IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


හිටපු ලොක්කෝ ජනපතිගෙන් තනතුරු ඉල්ලති

(අජන්ත කුමාර අගලකඩ)

ආණ්ඩුවේ හිටපු කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා මුණගැසී තනතුරු ඉල්ලා ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පිරිස ඉකුත් බදාදා කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිවරයා හමුවී තමන්ට රාජ්‍ය අමාත්‍ය තනතුරු කඩිනමින් ලබා දෙන්නැයි ඉල්ලීමක් කර ඇති බව ද එම ආරංචිමාර්ග වලින් පැවසේ.

තමන් කැබිනට් සහ රාජ්‍ය අමාත්‍ය ධුර දරන සමයේ ආරම්භ කළ වැඩසටහන් රැසක් අතරමග නවතා දමන්නට සිදුව ඇතැයි පවසා ඇති ඔවුන් එම කටයුතු සම්පූර්ණ කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි ද දැනගන්නට ඇත.

එහිදී කිහිපදෙනකු පෙන්වා දී ඇත්තේ තමන්ට ගම් ප්‍රදේශවලට පවා යාමට හැකියාවක් නොමැති බවය.

එහිදී අදහස් දක්වා ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් ඇමතිවරුන් සමග සම්බන්ධ වී එම කටයුතුවලට සහාය සහය දක්වන ලෙස දැනුම් දී ඇතැයි වාර්තා වේ. එසේ වුවද රාජ්‍ය අමාත්‍යවරුන් පත් කරන දිනයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එහිදී කිසිවක් ප්‍රකාශ කර නැති බවද දැනගන්නට ඇත.

මේ අතර,කැබිනට් හෝ රාජ්‍ය ඇමතිධුර හිමි නොවීම සම්බන්ධයෙන්, හිටපු කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් ගණනාවක්ම කලකිරීමට පත්ව සිටින බවදදැනගන්නට තිබේ.

 



අදහස් (15)

හිටපු ලොක්කෝ ජනපතිගෙන් තනතුරු ඉල්ලති

C.K.Lankaputhra Saturday, 25 June 2022 08:33 PM

හුඟක් අයට දැන් අතමිට හිඟවෙලා වගෙයි මට පෙනෙන්නේ. පවු අනේ...! කොහොම කාලා බීලා හිටපු අයද?

:       0       81

චන්දිම ෆොන්සේකා Sunday, 26 June 2022 07:23 AM

අර ගෝල්ෆේස් කොල්ලෝ කෙල්ලෝ මැච් බලන්න ගිහින් ආගිය අතක් නැති වෙනකොට ඔන්න දැන් මෙලෝ වැඩක් මේ රටට කරලත් නැති, මෙලෝ වැඩක් කරන්න දන්නෙත් නැති රට කාබාසිනියා කර නැත්තටම නැති කරපු පොහොට්ටු අමන රැල ඔන්න ආයෙත් එකා පිට එකා දිවුරුම් දීගෙන ඇමැතිකම් අරගෙන යාන්තමට හරි රටේ ඉතුරුවෙලා තියෙන ටිකත් කාගෙන බිංදුවටම නැති කරන්න පටන් ගනීවි...

:       0       7

mahinda Sunday, 26 June 2022 07:18 AM

පගාව සම්පූර්ණයෙන් ගන්න බැරිවෙන්න ඇති...

:       0       6

jayath Sunday, 26 June 2022 07:27 AM

අම්මට සිරි අසව් අසව් තනතුරු ඉල්ලන්නේ "ඒ කාලේ කරපු ජනතා සේවය ඉවර කරගන්න බැරි වුණු හින්දලු - ඒ හින්දා ගමට යන්න බැරිලු...!! ගොබ්බසේන මේ වගේ සත්ගුණවත්, පරහිතකාමී තනතුරු නොදීම ජනතාවගේ මූලික අයිතීන් උල්ලංගනය කිරීමක්.. ඒ හින්දා මේක ඉක්මණටම දෙන්න ඕනෑ...!!! ඔබලාටත් අපි කියන්නේ ඉක්මණින් තනතුරු අරගෙන ගමට එන්න... අපි පුලපුලා ඉන්නවා... පිළිගන්න (අර ඒ කාලේ මොනරාගල හාදයා බහුජාතික කම්පැනි පිළිගත්තා වගේ...)

:       0       8

APerera Sunday, 26 June 2022 07:42 AM

ඌරන්ට ජරාව කන්නේ නැතුව ඉන්න අමාරුයි...!

:       1       20

mahee Sunday, 26 June 2022 08:39 AM

අනේ පව් දෙයියනේ... පොඩි එවුන්ට දැන් කන්න නැතිලු. ඔයාලා ඔය තරමට වැඩ කළානම් මේක සුරපුරයක් වෙන්න එපායෑ...

:       0       20

සෙනෙවිරත්න Sunday, 26 June 2022 10:04 AM

වැඩ කරන්න තනතුරු වාහන ලැබෙන්නම එපායෑ. එනකොටත් කිව්වේ එහෙමද? මේක හැදෙන රටක් නෙවෙයි, හදන්නම බැරි රටක්..!

:       0       16

Bandara Sunday, 26 June 2022 10:43 AM

අනේ පව්...!

:       0       10

fairoos Sunday, 26 June 2022 12:07 PM

රට මේ තත්වයට පත්කරපු නන්දසේනත් දැන් කලකිරීමෙන් වගේ...

:       1       14

Rata Perata Sunday, 26 June 2022 12:22 PM

මේ වගේ අකාර්යක්ෂම රාජ්‍ය නායකයෙක් මුළු ලෝකෙම නැතිව ඇති...

:       3       17

Sunil Sunday, 26 June 2022 12:29 PM

රට තවත් අගාධයට ඇද දමන්නද?

:       0       14

Athula Sunday, 26 June 2022 12:36 PM

පේනවද මෙයාලාට තියෙන ප්‍රශ්න?

:       0       12

Chandima Sunday, 26 June 2022 01:37 PM

මිනිස්සු... මේ ගොල්ලන්ගේ ගෙවල් ගිනිතිබ්බේ ගෙදර නැතිවෙලාවෙනේ...

:       2       15

බෙම්පි Monday, 27 June 2022 08:14 AM

පුදුම දුකක්නේ දැන් මේ අයට අපි ගැන ඇතිවෙලා තියෙන්නේ. ඔයාලා මෙච්චර කාලයක් රටට කරපු දේ මදිද. පාරට බැහැපුවාම පේනවා නේද ඒක. අයෙත් හිතන්නවත් එපා තනතුරු ගන්න. දැන් කරපු ඒවගේ විපාක විදින්න වෙයි. මෙච්චර විනාස කරපු රටක් ලෝකේ කොහෙවත් නැතුව ඇති. රජයක් නැතිව නිකන් තිබුනානම් මේ රට සුරපුරයක්. පෙර රජවරු මේ රටට අවශ්‍ය හැම දෙයක්ම සම්පාදනය කරලා තිබුනේ මුන් ඒවා කාබාසිනියා කෙරුවා. දැන් මිනිස්සුන්ට කන්නවත් නෑ. හාල් හිගාකනවා පව් ශ්‍රීලංකා අපි.

:       0       4

sharm warn Monday, 27 June 2022 09:00 AM

බඩගිනි වෙලාද? ගරු කටයුතු මන්ත්‍රීතුමන්ලාට...? එන්නකෝ ගම්වලට... කට්ටිය කන්න බොන්න දෙන්න... බඩගින්නේ ඉන්නේ... බලයට පත්වූ කුහක බයියනි.., ඔහෙලාට දැන් සැපද? සතුටුයිද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

හපුතලේ ගමකට මහ සුළඟක්
2025 මැයි මස 13 317 0

හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත


මෙරට තරුණයන්ගෙන් ලක්ෂ 65 අක්‍රියයි
2025 මැයි මස 13 511 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


වෙන්නප්පුව මුහුදේ සිවු දෙනෙක් ගසාන යති
2025 මැයි මස 13 363 0

වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව


මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 654 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 1293 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 614 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1302 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1548 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site