
(යොහාන් භාසුර)
පීඩාකාරී නායකත්වයෙන් රට මුදාගෙන නව නායකයකු පත්කර ගැනීමේ කාලය එළැඹ ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ අද (4) පැවසූහ.
ජාතික නිදහස් දිනය වෙනුවෙන් පුංචි බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ පැවති විශේෂ දේව මෙහෙයකදී කාදිනල් හිමියෝ එසේ පැවසූහ.
බලගතු අයට එක නීතියකුත් බෙලහීන අයට තව නීතියකුත් මෙරට ක්‍රියාත්මක කිරීමට දේශපාලඥයන් කටයුතු කිරීම නිසා රට කඩා වැටුණු බවත් ඒ හේතුවෙන් රට ආර්ථික අහේනිටත් දුප්පත්කම ඉහළ යෑමටත් පත්වූ බවත් කොළඹ අගරදගුරුතුමා පැවසුහ.
ශ්‍රී ලංකාවේ දේශපාලඥයන් තමන් පත් කරන ජනතාව මෙල්ල කර ගසා කෑමට විදේශපාලනයන්ට පැමිණෙන බව කී අගරදගුරුතුමා ශ්‍රී ලංකාව තුළ දූෂණය ජීවිතයේ කොටසක් බවට පත්කරගෙන ඇති බවද සඳහන් කළහ.
මෙරට තුළ දූෂණය පිටුදැකීමට කොමිසම් සභා සහ ආයතන කොතරම් පත් කළද දූෂිතයන්ට ලැබුණු දඬුවමක් නැති බවත් මහ බැංකු කොල්ලය, පාස්කු ප්‍රහාරය සහ උතුරු නැගෙනහිර යුද්ධය යනාදී දේවල් ගැන විභාග කිරීමට පත්කළ කොමිෂන් සභාවල වාර්තා අල්ප මාත්‍රයකින් හෝ ක්‍රියාත්මක කිරීමට පාලකයන් කටයුතු නොකළ බවත් අද අගරදගුරුතුමා සඳහන් කළහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිය වතාවෙත් රටට හිතකර නායකයෙක් ගේන එකට කාදිනල්තුමා ගොඩාක් වෙහෙසුණානේ...!
ජාතික ජනබලවේගයට ජයවේවා !!!
මෙයා ඔහොම කියලා තමයි ගෝඨාභය ගෙනාවේත්... මදිද කෙල වුණා?
මෙතුමත් වයසටද මන්දා විකාර කතා කියවනව දැන්. හොඳ නායකයෙක් පහල වෙන්න කොහේද ඉන්නෙ හොඳ නායකයො? එන්න මොකෙක්වත්ම නැති නිසා තමයි මිනිස්සු ජෙප්පො පස්සෙ යන්න අරන් තියෙන්නෙ. ප්‍රධාන පක්ශ ගත්තත්, සුළු පක්ශ ගත්තත්, නායක ගති ලක්ශන තියෙන එකෙක් ඉන්නවද.. නෑනේ.
මෙයා තමයි දැන් රටට ඉන්න ලොකුම පිළිලය... ගෝල්ෆේස් අරගලයේ ප්‍රධාන නියමුවා...
පාස්කුවෙන් මැරිච්චි අසරණයෝ මතක්කර කර තුන්වේල කාපු අය දෙවේල කන්න තත්වෙට ගෙනාපු ගෝඨාව ගෙනෙන් කියලා කිව්වේ මෙයා. දෙවේල කකා හිටපු අය එක වේල කන තත්ත්වයට ගේන්න රනිල්ව පත් කරන්න අරගල කරමු කිව්වේත් මෙයා. අනේ මේ ඔයා තව එකෙක් ගෙනාවොත් මිනිස්සු වේලිලා මැරෙන්නේ. ඒ නිසා දැන්වත් ඔයා යන තැනකට මොකක් හරි කරගන්න. ඊට කලින් බොරු රඟපෑම් වලින් මිනිස්සු මුලා කරාට දෙවියන් සමාකර ගන්න.
අනුර කුමාර දිසානායක මහත්මයා .
ඔබතුමාගේ ආශිර්වාදයට ස්තුතියි ගරු අගරදගුරුතුමනි.අපේ මුළු ගමම ජාතික ජනබලවේගයට.
මාලිමාව !!!
මෙයා හීං සීරුවේ උතුරු නැගෙනහිර යුද්ධය ගැනත් නිකම් අමුත් කතාවක් කියනවා. ඒක තමයි මෙයාලගෙ සැබෑ ස්වභාවය . කට්ටිය කොටින්ට කඩේ යන්නේ කළු බඳ පටියක් බඩ වටා බැඳගෙන.
ඔව් ලංකාවෙ කතෝලික පල්ලියට හොඳ නායකයෙක් අවශ්‍යයයි
ඒක වෙන්න ඇති මර්වින් සිලවා දඟලන්නේ කාදිනල් තුමෝ ?
අපේ රට විදේශිකයන්ට යටත් උනේ වරදාන වරප්‍රසාද වලට කතෝලික ආගම වැළඳ ගත්තු පාවදෙන්නෝ නිසා .1815 න් පස්සේ බලෙන් ඉංග්‍රීසි ඉඩම් අල්ලාගෙන හදපු පල්ලි පාසල් හදලා තියෙන්නේ හාමුදුරුවරු මරලා පන්සල් ඉඩම් බලෙන් අල්ලාගෙන . දළදා මාලිගා ඉඩමේත් මාලිගාවට එහාපැත්තෙ පල්ලියක් හදලා අදටත් තියනවා . ඉසේල්ලම කාදිනල් ඒ වැරදි නිවැරදි කරන්න ඕනේ සාධාරණ හැමට පිළිගත හැකි ආගමික නායකයෙක් වෙන්න . අරගලේ ජෙප්පොත් එක්ක ගේම ගහලා ක්‍රීකට් බෝඩ් එකේ සල්ලි වලින් NGO සල්ලි වලින් රටේ නායකයා පැන්නුවේ සාලිය පිරිස් කියන කතෝලිකයා රජ කරවන්න කියන එක අද මේ රටේ පොඩි එකත් දන්නවා
මොළය උඩ වාඩි නොවන අගරදගුරු කෙනෙක් පහළවීමේ කාලය ඇවිදින්.
හොර ,මැර ,වංචා,දුෂණ නැති රට ගැනත් ජනතාව ගැනත් සිතන කෙනෙක් ඉන්නවානම් ඒ අනුර කුමාර පමණයි.ජාතික ජනබලවේගය දිනේවා.
ක්‍රිස්තියානි ආගම වෙෙශ්‍යා වෘර්තියේ යෙදවිම නතර කරමූ!
දෙවියන් වහන්සේගෙන් මෙපිට මිනිසුන් අතරින් තවත් එක් මිනිසෙක් හොද නායකයෙක් බිහිවීම මනඃකල්පයක් පමණි.
ආගම දේශපාලනයට සම්බන්ධයක් නැහැ.
කාදිනල් උන්නැහේ කියන්නකෝ දෙයියන්ට හොඳ නායකයෙක් එවන්න කියලා. මිනිස්සු නරක විදිහට ජීවත් වෙනකාලේ දෙයියෝ ගංවතුරක් එවලා ඒ මිනිස්සු විනාශ කලා කියලා බයිබලයේ සඳහන් වෙනවා ඇයි දැන් ඒක කරන්න බැරි? අඩුම ගානේ පාස්කු බෝම්බයෙන් මිනිස්සු ටික බේරගන්න බැරි උනානේ නේද? ඉතින් තවත් මොන කතාද?
කොමුනිස්ට් බලවේග නම් එපා . දැන් කන්න අල බතල නැහැ ඉස්සර වගේ . වැවෙන්නෙත් නැහැ .
මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ කියන හොද නායකයා ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායකයි. මෙවර කතෝලික චන්ද සියල්ල ඔහුට ලැබෙනවා නොඅනුමානයි.
දෙවියන් වහන්සේ කැමති නායකයා කවුද කියලා කාදිනල් තුමා කිව්වානං අපිට පහසුයි....බෞද්ධ භික්ෂුන් දේශපාලනය කිරිමේ වරදකුත් නෑ මේ වගේ කතා කියනවානං
නිදහස් දිනයට මම දැක්කා රටේ දේශපාලකයෝ ටික එක එක වට්ටෝරු කතා මාධ්‍ය වලට ඒවා තිබුණා. ඒවා අපි හැමදාම ඒ කනෙන් අහලා මේ කනෙන් අහක දාන පිළුණු වෙච්ච කිසි ගතයුත්තක් නැති නිෂ්පල දෙඩවිලි. මම බෞද්ධයෙක් වුනත් මේ වෙලාවේ මගේ හිතට විශාල සහනයක් බලා පොරොත්තුවක් ඇතිවුනේ කාදිනල් තුමා නිදහස් දිනයේ ඒ කල දේශනය ඒ වචන ටික අහපු වෙලාවේදී. මොකද උන් වහන්සේ මේ රටත් රටේ සියලු ජාති ආගම් වල ජනතාව ගැනත් සැබෑ කැක්කුමකින් හැඟීමකින් කතා කරන පෙනී සිටින ඉතාම අවංක කාරුණික හදවතක් තියෙන මේ වගේ මොහොතක මේ රටේ සිටිය යුතුම ආගමික නායකයකු ලෙස ජනතාව වෙනුවෙන් නොබියව නොසැලී තමන්ගේ යුතුකම වගකීම කරගෙන යන නිසා.
මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාපවේවා...! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්. දෙවියන්ගේ ශාපය අත්වේවා...!
හොඳ නායකයෙකු යැයි කී පමණින් ජනතා විමුක්ති පෙරමුණ යැයි සිතා සිටින මෝඩ ජනතාවක් ඇති රටක මේවා අරුමයක් නොවේ...!
ගියපාර ගෝඨාභය ගෙනාවේත් ඔහොම තමයි..!
වෙන කවුද ඉතින්... අද රටම දන්නවා නොදත් අය බයවෙලා...!
ඒක ඉතින් ලංකාවේ වෙනවා කියන්නේ බොරු...
පහුගිය සමයේ බඩගෝස්තරවාදී බත් බැලයන් විසින් මුරුංගා අත්තේ තබා, මුලාකළ කාදිනල් හිමියන්ට දැන් යතාර්ථය අවබෝධ වෙලා වගෙයි...දැන්වත් නොමනා මිතුරු ඇසුරින් මිදී තමන්ගේ තත්වයට අනුව ක්‍රියා කරන්න.... ආගම දහම විකුණගෙන කන එවුන්ව පිළිකුල් කරන්න...බොරුවට පුජකයින්ට වන්දනාමාන කරන දේශපාලකයින් ගෙන් මිදී සැබෑ ලෙසම ධර්මයේ හැසිරෙන දේශපාලකයින්ව හඳුනා ගැනීමට කතෝලිකයින්ට උපදෙස් හා අනුශාසනා ලබා දෙන්න...
අපි සජබෙට...!
Only AKD
ඕවා නිකන් හීන විතරයි. ලබන පාරත් තව හොරෙක් රජවේවි...!