
(කාංචන කුමාර ආරියදාස)
නාඋල පුබ්බිලිය ග්‍රාම සේවා වසමේ පුද්ගලයන් දෙසීයකට අධික පිරිසක් මේ වන විට හඳුනා නොගත් වකුගඩු රෝගයට ගොදුරු වී තවත් පුද්ගලයන් තිස් දෙනකු පමණ මේ වන විටත් ජීවිතක්ෂයට පත්ව සිටින බව ගම්මු පවසති.
කොන්ගහවෙල ගොවිජන සේවා මධ්‍යස්ථානයට අනුයුක්ත කාන්තා ගොවි සංවිධාන නිළධාරින් කියා සිටියේ තම ගම්මානයේ මේ වන විටත් ජනතාව පානීය ජල අර්බුදයක මුහුණ පා සිටින බවයි.
ඇලෙන් දොලෙන් ළිංවලින් තම ගම්මු ජල අවස්ථාව සපුරා ගන්නා බවත් මේව වන විටත් ගමේ බොහෝ දෙනාට වයස අවුරුදු 20 ඉකුත් වෙද්දී විවිධ හදුනා නොගත් රෝගවලට ලක් වෙමින් පවතින බව ඔවුහු පෙන්වා දෙති.
ජනතාව පවසන පරිදි මේ වන විටත් තම ගම්මානයේ දෙසීයකට අධික පිරිසක් වකුගඩු රෝගීන් ලෙස හඳුනාගෙන තවත් තිස් දෙනකු පමණ මේ වන විට වකුගඩු රෝගයෙන් මිය ගොස් තිබෙන බවද ඔවුහු පවසති.
කෙසේ වෙතත් මෙම ගම්මානයේ ජිවත්වන බොහෝ ජනතාව කිසිදු පරීක්ෂණයකට ලක් නොවී විවිද රෝගයන්වලට ප්‍රතිකාර ගන්නා බව කියති.
මෙම ග්‍රාම සේවා වසම අවට ඇති මාරාගමුව , හැළඹගහවත්ත, බඹර ගහවත්ත, මිල්ලගහමුල තැන්න, ආදී ගම්මානවල ජනතාව ද මේ ආකාරයෙන් ම හඳුනා නොගත් වකුගඩු රෝගයට ගොදුරු වෙමින් සිටින බව මෙම ජනතාව ද පෙන්වා දෙති.
කාන්තා ගොවි සංවිධානයේ ඉල්ලීම් පරිදි මෙම වෛද්‍ය සායනය සඳහා පැමිණි කොන්ගහවෙල වෛද්‍ය නිලධාරි කාර්යාලය නියෝජනය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කියා සිටියේ ජනතාවගේ ඉල්ලීම් ඉතා සාධාරණ බවත් වෛද්‍ය පරීක්ෂණ පැවැත්වීම් සඳහා මෙන්ම වකුගඩු සායනවලට අවශ්‍ය ප්‍රතිකාර කිරීමට රජය මගින් ලැබෙන ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන නිසා ජනතාවගේ පරිත්‍යාගවලින් මෙම කටයුතු සිදු කිරීමට තමන් දැඩි වෙහෙසක් දරන බවය.
මීට පෙර තමා සේවය කළ පොලොන්නරුව ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා ගත් වෛද්‍ය උපකරණ කිහිපයකින් මෙම පරීක්ෂණ කටයුතු සිදු කිරීමට ක්‍රියා කරන බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැලකියයුතු කාල පරිච්ඡේදයක් තුල නාවුල මෙන්ම ඊට ආසන්නව පිහිටි දඹුල්ල,පොලොන්නරුව හා සමස්ත උතුරු මැද පලාත තුලම මෙම වකුගඩු අකර්මණ්‍ය වීම සුලභව දක්නට ලැබිණි. මෙය මෙය වගා කටයුතු සදහා යොදා ගන්නා ඇතැම් පළිබෝධ නාශක හා වල් නාශක නිසා සිදුවන බවට යම් යම් මතවාද හා වෛද්‍ය නිරික්ෂණ ඉදිරිපත් වු බැවින් ග්‍රාමීය ගොවි ජනතාව මෙන්ම සෙසු අයද මෙම රෝගයෙන් මුදවා ගැනීම පිණිස රජයේ සෞඛ්‍ය අංශ යුහුසුළුව ක්‍රියාත්මක විය යුතුය.
ඉක්මනට මේ මිනිස්සුන්ට රිවර්ස් ඔස්මොසිස් වතුර ෆිල්ටරයක් හදලා දීපල්ලා. වකුගඩු ලෙඩ හැදෙන්නේ වතුරෙන්. රටේ සියලු ව්‍යාපෘති නතර කරල හරි මේ වැඩේ කරල දීපල්ලා. ගමේ ගොන්නුත් ඉතින් කීයක් හරි දීල මේක හදා ගනිල්ලා. ලක්ශ 15ක් විතර වෙන්නේ. මෙච්චර හරියක් වෙනකන් උඹල මොනවද යකෝ කරේ. ආ තව රසායනික පොහොර ඉල්ලලා පෙළපාලි එහෙම යනවා.
ජනතාව ගැන හැඟීමක් ඇති පාලකයෝ ජනතාව පත්කරගත්තා නම් මේ වනවිට මේ මහා ව්‍යවසනයෙන් ඔවුන් ගොඩඇවිත් රටක අවාසනාව රටේ ජනතාව බලයට ගෙනාවේම තක්කඩි අයට ජනතාවගේ දුක මතක් වෙන්නෙ ඡන්දෙ ගන්න. ඊට පස්සේ හෙන ගැහුවත් ඔවුන්ට වැඩක් නැහැ. අද සෞඛ්‍ය අංශයට වෙන්කරන මුදලින් හිතාගන්න පුළුවන්.. ඔවුන් මේවා ගැන දක්වන සැලකිල්ල... මේවාට තමයි කියන්නේ තමුන්ගේ දෑතින් තමුන්ගේ මිනීවල හාරගන්නවා කියලා...
හිටපු ජනපති නන්දසේනගේ කාබනික පොහොර විසිකරලා රසායනික පොහොර කෘමිනාශක තවතවත් වගාවට ඉහින්න. එතකොට ඔය රෝගය නිට්ටාවට සුවවෙනවා.
රසායනික පොහොර තව තවත් වැඩි වැඩියෙන් ගොවිතැන සඳහා යොදවන්න. ජෙප්පන්ගේ ආදර්ශ පාඨය ඒකයි. ගොවි සංවිධාන තව තවත් අරගල කර රසායනික පොහොර ලබාගෙන තව තව ගොවිතැන සඳහා භාවිතා කළොත් මේ ලෙඩේ නිට්ටාවටම සුව අතට හැරෙවි.
අවශ්‍ය උපකරණ මොනවාද?
It is evident that some chemical in the ground water in this village is causing kidney disease. What villagers immediately need is water supply from a good source of water. Health department should analyse the water and determine what can be done to purify the ground water, whether it is filtering or chemical treatment. There is no reason to believe that this disease is caused by fertilizer or agro chemicals as this problem has occurred only in some particular locations and not in tea or rubber plantations areas where chemical fertilizer is heavily used.