
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදාව කළමනාකරණය සඳහා ප්‍රකාශ කෙරුණු හදිසි තත්වය දීර්ඝ කිරීම සඳහාවූ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය පාර්ලිමේන්තුවේදී අද (6) පස්වරුවේ වැඩි ඡන්ද 100කින් සම්මත විය.
යෝජනාවට පක්ෂව ඡන්ද 108 ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද සංඛ්‍යාව 08 ක් පමණි.
දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
ඡන්දය විමසන අවස්ථාවේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරැ සභා ගැබේ නොසිටියහ
දෙමළ කොන්ග්‍රසයේ ලේකම් මන්ත්‍රී ජී.ජී පොන්නම්බලම් මහතා යෝජනාවට ඡන්ද විමසීමක් අවශ්‍ය බව ප්‍රකාශ කළේය
අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය පිළිබඳ විවාදය අද උදේ 10.00 සිට සවස 6 .00 දක්වා පැවැත්විණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd