිල් මැතිතුමා තරම් අධ්‍යාපනය සේවයක් කල වෙනත් කිසිවෙක් ලංකාවෙ නම් හිටියෙ නැහැ ඒක එහෙම වුනත් විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් වෙලා සිටින දරුවන්ට තමන්ගෙ උපාධිය වෙනුවෙන් සහතික ගැනීමට බාධාවක්ව පවතින දැනට මාස දෙකක් පමණ ගතවී තියෙන අනධ්‍යන සේවක වර්ජනය අවසන් නොකිරීම නම් දරුවන්ට පමණක් නොවෙයි දෙමාපියන්ට පවා පීඩාවක් වෙලා තියෙනවා කොහොම වුනත් රජයේ විශ්ව විද්‍යාල ලංකාවෙන් අතුරුදන් වීමට මේ අනධ්‍යන වර්ජනය හේතුවක් වෙනවා කියලා කියන්න පුළුවන්