(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සේවකයන්ට ප්‍රසාද දීමනා ඇතුළු විවිධ දීමනා ගෙවීමට ඉකුත් 2022 වර්ෂයේදී භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව රුපියල් කෝටි හැට එකකට ආසන්න මුදලක් වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මේ අනුව සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවීමට රුපියල් කෝටි හතකට ආසන්න මුදලක්ද වෙනත් විවිධ දීමනා ගෙවීමට රුපියල් කෝටි පනස් හතරකට වැඩි මුදලක්ද වැය කර ඇතැයි එම වාර්තාවේ දැක්වේ.
මේ සම්බන්ධයෙන් විගණන නිලධාරීන්ට කරුණු දක්වන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ පාලනාධිකාරිය පවසන්නේ ඉහත දීමනා සම්බන්ධයෙන් භාණ්ඩාගාරයෙන් අනුමැතිය ඉල්ලූ බවයි. ඊට සමගාමීව මුදල් අමාත්‍යාංශයේදී ඉකුත් 2022 වර්ෂයේදී මුදල් රාජ්‍ය අමාත්‍ය ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සහ අනෙකුත් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වූ අවස්ථාවේදී ආයෝජන සංවර්ධන මණ්ඩලයේ දීමනා සහ සේවක ප්‍රතිලාභ ක්‍රම සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය ලබාගත යුතු බව යෝජනා කෙරුණු බව සඳහන් කරයි.
මෙම තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ ඇති 2022ක වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ බැංකුවට හපන් මේ කොල්ලය...
අද රටේ රාජ්‍ය ආයතනවල් නූල් කැඩිච්ච සරුංගල් වගේ. තමන් හිතූ දේ බය නැතුව කරගන යනවා...
ඔතැනත් ජෙප්පො කවුරුවත් ඉඳලාම නැද්ද? යාල හිටියා නම් ඕකට විරුද්ධ වෙනවා එකෙන්ම...