
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
රැකියාව නිමවා සිය සැමියා සමග යතුරුපැදියෙන් නිවස කරා යමින් සිටි කළුබෝවිල ශීක්ෂණ රෝහලේ හෙද සොයුරියක් සිමෙන්ති පැටවූ ලොරියකට යටවීමෙන් මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය කියයි.
අනතුරෙන් මිය ගොස් ඇත්තේ පිළියන්දල ජාලියගොඩ විජය මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි දිනූෂා ක්‍රිෂාන්ති ලියනගේ 47 දෙදරු මවකි.
ඇය වාට්ටු අංක 11 ප්‍රධාන හෙද සොයුරිය ලෙස කටයුතු කළාය. අනතුරින් ඇයගේ සැමියා සුළු තුවාල ලබා ඇතැයි පොලිසිය සඳහන් කරයි
මියගිය හෙද සොයුරියගේ සැමියාද පෞද්ගලික රෝහලක තාක්ෂණ කළමනාකරුවෙකු ලෙස සේවය කරන අතර ඔහු සේවය නිමවීමෙන් අනතුරුව කළුබෝවිල ශික්ෂණ රෝහල අසලට ගොස් සිය බිරිඳව ද යතුරුපැදියට නන්වාගෙන ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොරිරථ රියදුරන් ඉතාමත් අකාර්යක්ෂම ලෙසයි තමන්ගේ රථය පදවාගෙන යන්නේ. ඒ ගොල්ලන් හිතාගෙන ඉන්නේ ඒ ගොල්ලන්ට වැඩිය අය තවත් නැහැ කියලයි. පොලිසිය ඒ ගැන වැඩි අවධානයක් යොමුකළ යුතුයි. අකාලයේ මියගිය එතුමියට නිවන් සැප ලැබේවා.
යතුරු පැදි වලින් මාර්ගයේ ගමන් කරන අය ආරක්ෂා කිරීමට වාහන පදවන රියැදුරන් සැලකිලිමත් විය යුතුය. මෙවන් වටිනා ජීවිත අකාලයේ මිය යෑමෙන් රටට වන පාඩුව කෙතෙක්ද?
ඉතාමත් සංවේදී සිද්ධියක් කියන්න පුළුවන්. මෙයට හේතුව හැටියට මම දකින්නේ අඩු වියදමින් යන්න පුළුවන් යතුරු පැදි කියලා තමයි මීට කාලෙකට පෙර රත්නපුර ශික්ෂණ රෝහල් හෙදියක් ජාතික රූපවාහිනී සේවයේ නියුතු සැමියා සමග යතුරු පැදියේ ගොස් දෙදෙනාම එකම තැනක මියගියේ කාළකණ්නි ඩිපෙන්ඩර් රියැදුරෙකුගේ නොහික්මුණු ගතිය නිසා තමයි කවුරු හෝ සමීක්ෂණයක් කළොත් යතුරු පැදි අනතුරු නිසා කොතරම් වටිනා ජීවිත ප්‍රමාණයක් රටට අහිමි වුණාද කියලා බලන්න පුළුවන් සමහර විට යතුරු පැදි අනතුරු මරණ ප්‍රමාණය තිස් අවුරුදු යුද්ධයෙන් මියගිය ප්‍රමාණය ඉක්මවා යනවා ඇති කියලා හිතෙනවා...