(විනීතා එම් ගමගේ)
තිස්ස වැවේ රොන් මඩ ඉවත් කිරීමට අවසර ලබා දෙනවා ද නැද්ද යන්න පුරාවිද්‍යා උපදේශක සභාව මගින් පත් කරනු ලබන කමිටුවක් කරනු ලබන අධ්‍යයනයකින් පසුව තීරණය කළ යුතු යැයි පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියෝ පැවැසූහ.
එකී අධ්‍යයනය සඳහා ඉතා ස්වාධීන කමිටුවක් පත්කිරීමේ අවශ්‍යතාවය ද පවතින බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
හිතුවක්කාර ලෙස වැව් හැරීම අපරාධයක් යැයි පෙන්වා දුන් මේධානන්ද හිමියෝ සංවර්ධනය අවශ්‍ය නමුත් එය රටේ අතීත උරුමය රැකගෙන කළ යුතු යැයි ද පැවැසූහ.
වැව්වල ජලය පවතිද්දී රොන් මඩ ඉවත් කිරීම අසීරු තාක්ෂණයක් නමුත් එය අතීතයේ ද සිදුවූ බවත් පෙන්වා දුන් උන්වහන්සේ තිස්ස වැවෙහි රොන් මඩ ඉවත් කිරීමේ දී පුරාවස්තූන් හමුවනු ඇතැයි තමන් විශ්වාස කරන බවද පැවැසූහ.
විශේෂයෙන් එය ප්‍රතිසංස්කරණය කර ඇත්තේ මීට වසර 150 කට පෙර බැවින් පැරණී සොරොව් බිසෝ කොටු ආදිය හමුවිය හැකි බවද මේ පිළිබඳව පුරා විද්‍යා උපදේශක සභාව වහා සාකච්ඡා කොට තීරණයක් ගත යුතු බව ද මේධානන්ද හිමියෝ පෙන්වා දුන්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැවක් කරන්නේ නිධන් ගන්න නෙවෙයි. මඩ ඉවත් කරලා හැමෝටම ජීවත් වෙන්න වතුර ලබාදෙන්න. ඕකට නිධන් හාරනවා කියලා වැඩේ කඩාකප්පල් කරන්න එපා. කවුරු හරි දන්නවා නම් අහවල් නිධානය තියෙනවා කියලා කළින් කියන්න එපෑයෑ. වැඩක් කරන්න කවුරුවත් නෑ. වැඩේ කඩාකප්පල් කරන්න ඕනෑ තරම් පණ්ඩිතයෝ ඉන්නවා.
හාමුදුරුවනේ, මිනිස්සුන්ට බණ දහම් කියාදීලා නිවනට යවන්න තියෙන වෙලාවේ දේශපාලනේට, පෙළපාලිවලට, උද්ඝෝෂණවලට යන එක අපරාධයක් නෙවෙයිද?