IMG-LOGO

2024 මැයි මස 18 වන සෙනසුරාදා


හිතුවක්කාරී වැඩ නිසා පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයෝ කිපෙති

(අජන්ත කුමාර අගලකඩ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අමාත්‍ය ධූර සඳහා යෝජනා කළ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ට මෙතෙක් ඇමතිකම් නොලැබීමත්,අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ජනාධිපතිවරයා තනි තීරණ ගැනීමත් හේතුවෙන්,ආණ්ඩුව සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අර්බුදය උග්‍ර වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් යෝජනා කළ රෝහිත අබේගුණවර්ධන , එස් එම් චන්ද්‍රසේන, විමලවිර දිසානායක, ජනක බණ්ඩාර තෙන්නකෝන්, සී බී රත්නායක , එස් බී දිසානායක යන මන්ත්‍රීවරුන්ට ඇමති ධුර නොලැබීමත්, පොහොට්ටුවේ කෙහෙළිය රඹුක්වැල්ල වැනි ජ්‍යෙෂ්ඨයන්ගේ ඇමතිධුර හිතුවක්කාරී ලෙස වෙනස් කිරීමත් මෙම අර්බුදයට හේතු වී ඇතැයි දැනගන්නට ඇත.

මේ අතර ,අමාත්‍ය ධුර අපේක්ෂාවෙන් සිටී පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු බත්තරමුල්ල නෙලුම්මාවත පක්ෂ කාර්යාලයට පැමිණීම ද නතර කර ඇතැයි දැනගන්නට තිබේ.

මෙම තත්වය හමුවේ පොහොට්ටුව තුළද කණ්ඩායම් වශයෙන් බෙදීම මේ වන විට උග්‍ර වී ඇතැයි එම ආරංචි මාර්ග කියයි.

 



අදහස් (25)

හිතුවක්කාරී වැඩ නිසා පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයෝ කිපෙති

අරවින්ද මොනරවිල Saturday, 28 October 2023 09:34 PM

රටට සාපයක් මේ රනිල් පොහොට්ටු සංධානේ...!

:       0       21

ගමේ එකාලා Saturday, 28 October 2023 09:49 PM

හොරාකාලා පුරුදු දූෂිත දේශපාලුවන්ට ඇමැතිකම් නොලැබුණු නිසා හිතට අමාරු ඇති...!

:       1       21

gunda Saturday, 28 October 2023 10:28 PM

පොහොට්ටුවේ නෙවෙයි, ඔය 225 දෙනා අතරින් කවුරුවත් සිටිනවද ඇමැති ධුරයක්... හෙබවීමට තරම් සුුදුසු පිරිසිදු දක්ෂ පුද්ගලයෙක්...? සිටින සියලුම දෙනා බත් බැලයින් මිස ශක්තිමත් කවුරුවත් නැහැ.

:       1       12

sam Saturday, 28 October 2023 10:41 PM

පණිවිඩයක් දෙන්න කියලා සුදුසු මොහොත එනකම් සිටියේ.. අපි කළ දෙයක් නොවෙයි තරහා ගන්න එපා ඔන්න.. ඔබලාමයි එතුමාවත් ජනපති කෙරුවේ.... කලබල වෙන්න එපා.. හිත් නරක්කර ගන්න එපා.. ඔබලාටත් වෙච්චි දෙයක්.. කියන්නත් මොකක්ද වගේ.... වෙනදේ ගැන හිතන් නැතුව.. දෙන දේවල් ටික අරගෙන.. හිත සතුටින් වෙන දේ ගැන බලාගෙන ඉන්නේ... අපි කළ දෙයක් නොවෙයි, තරහා ගන්න එපා ඔන්න.. ඔබලාමයි එතුමාවත් ජනපති කෙරුවේ.... මේ තුන්සරණේ සරණයි ඔබලාට...

:       2       12

Kumara Saturday, 28 October 2023 10:49 PM

කිපුණාට කමක් නෑ. කාලකන්නි පොහොට්ටුවන්ව කපලාම දාන්න...

:       1       21

Perera Saturday, 28 October 2023 11:46 PM

මරු සෙට් එකක්නේ ඇමැතිකම් ගන්න බලන් ඉන්නේ 2*2 පොල්ලකින් ඕනෑ ඔවුන්ට ඇමැතිකම් දෙන්න.

:       1       29

C.K.Lankaputhra Saturday, 28 October 2023 11:47 PM

මේවා ඔක්කොම අපට පෙන්නන නාඩගන්. එක එක කොටස් වෙන වෙනම නාඩගන් එහෙම නටලා ඒ ගොල්ලන් පොඩි පෙරහැරවල් හදාගෙන අන්තිමේදී මැදමුලන ඉඳලා එන මහ පෙරහැරට එකතුවෙන හැටි අපට බලන්න පුළුවන් වෙයි. අපි නම් ඔව්වාට අහුවෙන්නේ නෑ. ඔයාලා මේ සැරේත් ගොනා කරන්නයි අයෙත් ඔය වෙස් බඳින්නේ...!

:       1       21

de silva Sunday, 29 October 2023 03:33 AM

ඔයාලාට ඕන දෙයක් කරගන්න. අපට ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම හොරු...! ඩීල් කාරයින් සහ යාළුවෝ... ඔය නාටක බලන්න අපි නැහැ.

:       1       13

Manusha Thuththiripitiya Sunday, 29 October 2023 06:25 AM

දැහැටිකූර පාවිච්චියට අරගෙන තමන්ගේ කටයුත්ත කළාට පස්සේ විසිකර දමනවා.. දැන් සිදුවෙලා තියෙන්නේ ඒක තමයි. දේශපාලුවෝ හැම කෙනාම එහෙම නැහැ කියන්න බැහැ... කොහොම නමුත් එජාපයේ ලොක්කෝ ළඟට ඔත්තුකරුවන් දාලා ඇති, විමසිල්ලෙන් නොහිටියොත් ඊළඟ වතාවේ ජාතික ලැයිස්තුවෙන් කෙනෙකුත් නැතිවේවි...!

:       0       6

keheliya Sunday, 29 October 2023 08:01 AM

පොහොට්ටුවේ හිතුවක්කාරී ඇමැති අපේක්ෂක දුෂිතයින්ව දඬුකඳේ ගසා ඉවරයක් කරනු...!

:       1       12

Jay Sunday, 29 October 2023 08:27 AM

හිතුවක්කාර වුණාට බජට් එකට ඡන්දෙ දෙනවනේ...!

:       0       14

Pradeep Kumara Sunday, 29 October 2023 08:31 AM

අනේ ඉතිං රට හදන්නනේ මේ හැම දෙයක්ම කරන්නේ... මැති ඇමැතිවරු ඒ වෙනුවෙන් කොයිතරම් ඇප කැප වෙනවාද? අපි මොනතරම් පිංවත් ජාතියක්ද මෙවන් වූ පාලකයින් පිරිසක් ලැබීමට...!

:       0       10

Sachith Sunday, 29 October 2023 08:38 AM

ඔච්චර කිපිලා ඉන්න දෙයක් නෑනේ... ඉතින් සරල දෙයක්නේ කරන්න තියෙන්නේ. ජනාධිපතිට විරුද්ධව දෝෂාභියෝගයක් ගේන්න.

:       0       11

C.K.Lankaputhra Sunday, 29 October 2023 10:23 AM

ඕවා ඔය දෙවැනි පන්තියේ අයගේ බොරු ටෝක්ස්. හොරකන් කරන්න විදිහක් නැති නිසා ඇමැතිකම් හිඟාකකා ඉන්නේ. නොදුන්නා කියලා ඔවුන් බලන්නේ කොහොම හරි නයා පෙන්නලා හරි ගන්නයි. අන්තිමේදී ලොකු ලොකු අය ඉන්නේ එකටයි. හැබැයි ඉතින් ඔවුන්ගේ බඩවල් වල බිත්තර. එකට කෑවත් බොක්ක වෙනස්නේ...

:       1       12

pj Sunday, 29 October 2023 11:03 AM

දැන් ඔහේලාට ඕනේ මේ වගේ අයට ඇමතිකම් දෙන්න කියලා උද්ඝෝෂණයක් කරන්නද?

:       1       10

Nuwan Sunday, 29 October 2023 12:22 PM

ලොක්කා පාර්ලිමේන්තු මැතිවරණයක් තිබ්බාම මේ ඔක්කෝටම හුප්පේ...!

:       1       12

Nimal Sunday, 29 October 2023 12:23 PM

මේ කාටවත් මේ කපේදී ඇමැතිකම් දෙන්න එපා... ළඟදීම අපේ ජනතාව ඔවුන්ව දේශපාලන පිටියෙන් ඉවත් කරාවි...

:       1       13

Kevin Sunday, 29 October 2023 12:59 PM

ඔවුන්ව අතුගාලම දාපිය...

:       1       6

Rathnayake Sunday, 29 October 2023 01:58 PM

එන ඡනාධිපති මැතිවරණයෙන් පසු මේ හැමෝම ගෙදර... මීළඟ ඡනාධිපති අනුර කුමාර දිසානායක. මාලිමාවට අපි හැමෝම ඡන්දය දේමු. අපගේ මවුබිම හොරුන්ගෙන් රැකගමු.

:       6       9

විපරමා Sunday, 29 October 2023 02:12 PM

කිසිම ජනවරමක් නැති පින් ජනපතියා ඇතුලු පොහොට්ටුවේ දූෂිත ආණ්ඩුව, පොහොට්ටුවේ දූෂිත දේශපාලුවෝ හැමකෙනාම ජනතාව ප්‍රතික්ෂේප කරලා හමාරයි...

:       3       9

Athula Sunday, 29 October 2023 02:40 PM

කවුද හොරුන්ගේ ජේෂ්ඨ..?

:       2       3

Chamila Fernando Sunday, 29 October 2023 02:42 PM

රට වෙනුවෙන් වැඩ කරන්න ඇමැතිකම් ගන්නම ඕනෙද? ඇමැතිකම් ඉල්ලන්නේ ලැබෙන වරප්‍රසාද ගන්න. මේ මිනිස්සු කවදාවත් රට ගැන හිතලා වැඩකරන්නේ නැහැ.

:       1       7

ajith Sunday, 29 October 2023 04:18 PM

ඡන්දයක් තියන්නකෝ. එතකොට රටේ මිනිස්සු කවුද ඇමතිලා කියලා පෙන්නලා දෙයි...!

:       0       5

Samantha Sunday, 29 October 2023 04:39 PM

කිසිම ජනවරමක් නැති පින් ජනපතියා ඇතුලු පොහොට්ටුවේ දූෂිත ආණ්ඩුව, පොහොට්ටුවේ දූෂිත දේශපාලුවෝ හැමකෙනාම ජනතාව ප්‍රතික්ෂේප කරලා හමාරයි...

:       1       5

Bamunuarachchi Monday, 30 October 2023 01:28 AM

හරියට හිතන එක මේ ගොබ්බයො හිතන්නේ හිතුවක්කාරී කියලා. මම රනිල් fan කෙනෙක් නොවෙයි. එත් හරි දේ හරි කියන්න ඕනේ. මේ වෙලාවේ පොහොට්ටුවේ හෝ පිටත ඉන්න ගොබ්බයින්ට ඇමති කම් දීල වාහන ඇතුළු වෙනත් වරප්‍රසාද දීල වියදම් වැඩිකර ගන්නවාට වඩා හොඳයි ඉන්න කෙනෙක්‌ ලව්වාම අනිත් අමාත්‍යංශවල වැඩටික කරවා ගනීම. ජනතාව හැටියට රටේ වැඩ ටික කෙරෙනවා නම් ඇමතියා මොකා උනත් ප්‍රශ්නක්‌ නැහැ. පළාත් සබා නැති උනාට වැඩටික කෙරෙනවා. එහෙනම් පළාත්සභා සභාපතිලා ඕනේත්නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

තරුණයා දැරියකගේ දිවි බේරයි
2024 මැයි මස 18 670 1

කලවාන කුකුළේ ගංගාවට පැන්නේ යැයි කියන දැරියක් එම ප්‍රදේශයේ තරුණයකු ගඟට පැන දිවි බේර ගෙන ඇති බව කලවාන පොලිසිය පැවසීය .


’යුද්ධයෙන් පීඩා විඳි සියල්ලනට එංගලන්තයේ සහාය’- කැමරන්
2024 මැයි මස 18 727 5

ශ්‍රි ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වී වසර 15ක් ගෙවී ඇතත් එම ගැටුම් වලින් මියගිය සහ අතුරුදහන්වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් අදටත් තම ආදරණීයයන්ට සිදුව


ඇල්ල- වැල්ලවාය පාර අදත් වහයි
2024 මැයි මස 18 185 0

ඇල්ල වැල්ලවාය මාර්ගයට කරදගොල්ල මලිතගොල්ල ප්‍රදේශයේදී මාර්ගයට රොම්මඩ සහිත ජලය ගලා ඒම තවදුරටත් පවතින බැවින් අද (18) රාත්‍රි 8.00 සිට හෙට උදෑසන 6.00 දක්වා මාර්


ට්‍රාන්ස්ෆෝමරයක් අසල නාඳුනන සිරුරක
2024 මැයි මස 18 959 2

ගම්පහ ,ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය සොයාගෙන ඇත.


පැවැත්වෙන මැතිවරණය ගැන උදයංග කියයි
2024 මැයි මස 18 2613 12

ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරත


ආර්ථික පරිවර්තන පනත ගැසට්ටුව නිකුත් වෙයි
2024 මැයි මස 18 401 1

ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කෙරිණ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 789 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2338 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2005 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site