(සුජිත් හේවාජුලිගේ )
මවුපියන් දරුවන් මහමග අතහැර යාමේ සිද්ධීන් හැටක් පසුගිය වසර හයේදී වාර්තාවී ඇතැයි පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ කොමසාරිස් එන්.අයි ලියනගේ මහතා පැවසීය.
මේ අනුව හදාවඩා ගැනීමට නොහැකි මාස 3 ට අඩු දරුවන් බාරදීම සඳහා පළාත් මට්ටමින් කවුළු පිහිටුවීමට තීරණය කර ඇතැයිද ඔහු සඳහන් කළේය.
මේ සඳහා අවශ්‍ය නීති සම්පාදනය කරන බව දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ගවලින් පැවසෙයි.
මේ අතර දරුවන් 80 දෙනකු විවිධ හේතු මත එම කාලයේදී ඝාතනයට ලක්ව ඇතැයි පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස්වරයා කීවේය.
දරුවන් බාර ගැනීමේ කවුළුවලට සිය දරුවන් බාරදෙන මවුපියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා බව පවසන ලියනගේ මහතා මේ සඳහා වන නව නීති පාර්ලිමේන්තුවට නුදුරේදීම ඉදිරිපත් කිරීමට නියමිත බවද ප්‍රකාශ කළේය.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය අධිකරණ අමාත්‍යාංශය මාර්ගයෙන් මෙම නව නීති පාර්ලිමේන්තුවට නුදුරේම ඉදිරිපත් කෙරෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හොඳයි... ළමයා කැලේට විසිකරන අම්මලාට කවුළුවලින් දාලා යන්න පුළුවන්...
හොඳ අදහසක්..., ළමයින් නොමැති දෙමව්පියන්ට මෙම දරුවන් නීත්‍යානුකූලව ලබාදෙන්න පුළුවන්. යුරෝපීය රටවල නම් මේ බොහෝ කලක සිට ක්‍රියාත්මක වෙනවා.
මේ කටයුත්ත සඳහා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින්ගේ සහාය ගතහොත් ඉතාමත් සාර්ථක වෙන්න පුළුවන්... මොකද ඔවුන්ට දරුවන් ලැබෙන්න සිටින මව්වරු දැනුවත් කිරීම ඉතාමත් පහසුයි.. එහෙම නැත්නම් මධ්‍යම රජයේ පරිවාස දෙපාර්තමේන්තුවේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරින්ට කරන්න ලොකුවට කටයුතු නැතිනිසා මේ කටයුත්ත ඔවුන්ට කරන්න පුළුවන් වේවි ඒත් පරිවාස කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය අනුව අයත් වන්නේ මධ්‍යම රජයට නොවෙයි කියලා හිතෙනවා...
මීට පස්සේ බබාලා කෝච්චියේ වැසිකිළියේ තියන්ඩ වෙන එකක් නැහැ.කව්ලුවක් ගාව තියලා ගියාම වැඩේ හරි
හදාගන්න බැරි බබාලා කවුළු අස්සෙන් ගන්නේ මොකද? දොර අරලාම නම්බුකාර විදිහට බාර ගන්න.