(කේ. බුද්ධික කුමාරසිරි)
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ලෙස යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් පැහැරගෙන ගොස් වෙඩි තබා ඝාතනය කළ හිටපු යුද හමුදා සාමාජිකයකු වන බුද්ධික ප්‍රසාද් නොහොත් පැට්ටා යන අයගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට එම ප්‍රදේශයේ ම පදිංචි කාන්තාවක් අද (11) අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කරන බව නවගමුව පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය
මෙම ඝාතනය ඩුබායි හි සිටින පාතාල ක්‍රියාකාරියෙකු විසින් මෙහෙයවා ඇති බවට ලද තොරතුරක් මත මෙලෙස මෙම කාන්තාව සැකපිට අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කරන බවත් ඇය මෙම ඝාතනයට සෘජුවම සම්බන්ධ බවට මෙතෙක් අනාවරණය වී නොමැති බවත් එම උසස් නිළධාරීයා වැඩි දුරටත් පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd