IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


හිටපු මාණ්ඩලික ප්‍රධානී ජාජබ වේදිකාවේ

(සුමිත් පොතුපිටිය)

යුද හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් නිශ්සංක විජේසිංහ මහතා කළුතර දී ජාතික ජන බළවේගයේ වේදිකාවට එක්විය.

කළුතර මැතිවරණ කොට්ඨාසයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකය  කළුතර දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ ආසන හමුවේදී මෙසේ වේදිකාවට එක්විය.

එහිදී පැමිණ සිටි පිරිස ඇමතූ මේජර් ජෙනරාල් නිශ්සංක විජේසිංහ මහතා මෙසේ අදහස් පළ කළේය.

අපි ජීවිත පරිත්‍යාගයෙන් යුද්ධය කරලා දිනාගත් රට භාරදුන්නේ පහත් දේශපාලකයන්ට. ඒ නිසා අද රටේ තත්ත්වය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානිවරයකු මීට පෙර මෙහෙම කතා කරල නෑ. මම මෙතනට ආවේ යමක් බලාපොරොත්තුවෙන් නොවෙයි. මට රට ගැන ඇත්තේ  කණගාටුවක්, මොකද දැන්  අනාගතයක් නැති රටක් වෙලා.

ඒක දැක්කම මට තියෙන්නේ එකම කණගාටුවක්. අපි එදා යුද්ධය තිබ්බත් මරණය දැක දැක යුද්ධය කළත් සතුටින් ඒක කළා. ඒක අපි ජීවිත පරිත්‍යාගයෙන් කළා. ඒත් යුද්ධයෙන් පස්සේ අපි බලාපොරොත්තු වුණේ මේ වගේ රටක් නොවෙයි.

අපි බලාපොරොත්තු වුණේ සාධාරණ සමාජයක්, උසස් ආර්ථික තත්ත්වයක්, යහපත් විශ්‍රාමික ජීවිතයක්. අද ඒක උදා වෙල නෑ යනුවෙන් පැවසීය .

 



අදහස් (15)

හිටපු මාණ්ඩලික ප්‍රධානී ජාජබ වේදිකාවේ

kaalagune Sunday, 20 August 2023 01:59 PM

හමුදාව පාලනයයි, රට පාලනයයි කියන්නේ දෙකක් ගොයියෝ... ෆොන්සේකා, ගෝඨාභය වගේ තවත් උදාහරණ ගොන්නයි.. ඒ වගේම සිවිල් පරිපාලනයට හමුදාව යොදවපු හැමතැනම ඒ හමුදා නිලධාරීන් ඇනගත්තා. මතකයිනේ මිල පාලනේ කරපු හැටි. ඒ වගේම වී මිල පාලනය කළ හැටි. ඒ නිසා නොදන්නා දේශපාලනය කතා නොකර පැත්තකට වෙලා හිටියොත් හොඳ නැතිද?

:       81       25

silvaSunday, 20 August 2023 05:06 PM

කාලගුණේ, මේ මනුස්සයා රට පාලනය කරන්න ඇවිත් නෑ නේද? ඕනෑම මනුස්සයෙක්ට දේශපාලන මතයක් දරන්න අයිතියක් තියෙනවා. හැබැයි ප්‍රශ්නය වෙන්නේ මම තමයි පොර කියලා හිතාගෙන අනිත් මිනිස්සුන්ව තුට්ටු දෙකට දාලා වැඩ කරන්න ගියාම. ඔය කියන අයට වුනෙත් ඒක... දෙන්නම ආවේ හොරුන්ගේ කරපිටින්. ඊට පස්සේ හොරු ටික නිසාම වැනසුණා. ෆොන්සේකා නම් දින්නේ නෑනේ. කවදාවත් මහජන ඡන්දෙකින් බලයට එන්න බැරි කෙනෙක් වෙනුවෙන් බෙල්ල තිබ්බා. පස්සේ බොරු නඩු පටලවලා හිරේ දාලා විනාශ කරලා දැම්මා. ඒ මනුස්සයාව ඡන්දෙට පැටලෙව්ව එකා ඇහැක්වත් ඇරලා බැලුවාද ඒ මනුස්සයා දිහා...?

:       7       47

අරවින්ද මොනරවිලMonday, 21 August 2023 06:39 PM

ජාතික ජනබලවේගය වටා එක්රැස් වෙන ජනතාව දිහා බලලා කාලගුණේ හොඳටම කුලප්පුවෙලා, හමුදාවේ හිටියා කියලා සිවිල් පරිපාලනයේදී හැමෝම අසාර්ථක වෙන්නේ නැහැ. ඒ වගේම දේශපාලන කෙරුවා කියලා හැමෝටම රට පාලනය කරන්න බැහැ. ඒකට හොදම උදාහරණ රනිල්... රනිල්ට බැහැ කියලා හොඳටම ඔප්පු කරලයි තියෙන්නේ...

:       2       7

Nandasena grMonday, 21 August 2023 06:15 AM

මෝඩයෙක්.මේ මනුස්සයා කියලා තියෙන්නේ මොකක්ද කියලා හරියට බලහං කලබල නොවී.

:       0       8

සොරිසේන Monday, 21 August 2023 07:08 AM

මෙතුමා හමුදා පාලනයක් ගැන නෙමෙයි නේද කියන්නේ? තවපාරක් පාරක් ඉස්කෝලේ යන්න මේක තේරෙන්නේ නැත්තn

:       1       8

suramya Sunday, 20 August 2023 02:15 PM

අපේ රටට අවශ්‍ය ඉතා වේගයෙන් පරීක්ෂාවට ලක්වෙමින්, වෙනස්වෙමින් නායකයන් බිහිකිරීමේ යාන්ත්‍රණයක්. මෙය සෑම දේශපාලන පක්ෂයකටම පොදුවිය යුතුයි. ඇමරිකාවේ මෙය අවුරුදු 4කට වරක් සිදුවෙනවා. මෙහෙ දේශපාලන විපක්ෂ නායකයෙක් නැහැ. එය සැම දෙනාටම විවෘත්තයි. ඕන කෙනෙකුට හැකියාව පෙන්වා ප්‍රධාන දේශපාලන පක්ෂ 2න් ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකියි. ට්‍රම්ප් හොඳම උදාහරණයක්...

:       0       30

යෝගා Sunday, 20 August 2023 02:38 PM

මෝල්ටාවේ අනාගත ශ්‍රී ලංකා තානාපතිද?

:       52       15

මැක්ස් Sunday, 20 August 2023 02:48 PM

හිටපු මාණ්ඩලික ප්‍රධානි මහතාගේ නම අප අසා නොමැති වුවත්, මෝල්ටාවට ජයවේවා!

:       45       20

gaminiSunday, 20 August 2023 04:57 PM

තොප්පිගල කැලයක් කියපු එකාගේ නම දන්නවද? නැත්නම් අර 21 වෙනිදා ගහලා යනකල් බලන් හිටපු එකාගේ නම. එදා හිටපු ආරක්ෂක ලේකම්ගේ, ඇමතිගේ නම... නිශ්ශංක මහත්තයා තමයි යුද්දේ අන්තිම කාලේ මාණ්ඩලික ප්‍රධානි හිටියේ. ඒ කියන්නේ හමුදාවේ දෙවැනියා...!

:       0       30

ජුනයිඩ් නානාMonday, 21 August 2023 08:51 AM

බොරු නොකියා ඉදිං මලේ.. අනුරයියා වගේමයි බං!

:       7       2

sarath Sunday, 20 August 2023 03:16 PM

මුළු රටේම ඉන්න දේශප්‍රේමී නිශ්ශබ්ද සුළුතරය මේ රට හූරාකන අමන දේශපාලකයින්ට, ඔවුන්ට කඩේ යන දුෂිත නිලධාරීන්ට, ගල්බෝතලේට, බත් පැකට් එකට මේ රට පාවාදෙන නිවට පාක්ෂිකයින්ට විරුද්ධව නැගිටින දවසක් ළඟම එනවා. එදාට හිල්රුක්ලට, රුද්‍රිගුලාට ජී අයි බට අස්සේ හැංගිලා කුණු වතුර ගහලා, කදුළු ගෑස් ගහලා ඒ ජනබලය නවත්වන්න බැරි වෙයි...

:       2       44

Rata Perata Sunday, 20 August 2023 05:07 PM

ජාජ බලවේගය අපිට තියෙන හොඳම විසඳුම නොවෙන්න පුළුවන්. ඒත් මොලයක් තියෙන ඕන කෙනෙක්ට තේරෙනවා දැනට තියෙන එකම විකල්පය කියලා. තවත් එකඑක පවුල් හදන්නේ නැතිව රට ගැන හිතමු.

:       8       58

Suman Udage Monday, 21 August 2023 07:41 AM

ඔව්, අපට වෙනත් විකල්ප නොමැත. මලිමාව නායකත්වය දූෂිත නොවන අතර මේ ජරා දේශපාලනයෙන් අපව ගොඩ ගන්නා වැඩපිළිවෙළක් එයට ඇත.

:       2       9

Uva සිංහල Tuesday, 22 August 2023 11:55 AM

ෆොන්සේකා ලැග්ගෙත්,මෙයා ලගින්නෙත් ඩීල් කාරයා වුන අනුරය්යය්ගෙ ඌරුකොටුවෙ. මොනා වුනත් අන්තිමට කිචවෙල බලුමාක් වෙන එක විතරයි වෙන්නෙ .

:       1       1

Bamunuarachchi Wednesday, 23 August 2023 01:19 AM

මාණ්ඩලික ගොයියෝ ඔහෙලා යුද්දේ දිනා ගන්න බැරුව බුරුතු පිටින් මැරුණා අමතකද? අවුරුදු කීයක් සොල්දාදුවෝ බිලි උනාද? ඒ මොකද? යුද්ද යට නියම දේශපාලන නායකත්වයක්‌ නොලැබුන නිසා නේද? නියම දේශපාලන නායකත්වය ලැබුනේ කාගෙන්ද? ඒ නායකත්වය නොලැබෙන්න ඔහෙ අද ජීවතුන් අතර නැතිවෙන්න බොහෝ ඉඩ තිබෙනවා. ඒක පැත්තකින් තියමු ඔහේ 1989 කාලේ හමුදාවේ හිටියද? එහෙනම් ඒ කාලේ ජෙප්පෝ කී දෙනෙක් පරලොව යැව්වාද? ජෙප්පන්ගේ පාලන ක්‍රමය ගැන අවබෝධයක් ඇතුවද ජෙප්පෙක් උනේ? අපෙන් කොමිනිස් පාලනයකට කැමැත්ත ලැබෙන්නේ නැහැ. ඔබ වේදිකාවට නැග්ගා කියලා විශේෂත්වයක් නැහැ. ඔබ‍ට කරන්න පුළුවන් කෙන්ගෙඩියක් නැහැ. අපිට ඔබ තවත් ජෙප්පෙක් පමණයි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 365 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site