
නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසු කටයුතු කළයුතු ආකාරය පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විශේෂ කරුණු පැහැදිළි කිරීමක් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. ඒ අනුව හෙට දින (නොවැ.09) නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසුව රටතුළ දෛනික කටයුතු ක්‍රියාත්මක කිරීමේදී හුදෙකළා කරන ලද ප්‍රදේශ වල සිටින කිසිවකුට තම තමන් සිටින ප්‍රදේශ වලින් පිටතට පැමිණිය නොහැක.
බස්නාහිර පළාතට පණවා තිබූ නිරෝධායන ඇඳිරිනීතිය හෙට උදෑසන 5.00ට අවසන් වූවත් ලංකාවේ පොලිස් බල ප්‍රදේශ 25 ක සහ කුරුණෑගල මහනගර සභා ප්‍රදේශයත් පානදුර ග්‍රාමසේවා වසමකුත් හුදෙකලා ප්‍රදේශ බවට පත් කර තිබේ. මේ වන විට මෙම ප්‍රදේශ වල ආරක්ෂාව තරකර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා කොච්චර නම් කීවත් මේ දේ හරියට වෙනවද කියලා බලන්න. හොඳම උදාහරණය හොරණ. සාමාන්‍ය දවසකත් වඩා වාහන යනවා. ගොඩක් ආයතන බලපත් නැතිව පවත්වාගෙන යනවා.
කඨින පිංකමකට උපරිම 50 නම් කොහොමද රාජ්‍ය කඨින උත්සවයක් කියලා දෙයක් කරන්නේ? දාන නීතියක් ඉස්සෙල්ලම රටේ මහතැනින් පිළිපැදලා පෙන්නපල්ලකෝ.. අනේ මන්දා... සිරිසේන තව හොඳයි.