
නයිජීරියාවේ ඔගුන් ප්‍රාන්තයේ සය දෙනකුගෙන් යුත් පවුලක් හූනෙකු හේතුවෙන් මියගොස් තිබේ.මෙසේ මියගොස් ඇත්තේ ජෝන් සැමුවෙල් නම් පුද්ගලයකු ඔහුගේ බිරිඳ, දරුවන් දෙදෙනා සහ තවත් නෑදෑයින් දෙදෙනෙකි.
සැමුවෙල් පදිංචි නිවසෙන් කිසිඳු ශබ්දයක් පිට නොවීම නිසා අසල්වැසියන් දොර කඩා ඇති අතර එම අවස්ථාවේ සැමුවෙල් ඇතුළු පිරිස එක් එක් කාමරවල මියගොස් සිටින අයුරු දැකගත හැකි වී ඇත.ඔවුන් නිදා සිටි අයුරින් සිට ඇති අතර ඒ හේතුවෙන් ඔවුන් නින්දේදී මියගොස් ඇතැයි විශ්වාස කළ හැකි බව ඇසින් දුටු සාක්ෂිකරුවකු පවසා ඇත . රාත්‍රී ආහාර ගැනීමෙන් පසු මොවුන් මියගොස් ඇති බවත් මරණයට හේතුව ආහාර විෂවීමක් බවත් නයිජිරියානු පොලිසිය විමර්ශන වලදී අනාවරණය කර ගෙන තිබේ.
අසල්වැසියන් නිවස පරික්ෂා කරන විට සැමුවෙල් ඇතුළු පිරිස රාත්‍රී අහාරයට ගත් සුප් භාජනයේ සිටි මැරුණු හූනෙකු සොයා ගත් බවත් මරණයට හේතුව එම හූනා බවත් නයිජීරියා මාධ්‍ය වාර්තා කර තිබේ.
034

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හූනෙක් නිසා මගේ පරිගණකය අලුත්වැඩියා කරන්නත් වුණා...
වෙන්න බෑ. අපේ හෝටල්වල කෑම හට්ටිවලට හූනෝ කොච්චර වැටිලා ඇද්ද? එක්කෝ නයිජීරියාවේ ඇත්තේ වෙනස් හූනෝ වර්ගයක් වෙන්න ඇති...!
ඕක මොකක්ද? මෙහෙ කපුටෙක් හින්දා රටම වැනසුණේ...
පවුලක් මුළු රටක්ම වනසයි
මෙකම කරන්ඩ බැරිද පාර්ලිමෙන්තු නැන්ටිමට හූනො ඒක්ක.
ලංකාවෙ නිවෙස් ආශ්‍රිතව ජීවත් වන හූනන් ද විෂ සහිතයි කියලා මම අහලා තියෙනවා
නැකතත් හූනාටමය