(අජන්ත කුමාර අගලකඩ)
නව ජනාධිපතිවරයකු පත් කර ගැනීම සඳහා හෙට දින පැවැත්වෙන ඡන්දයේදී පොදුජන එක්සත් පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාට සහාය ලබාදීමට පොදුජන පෙරමුණෙන් ඉවත්ව ස්වාධීන වූ හෘද සක්ෂියේ දසදෙනාගේ කණ්ඩායම ද තීරණය කර ඇත.
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.පී.එස්. කුමාරසිරි, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන නීතිඥ උදයන කිරිඳිගොඩ, නීතිඥ වසන්ත යාපා බණ්ඩාර, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගුණපාල රත්නසේකර, කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රීවරුන් වන උදයකාන්ත ගුණතිලක, සුදත් මංජුල,කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ලලිත් එල්ලාවල, රත්නපුර දිස්ත්‍රික මන්ත්‍රී අකිල එල්ලාවල ඇතුළු මන්ත්‍රිවරුන් දසදෙනාගේ අත්සනින් යුතුව ඉදිරිපත් කළ ලිපියකින් ඒ බව තහවුරු කර ඇත.
එම ලිපිය පහතින් දැක්වේ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම අහින්ඩාස්ලගෙ චන්ද අරන් ජනාධිපති උනාම ඒ් හැමෝම කියන කියන පදේට නටන්න වෙනව. අන්තිමෙ ඒක එක්කෙනා හැලිල තමුන්ට තනි වෙන්න වෙනව. අවසාන ප්‍රතිපලේ අද තිබෙන ආර්තිකෙත් එක්කල ආයෙත් අර ගෝට වගේ පලා යන්න වෙනව. කරන්නෙ මොකක්ඩ කියල දන්නෙ නැතුව ජනාදිපතිකම් ගන්න නම් එපා. මෙ වෙලාවෙ අපට ඕන පාර දන්න කප්පිත්තෙක් මිසක් පාර අහ අහ යන කප්පිත්තෙක් නෙමෙයි.
මේ ලයිස්තුවේ ඉන්න සමහරු ගැන ඇහුවෙත් අදයි. මේක නිකන් කෙක්කෙන් බැරිනම් කොක්කෙන් හෝ රනිල් පරාජය කිරීමේ සටනක් මිස සුදුස්සා තෝරා ගැනීමේ සටනක් නෙවේ වගෙයි දැන්නම් පෙනෙන්නේ.
ඇමැතිකම් බලාගෙන එන අයත් ඉන්නවා.
ඇත්තටම මොවුන්ට හෘදයක් නැහැ කියලා මෙම තීරණය අනුව පේනවා. නැත්නම් කිසිම සුදුසුකමක් නැති කිසිම වැඩක් හරියට නොකළ ඩලස්ට කැමැත්ත දෙයිද? මොවුන්ටත් වටින්නේ රටට වඩා පක්ෂය... මේ (225) ඔක්කොම හොරු මල්ලි.., කොහොමින් කොහොම හරි 2024 දී බලයේ සිටින අයත් අද බලය ගන්න බලාසිටින අයත් ඒ කාලය වනවිට ගෝඨාභය වගේ ජනතාවට එපාවෙනවා.. අනුරට ජනාධිපති තනතුර ලැබෙනවා. එහෙම වෙන්නේ මෙහෙම මෝඩ තීරණ නිසා...!
රනිල් ආවත්, ඩලස් ආවත් අන්තිමේ ජය ලැබෙන්නේ රාජපක්ෂ හොරුන්ට.. ඔය දෙන්නම දෙපැත්තෙන් ඇවිත් සේවය කරන්නේ මැදමුලනේ හොරුන්ට. ඒක තේරෙන්නේ නැතිනම් මේ රටේ ඉන්නේ හරක්ම තමයි.
අනේ මුන්ගෙ අහවල් හර්ද සාක්ශිය.. එහෙම එකක් තිබුන නම් මෙලහකට දිවි නහගෙන.. කරල තියෙන අමන පර වැඩ වල හැටියට..