
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් නිර්දේශ ඇතුළත් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා කමිටුව) වාර්තාව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිපතිවරයාට යොමු කිරීමට එම කාරක සභාවේ අනුමැතිය ලැබී ඇත.
පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට කෝපා කමිටුවේ වාර්තාවක් නීතිමය කටයුතු සඳහා නීතිපතිවරයාට යොමු කෙරෙන පළමු අවස්ථාව මෙයයි
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අදාළව 2025 මාර්තු 10 සහ 2025 මාර්තු 21 දිනවල පැවති රජයේ ගිණුම් කාරක සභා රැස්වීම්වලදී ලබා දුන් නියෝග ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සම්බන්ධ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර අනුමතිය ලබාගැනීමෙන් අනතුරුව අවශ්‍ය ඉදිරි පියවර ගැනීම සඳහා නීතිපතිවරයාට යොමු කිරීමට මෙසේ තීරණය කර ඇත.
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව) පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතීත්වයෙන් පසුගිය 04 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම අනුමැතිය ලබාදී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd