
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
හෝටලයකට යන මාර්ගය ගැන කිව්වේ නැතැයි කියමින් සහකාර පොලිස් අධිකාරීවරයකුට පහර දුන් බව කියන තරුණයෝ දෙදෙනෙක් ගල්කිස්ස මූලස්ථාන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
පහරකෑමට ලක්ව තුවාල ලැබූ සහකාර පොලිස් අධිකාරීවරයා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
රාජකාරි කටයුතුවලින් බැහැරව සිටි සහකාර පොලිස් අධිකාරිවරයා ඔහුගේ මිතුරෙකු හමු වී රාත්‍රී ආහාරය ගෙන බස් රථයකට ගොඩ වීමට ගාලුපාරට පැමිණීමට ද සේරම පාර ඔස්සේ පා ගමනින් පැමිණෙමින් සිටි අතරවාරයේ කාර් රථයකින් පැමිණි තරුණයන් දෙදෙනකු හෝටලයක නමක් කියා එම හෝටලයට යන පාර විමසා ඇතැයි පොලිසිය සඳහන් කරයි.
නාදුනන පුද්ගලයන් දෙදෙනකු වීම නිසා සහකාර පොලිස් අධිකාරීවරයා ඔවුනට පිළිතුරු දීමට නොගොස් ඉදිරියට ගමන් කරමින් සිටි අතරවාරයේ කාර් රථයෙන් බැස ආ තරුණයන් දෙදෙනා සහකාර පොලිස් අධිකාරීවරයාට පහර දී ඇතැයි ද එම උසස් පොලිස් නිලධාරියා කීය.
සහකාර පොලිස් අධිකාරිවරයා සතුව තිබූරාජකාරි ගමන් කථනය ද අස්ථානගත වී ඇති අතර පසුව එහි බැටරිය සහ ඇන්ටෙනාව පොලිසිය සොයා ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අවුරුදු 20 සහ 25 අතර වයසේ පසුවන බොරලැස්ස සහ අත්තිඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති
ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යයි

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.