
(විමුක්ති එස් රුද්‍රිගු)
හමාස් දේශපාලන අංශ නායක ඉස්මයිල් හනියේ උතුරු ටෙහෙරාන්හි නිවසට පැමිණෙන තෙක් මරණය මාස 2ක කාලයක් බලා සිට ඇති බවත් ඔහු ඝාතනයට ලක්වී ඇත්තේ එම නිවසේ සඟවා තිබූ බෝම්බයක් පුපුරා යාමෙන් බවත් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.
ඉස්මයිල් හනියේ ඝාතනයට ලක්වූ එම බෝම්බය සිද්ධිය සිදුවූ දිනයට මාස 2 කට පමණ පෙර ඉරානයට පැමිණිවිට නවාතැන් ගන්නා එම ආගන්තුක නිවහනට හොර රහසේ රැගෙනවිත් අටවා තිබී ඇති බවත් හනියේ ආගන්තුක නිවසට පැමිණ බෝම්බය අටවා තිබූ කාමරයට ගිය අවස්ථාවේදී දුරස්ථ පාලකයක් මගින් පුපුරවා හැර ඇති බවත් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත අනාවරණය කළේය.
බෝම්බය පුපුරවා හැරීමට ප්‍රථම හනියේ බෝම්බය අටවා තිබූ කාමරයට ගොස් ඇති බවට ඝාතකයන් තහවුරු කරගෙන ඇති බව එම පුවත්පත පෙන්වා දුන්නේය.
ඉරාන ජාතිකයින් දෙදෙනකු , ඇමරිකානු නිලධාරියකු සහ මැද පෙරදිග නිලධාරීන් පස් දෙනෙකුගෙන් ලබා ගත් තොරතුරු මත නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත මෙම අනාවරණය සිදුකර ඇත.
හානියේ නවාතැන් ගත් ආගන්තුක නිවස නෙෂාට් නම් ගොඩනැගිල්ලේ කොටසක් බවත් එම ගොඩනැගිල්ල ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ අරාක්ෂාව යටතේ තිබී ඇති බවත් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සඳහන් කළේය. ඉරාන ජනපතිගේ පදවි ප්‍රාප්තිය සඳහා හානියේ ඉරානයට පැමිණ සිට ඇති බවත් නෙෂාට් ගොඩනැගිල්ල ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ රහසිගත හමුවීම් පැවැත්වීමට සහ ඉරානයට වැදගත් අමුත්තන්ට නවාතැන් දීමට භාවිත කරන බවත් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.
පිපිරීමෙන් ගොඩනැගිල්ල සෙලවී ඇති බවත් එහි බිත්තියක කොටසක් කඩා වැටී ඇති බවත් එම පුවත්පත පෙන්වා දුන්නේය. හනියේ ටෙහෙරානයට පැමිණි අවස්ථා කීපයකදීම මෙම ආගන්තුක නිවහනේ නවාතැන් ගෙන ඇති බවද නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
599
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
293
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හනියේ මලේ මාස දෙකකට කලින් සවි කළ බෝම්බයකින්
Rohana Friday, 02 August 2024 08:06 PM
රටරටවල් සමග යුද්ධයෙන් විසදුම් සොයන ඊශ්‍රායලය ලෝක සිතියමෙන් මකා දැමිය යුතුයි. ඒ වගෙම යුද්ධයට උදව්කරන ඇමරිකාවේ බයිඩන් හෙලා දැකිය යුතුයි.
Gamma Friday, 02 August 2024 09:06 PM
සිදු වෙච්චි ප්‍රහාරය පිළිබඳව උපකල්පනයක් මිසක් හරියටම ප්‍රහාරය ගැන කියන්න කවුරුත් දන්නේ නෑ... ප්‍රහාරය දියත්කළ බලකාය හැරෙන්නට. අනික ආරක්ෂාව පිට ඉන්න සතුරාව ඔහුගේ නිවහනේදීම මරා දමන්නේ සතුරු රාජ්‍යයක් තුළ... එතකොට ගහපු විදිය රහසක් තමයි හැමදාම...