
(අංජුල මහික වීරරත්න)
ටෙනෙක් විප්ලේස් එන්නත් මිලිග්‍රෑම් 40න් වයල් 30,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
හෘදයාබාධ ඇති වූ පුද්ගලයින් මිය යාම වලක්වා ගැනීම සඳහා දෙන ටෙනෙක්ටිප්ලේස් එන්නතින් වයල් 30,000ක් මිල දී ගැනීම සඳහා ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවා ඇත.
ඒ සඳහා ලංසු 3ක් ලැබී තිබේ. ඒ අනුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව අවම ලංසුකරු වන ශ්‍රී ලංකාවේ ABC Pharma Services (Pvt) Ltd. (Manufacturer: Reliance Life Sciences (Pvt) Ltd., India) ආයතනයට රුපියල් මිලියන 2,385 ක මුදලකට පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකක් කියද පරන ගානමද?