
(නිමල් ජයරත්න)
පොළොන්නරුව ජලගැලීම් ජාතික වනෝද්‍යානයේ හඳපාන්විල විල්ලුවේ ඕඩේ ඇළ ප්‍රදේශයේ ස්ථාන කිහිපයක මීට දින කිහිපයකට ඉහතදී මියගිය වන අලින්ගේ සිරුරු හතක් සොයා ගත් බව වනජීවි නිලධාරීහු සහ පරිසරවේදීහු සඳහන් කරති.
අවුරුදු 8, 9,10 යන වයසේ අලි පැටවුන් පස් දෙනකු සහ අවුරුදු 30, 35 පමණ වයසේ පසුවන වන අලින් දෙදෙනකුගේ සිරුරු ඒ අතර වන බව ඔවුහු සඳහන් කරති.
හඳපාන්විල විල්ලුවේ ඕඩේ ඇළ ප්‍රදේශයේ කිලෝ මීටර් ගණනාවක් දිගට ජපන් ජබර ඇතුළු විවිධ ශාක පැළෑටි පිරී පවතින බවත් එහි ස්ථාන කිහිපයකින් මෙම අලින්ගේ සිරුරු හමු වි තිබෙන බවත් කියති.
අලි හත් දෙනාගේ සිරුරු නරක් වී ඇති බව ද වනජීවි නිලධාරීහු සඳහන් කළහ.
පසුගිය දින කිහිපය පුරා ප්‍රදේශයට ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හඳපාංවිල විල්ලුව පිරී ඕඩේ ඇළ හරහා මහවැලි ගඟට ජලය ගලා ගොස් ඇත. ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ සැරිසරන වන අලි රංචුවක් ඕඩේ ඇළ හරහා මාරුවීමට යෑමේදී ජලයේ සැඩ පහරට ගසාගෙන ගොස් ජපන් ජබර සහ පාසි තුළ එම අලි පැටවුන් සහ වන අලින් සිර වි මිය යන්නට ඇති බවට සැක කරන බව වනජීවී නිලධාරීහු පවසති,
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හඳපාන්විල විල්ලුවේ අලි හතක් එරී මැරිලා