(රංජන් කස්තුරි)
සෞඛ්‍ය සේවාවට අයත් වෘත්තීන් 14ක සේවක සේවිකාවෝ හෙට (5) සිට අඛන්ඩ වැඩවර්ජනයක නිරත වෙති.
හෙද සේවාවට පමණක් සුවිශේෂ වරප්‍රසාද ලබාදීමට විරෝධය දැක්වීම සඳහා එම අඛණ්ඩ වැඩවර්ජනය දියත් කරන බව එම වෘත්තීය සමිති නායකයෝ පවසති.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනියන්, ඖෂධ සංයෝජකයින්, දන්ත චිකිත්සකයින්, අක්ෂි තාක්ෂණවේදීන්, විද්‍යුත් විකර්පන රේඛණ ශිල්පීන්, විද්‍යුත් කාන්තු රේඛත ශිල්පීන්, මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පීන් සහ කීට විද්‍යාඥයින්, වෛද්‍ය රසායනගාර විද්‍යඥයන්, විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්, රජයේ ඖෂධවේදීන් වෘත්තීය චික්ත්සකයින් සහ වීකිරණ ප්‍රතිකාර චිකිත්සකයින් යන වෘත්තීන් ඒකාබද්ධ මෙම වෘත්තීය ක්‍රියාමර්ගය ගන්නා බව ද වෘත්තීය සමිති නායකයෝ පවසති.
හෙද වර්ජනය විසඳීම සඳහා හෙද සේවාවට උසස්වීම් ක්‍රමවේදයක් ලබාදීම, මාණ්ඩලික තත්ත්වය ලබාදීම සහ නිල ඇඳුම් දීමනාව ඉහළ දැමීම සිදු උවද සෞඛ්‍ය සේවාවේ සමාන්තර ශ්‍රේණිවලට එම වරප්‍රසාද නොලැබීම මුල්කර ගනිමින් අඛණ්ඩව වැඩවර්ජනය ආරම්භ කරන බව අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සභාපති උපුල් රෝහණ කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත්‍යාවශ්‍ය සේවයක් වුණත් මනුස්සකම් නැතිම තැනක්...
සෞඛ්‍ය සේවය යනු උතුම් සේවයක්... එහෙත් මේ දේශයේ සිටින අය කරන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමයි. පෙර දිනයේ වර්ජනයෙන් දිනූ අයද, අද දිනයේ වර්ජනය කරන නුඹලාද, කැඩපත ඉදිරියට ගොස් මුහුණ බලන්න. මෙවන් කාලයක මෙවන් වර්ජන කරන්නට හිත හදා ගන්නේ කොහොමද?
ඉතා හොඳ වැඩක්. අපේ බදු සල්ලි වලින් සුර සැප විඳින ගමන් අපේ රට, ලෝකයේ අසාර්ථකම රටක් කළ දේශපාලුවන්ට ඔක්කොම වැටුප්, දීමනා ගන්න පුළුවන් නම් මේ මිනිස්සුන්ටත් දෙන්න ඕනෑ.
හෙද සේවාවට වරප්‍රසාද දුන්නාට තව පිරිසක් විරෝධය පා වැඩ වරති. මෙය බොරු වාර්තාවක්.. ඔවුන් කරන්නේ සංකේත වැඩ වර්ජනයක්.. මෙයට ප්‍රථමත් කරා... ඔවුන් එම දිනවල පවසා තිබුණා දීර්ඝ වැඩ වර්ජනයකට යන බව... අනෙක ජනාධිපති ඔහුට හිතවත් වෘත්තිය සමිති පමණක් කැඳවා සාකච්ඡා කරනවා. අනෙකුත් වෘත්තීය සමිති ගණන් නොගෙන වැඩකරන බවක් පෙනෙනවා..!!!
තව ටික කාලෙකින් වැඩ කරන්නේ නැතුව පඩි ඉල්ලයි මේ කාලකන්නි...