IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හෘද සාක්ෂියක් ඇති කෙනෙකුට බංකොලොත් රටක තනතුරු, වරදාන ගන්න බෑ

(නිමල කොඩිතුවක්කු)

හෘද සාක්ෂියක් ඇති කිසිවෙකුට මේ මොහොතේ ඇමතිධූර ලබාගත නොහැකි බවත්, බංකොලොත් වී ඇති රටක ඇමති තනතුරු, වරදාන වරප්‍රසාද ලබා ගන්නේ කෙසේදැයි යන්න පුදුමයට කරුණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  මහතා පැවසීය.

රටේ දුවා දරුවන් නිසි පෝෂණයක් නැතිවත් ක්ලාන්තය හැදී වැටෙන රටකලඅහිංසක තරුණ පරම්පරාව අන්ධකාර අනාගතය හේතුකොටගෙන රට අතහැර යන මොහොතකල සමස්ත ජනතාව නැති නැතිබැරිකමි මිරිකෙමින් පීඩා විඳිමින් සිටින මොහොතක හැඟීමක් දැනීමක් ඇති කිසිවකුට ඇමති වරදාන වරප්‍රසාද වලට යට විය නොහැකි බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

රටම බංකොලොත් වී ඇති මොහොතේ ඇමති තනතුරු 15 කට සහ නියෝජ්‍ය ඇමති තනතුරු 15කට සීමාකොට ආදර්ශයක් ලබා දිය යුතු යැයි ද සමගි ජනබලවේගයේ කුලියාපිටිය ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් ඔහු මේ බව පැවසීය.



අදහස් (10)

හෘද සාක්ෂියක් ඇති කෙනෙකුට බංකොලොත් රටක තනතුරු, වරදාන ගන්න බෑ

ravin Sunday, 13 November 2022 04:42 PM

ඇත්තද? එතකොට විපක්ෂ නායක කියන්නේ තනතුරක් නොවේද? තනතුරට හිමි යාන වාහන කවුද පාවිච්චි කර්නනේ ? එස්.ටී.එෆ් ඇතුළු අනිකුත් ආරක්ෂක නිලධාරීන්ගේ සේවය ලබාගන්නේ කවුද? තනතුරකට අදාලව රාජ්‍ය මුදලින් නඩත්තුවෙන නිලධාරී තනතුරු වලට ඇබෑර්තු හිස්ද? කොටින්නම කිව්වොත් මාසිකව මිලියන 2 කට කිට්ටු මුදලක් රජයට ඉතුරුවෙයි නේද?

:       2       31

Dhanushka Sunday, 13 November 2022 05:32 PM

ප්ලීස් විපක්ෂ නායකකම කාට හරි දීලා තොලොන්චි වෙලා යන්න. උඹලා තමා මේ රට බංකොළොත් කළේ.

:       3       21

fairoos Sunday, 13 November 2022 05:50 PM

ලංකාවේ ඉන්න බයි වහල්ලුන්ට කොහේද මේවා තේරෙන්නේ...?

:       13       6

ත්‍රස්ත මාෂල් Sunday, 13 November 2022 09:35 PM

මොහු කතා කරන්නේ මොනවද කියලා නම් කාටවත් තේරෙනවාද දන්නේ නැහැ. මිනිස්සු බඩගින්නේ මැරෙන්න යනවා. මෙතුමා බලය පසුපස හඹායනවා. මේ වෙලාවේ සියලුම දේශපාලුවන් එකතු වී මේ රට ගොඩගෙන, බලය සූරා බලන්න ඕනෑ කියන එක නොතේරෙන්නේද?

:       0       0

ක්‍යෙටිල්‍ය Sunday, 13 November 2022 11:42 PM

කේතුමතී රාජධානිය පහළ වෙනකන්ද කල් මරන්නේ...?

:       0       0

ජයලත් Monday, 14 November 2022 03:28 AM

ඉතින් තමන්ගේ යුතුකම බන්කොළොත්... රට එයින් මුදාගන්න තිබුණා නේද? දැන් බලයට එන්න හදන්නේ ඒ බංකොළොත් රටම නේද? මේවාට තමයි කියන්නේ බයිලා කියලා...

:       0       0

Peduru Monday, 14 November 2022 06:43 AM

සම්පූර්ණයෙන්ම බලය අතට ගන්නකන් හෘදසාක්ෂිය තියෙන බව පෙන්න පෙන්නා ඉන්නවා. හෘදසාක්ෂියක් තියෙනවා නම් 1972 ට පෙර තිබූ ව්‍යවස්ථාවට සමාන ව්‍යවස්ථාවක් ගෙන එන්න කටයුතු කරන්න

:       0       2

Rasika Monday, 14 November 2022 08:02 AM

එහෙනම් ඉතින් බංකොලොත් රටක ඡන්දෙ ඉල්ලන්නත් බැහැ. කවුරුහරි රට බංකොලොත් බාවයෙන් ගොඩගන්න කම් බොරුවට කෑගහගහ ඉන්න

:       0       4

Bamunuarachchi Monday, 14 November 2022 05:11 PM

රට බංකොලොත් කරන ණය ගන්න, ඒ ණය මුදලින් සුඛෝපහෝගී වාහන ගෙන්වන්න, දීමනා වැඩිකර ගන්න පුළුවන්...

:       0       0

ජයලත් Tuesday, 15 November 2022 07:57 AM

එහෙම නැතුව බාරගෙන කරන්න බැරි කමද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site