(සුමිත් පොතුපිටිය)
මැතිවරණයක් එනතුරු වසර තුනක් ජනතාවට බලා ඉන්න බෑ. ඒ නිසා සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණයකින් මැතිවරණයක් ලබගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද වාද්දුවේදී පැවසීය.
දැන් මේ රටේ තියෙන තත්ත්වය වසර තුනක් තියා මාස තුනක්වත් දරාගෙන ඉන්න ජනතාවට බෑ. ඒ නිසා කරන්න ඕන මේ හොර නඩය එලවලා අපි ආණ්ඩුවක් හදන්න ඕනෑ. හදන්න ඕන කම තිබ්බට අපිට ඡන්දයක් ඕනෑ. ඒත් වසර තුනකට පොතේ ඡන්දයක් නෑ.
පොතට අනුව ව්‍යවස්ථාවට අනුව ඡන්දයක් එන්නේ තව අවුරුදු තුනකින්. එපමණ කාලයක් ජනතාවට මේ දුක දරාගෙන අර්බුදය මැද්දේ ඉවසන් ඉන්න බෑ.
ඒ නිසා මේ පාර්ලිමේන්තුවට බැහැලා පලයල්ලා කියලා එලවන්න ඕන. අවුරුදු පහකට ආපු ගෝඨාභය එලෙව්වා නම්, මහින්ද රාජපක්ෂ එලෙව්ව නම් අපිට ඒක කරන්න බැරි නැහැ යනුවෙන් ද පැවසීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හාදයාට අමතක වෙලා 2020 දී ඔහෙලාවත් උද්ඝෝෂණ නැතුව එලෙව්වා. ජෙප්පන්ට ඉතුරු වුනේ තාප්පවල පාප්ප ගාන සෙට් එක විතරයි. නලින් හේවගේ වාදපිටියේ බැටදුන්නේ රනිල්ට ඉස්සර ඝෝඨාභයට. ජෙප්පන් වලිගෙ ගිනිතියා ගත්ත හනුමා වගේ රට ගිනි තියතිය පනිනවා.
ඔව් කබල රත්වෙලා තියෙන වෙලාවේ රොටිය පුච්චගන්න ඕනෑනේ?... ඉන්න අයයි ඔයගොල්ලොයි දෙගොල්ලන්ම නැතුව හොරකම් නොකරන රට ගොඩගන්න සැලැස්මක් තියෙන කට්ටියක් ආවොත් තමයි හොඳ. පහුගිය අවුරුදු තිහේදි වසරකට 20,000 ක් පිටරට අධ්‍යාපනයට යනවා. ඒ කියන්නේ එක වෙලාවක ළමයි 80,000 ක් පිටරට ඉගෙන ගන්නවා. වියදම ඩොලර් බිලියන දෙකයි. අවුරුදු තිහට අද මුදලින් ඩොලර් බිලියන හැටයි. රටේ ණය ඩොලර් බිලියන 55 යි. 1989 සිට පෞද්ගලික විශ්ව විද්‍යාලවලට කරන්න නොදුන්නේ ඔය අය තමයි. සල්ලි තියෙන අය පිටරට ඉගෙන ගන්න කොට සල්ලි නැති අය මැද පෙරදිග, ත්‍රිරෝදරථ වලට යොමු වුනේ ඔය ගොල්ලො නිසයි. සටන් කරන්න තිබුණේ දුප්පතුන්ටත් පුද්ගලික විශ්ව විද්‍යාල වලට යන්න සිසු ණය ක්‍රමයක් ඉල්ලලා. ඒත් කලේ ආයතන රජයට ගන්න උද්ඝෝෂණය කරන එක. අවුරුදු 30 පුද්ගලික විශ්ව විද්‍යාල ඇතිවුණා නම් අද පිටරට අයත් මෙහෙ එනවා. ඒ වෙනුවට අපේ අය බංග්ලාදේශයට යනවා. මහින්ද ගැන පස්සේ රටේ ආර්ථිකයට ලොකුම හානිය කලේ ඔය ගොල්ලන්. තියෙන පුද්ගලික ඒවා ටිකත් වස්සලා, වැඩ වර්ජනය කරවලා පුද්ගලික ආයතන ටිකත් වස්සවන්න ඔයගොල්ලන්ට ඡන්දෙ දෙන්න මිනිස්සු මෝඩ නොවෙයි කියලා මම හිතනවා.
මේ මිනිස්සු නම් පුදුම මිනිස්සු. මෙච්චර රට අමාරුවෙන් ගොඩ එන්න හදනකොට මේ අයට ඕනෑ බලය ගන්න. මිනිස්සුන්ට ඕනෑ ඡන්ද නෙවෙයි.. මේ රට පොඩ්ඩක් හරි උඩට ගන්න.
වසර තුනක් තියා මාස තුනක්වත් දරාගෙන ඉන්න ජනතාවට බෑලූ, මොනවද මේ කියවන්නේ? විකාර වෙලාද? මහඡනතාව එලෙව්වේ රාඡපක්ෂලාව නෙවේ... අවුරුදු 60 කට ඉහත ඡේවිපෙයි.
හරි අවුලක් නැහැ... ඔබ අනුරකුමාර, විජිතලාල් උදැල්ලක් නොඅල්ලන ලොකු ගොවියා විද්‍යා නලින්ද හරිනි වසන්ත හා නම් නොකියැවුණු සියලුම දෙනා ඉදිරි පෙළින් යන්න. අපි එනවා මීටර් 700න් පසුපසින්... මොකද ඔබලා කතා කියලා කොල්ලෝ ටික ඉස්සරහට දාලා කුලප්පු කරලා ඔබලා ඉඳියි. පට්ටම පසුපසින්... එතකොට ඔබලා පළමු පෙළ, දෙවන, තෙවන පෙළ දරුණු මරණීය ප්‍රහාරයට හෝ පසුපස ප්‍රහාරයට ලක්වෙන්නේ නැහැ. අන්න ඒකනිසා ඔබලා ළඟ තියන භාණ්ඩත් අරන් වරෙව්.. පළමු පෙළට මොකද ගෝඨාභය හමුදා ප්‍රධානියෙක් වුණත් එපා එපා... වෙඩි තියන්න එපා... මම යන්නම් යන්න කියලා ගියාට කවදාවත් රනිල් වික්‍රමසිංහ යන්නේ නැහැ. යවනනත් බැහැ. යන්නෙත් නැහැ. අන්න ඒකනිසා අපිට කාගේවත් වතගොත වැඩක් නැහැ 2025 දිත් අපිට හිතුණොත් අපි මිනිහාටම තමයි ජන්දේ දෙන්නෙත් ඕන දෙයක් වෙන්න කියලා ගෝඨාභය එළවලා වේචිචි හරිය හොඳටම ඇති ජල බිල, විදුලි බිල, වැට් බදු, පුද්ගල බදු සමාජ ආරක්ෂණ බද්ද තවත් එක එක බදු කාලා එපාවෙලා ඉන්නේ... ඒකනිසා ඔබලා ටික එන්න. පළමු පෙළින්ම පළමු පෙළ මරණීය හමුදා ප්‍රහාරයට අහුවෙන්න...!
මෙච්චර කාලයක් දේශපාලනය කරලා මේ රටට කරපු දෙයක් නැහැනේ. ඉක්මණින් ඡන්දෙ ඉල්ලන්න බෑ කියලා ඔහෙලම උසාවියෙන් නියෝග ගත්තා මතක නැතෙයි. එදා රනිල් පප්පාට ගොට්ට ඇල්ලුවා අමතකෙයි සර්...!
මෙි රටට මෙි කපටි නරි රංචුව කරපු දෙයක් තියනවද?