
(යොහාන් භාසුර)
හෘදයාබාධ ඇතිවු අවස්ථාවන්වලදී රෝගින්ට දෙන ‘ටෙනෙක්ටප්ලේස්’ (Tenecteplase) එන්නත් තොගය මෙරටට ගෙන්වීමේ ක්‍රියාවලිය සම්බන්ධව වාහාම විමර්ශනයක් කරන ලෙස වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘතීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය.
කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී වෛද්‍ය චමල් සංජීව මහතා එසේ පැවසීය.
‘ටෙනෙක්ටප්ලේස්’ එන්නත් තොගය වර්තමාන සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පාලන කාලයේදී මෙරටට ගෙන්වා ඇති බවත් මෙම ඖෂධය ගෙන්වීමේ ක්‍රියාවලිය සම්බන්ධව සහ ඖෂධ නියාමන අධිකාරියේ පූර්ණ රසායනාගාර පරීක්ෂණ වාර්තාව සම්බන්ධයෙන් ජනතාව සමීපව නිරීක්ෂණය කරන බැවින් මේ සම්බන්ධව කඩිනමින් පරීක්ෂණයක් කර අදාළ පියවර ගැනීමට සෞඛ්‍ය ලේකම්වරයා කටයුතු කළ යුතු බවත් සංජීව මහතා කීය.
මෙරටට ඖෂධ ගෙන්වීමේ යාන්ත්‍රණයේදී ඖෂධ සමාගම් රැසක්ම ඖෂධ ගෙන්වීමේ ඒකාධිකාරියක් පවත්වාගෙන යමින් වැඩි මිලට ඖෂධ ගෙන්වන බවට පාර්ලිමේන්තුව තුළදී සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර නමුත් එම සමාගම් මොනවාද සහ අදාළ විෂය භාර අමාත්‍යවරුන් අසමත් වීම කණගාටුවට කරුණක් බවත් ඔහු සඳහන් කළේ.
‘ඉමියුනොග්ලොබීන්’ ඇතුළු ඖෂධ රැසක් මෙරටට ගෙන්වීමේදී ඉතා අධික මිල පරතරයන් පවත්වාගෙන යමින් ප්‍රසම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ සමාගම් මෙරට ඖෂධ ඒකාධිකාරියක් පවත්වාගෙන යන බව තහවුරු වී ඇතත් ඒ සම්බන්ධව නිශ්චිත පියවර ගැනීමට මේ දක්වා වර්තමාන සෞඛ්‍ය අමාත්‍යාංශය අසමත්වී ඇති බව කී වෛද්‍ය චමල් සංජීව මහතා මෙරට ජනතාවගේ බදු මුදල්වලින් විශාල ප්‍රමාණයක් මේ අන්දමට සීමිත සමාගම් ප්‍රමාණයක් අතර බෙදී යෑම සම්බන්ධයෙන් ද විශේෂ අධ්‍යනයක් කළ යුතු බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධක, ලියකියවිලි එක්ක CID එකට දෙන්න. ඉස්සරට වඩා වැදගත් විදිහට වැඩේ කෙරෙයි.
මේවට Dobila නැද්ද උත්තර දෙන්නෙ??? අර GMOA එකට, දොස්තරලා හැමදාම බනින එවුන් මේවට මොකද කියන්නේ???
මේ එක පිස්සෙක්, මෙයා කොතනකවත් කියන්නේ නැහැ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව ඖෂධ ආනයනය කෙරුව බවට එහෙම නැත්නම් ප්‍රමිතියෙන් තොරව ඖෂධ ගෙනාව බවට ! ඒ වෙනුවට කියන්නේ ඉහල මිලකට සමාගම් ඖෂධ ගෙන්වන බවත්, සමාගම් කිහිපයක් ඖෂධ ඒකාධිකාරියක් පවත්වාගෙන යන බවත්ය. ඒ පිළිබඳව සෞඛ්‍ය ඇමතිවරයා කිසිවක් නොකරන බවත්ය. වසර හතලිහක් පනහක් පමණ කාලයක් පවත්වාගෙන ආ ක්‍රමයක් එක රාත්‍රියකින් වෙනස් කරන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න හො කාගේ හරි දේශපාලන අතකොළුවක් ඉන්න හාදයෙක්ට එහෙම හිතුවට සාමාන්‍ය පුද්ගලයන් හැටියට අපිත් දන්නවා ඒක එහෙම කරන්න බැරි බව. එයාට ඒක කරන්න හදිසි නම් තියෙන්නේ සමාගමක් පටන් අරන් ඖෂධ ආනයනය කරලා අඩු මිලට ජනතාවට ඖෂධ සපයන්න කටයුතු කරන එකයි.