(රංජන් කස්තුරි)
වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් විනාශයට පත් වූ නිවාසවල හානි වූ විදුලි පරිපථ නොමිලයේ අලුත්වැඩියා කරන බව විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශය කියයි.
ඒ සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ සේවක කණ්ඩායමක් යොදවන්නැයි ඇමති රවී කරුණානායක මහතා ලංකා විදුලිබල පාලනාධිකාරියට උපදෙස් ලබා දී තිබේ.
අධික වර්ෂාව හේතුවෙන් ගස් කඩාවැටීම්, නායයෑම් ආදී හේතු මත ඇතැම් නිවාසවල විදුලි පරිපථවලට හානි සිදුව ඇතැයි වාර්තා වී ඇතැයිද එම අමාත්‍යංශය කියයි.
කිසියම් නිවසක විදුලි පරිපථවලට හානි සිදුව ඇත්නම් ළඟම පිහිටි විදුලිබල මණ්ඩලයේ කාර්යාලයට දැනුම් දෙන්නැයිද විදුලිබල අමාත්‍යංශය ඉල්ලීමක් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ගොයියා දැන්මම ඉල්ලලා අස්වෙලා යන්න. මහජනතාව එලවන්න ඉස්සර වෙලා... ඔයා තමයි මේ ආණ්ඩුවේ අසුචි ගෑවේ...
මගේ අම්මෝ... ග්‍රහලොවේ රවී ග්‍රහයාට ගිය කේන්තිය..."විදුලි පරිපථ නොමිලයේ අලුත්වැඩියා කරන බවට". කමක් නැහැ කමක් නැහැ. මොකද මොහුගේ අම්මයි, තාත්තයි දුක්මහන්සිවෙලා හම්බ කරලා තියලා ගිය ඒවානේ... ඉතින් මෙයාගේ වගේ වියදම් කරනවා පිනට දහමට ලැදි හාදයනේ... අපේ මේ රවිට ජය වේවා!!! අසුචි සංගමයේ අනාගන්න සෝ.. සෝ...සොරි .. අනාගත නායකයට හුරේ !! ජයවේවා!!!
එතකොට මහ බැංකුවට කළ පාඩුවට ඒ මහජනයාම නේද ගෙවන්නේ...?