(ලසන්ත නිරෝෂණ පෙරේරා )
2015 ජනාධිපතිවරණයේ ප්‍රචාරක රැලියක සැරසිලි කරමින් සිටියදි එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවකු ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධ පරික්ෂණවලදි කහවත්ත පොලිසියට බලපෑම් කිරිමේ චෝදනාවට වරදකරු වී පස් අවුරුදු සිර දඩුවමක් නියව සිට සබරගමුව පළාත භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහ රුපියල් තිස්දාහක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහ බැඟන්වන ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය.
හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට බාර දෙන මෙන් ද මහාධිකරණ ව්නිසුරුවරිය වැඩිදුරටත් නියෝග කළාය.
2023 ඔක්තෝබර් මස 26 වන දින අභිආයචනයට යටත්ව සිදු කරන ඇප අයදුම් පත සලකා බැලූ රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය සැකකරු ඇප මත මුදා කිරිමට නියෝග කළාය.
රත්නපුර මහාධිකරණයේදී 2023.09.25 දින සුළු දඬුවම් සහිත වසර පහක සිර දඩුවමක් නියම කළ ලලිත් අනුරුද්ධ ජයසිංහ මහතා එම සිර දඩුවම විදිමින් සිටියදි ඔහුගේ බිරිඳ නීතිඥ පණ්ඩුල වන්නිආරච්චි මහත්මි මගින් 2023 ඔක්තෝබර් මස 26 වන දින අභියාචනයට යටත්ව සිදු කරන ඇප අයදුම් පත සලකා බැලූ රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය සැකකරු ඇප මත මුදා කිරිමට නියෝග කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චොකා මල්ලි ඇමති, කඩේ ගිය උන් හිරේ .කඩේ යනවට හොඳ පාඩම්
දැන් පේනවනේ දේශපාලුවන්ට කඩේ ගිහින් වෙච්ච් දේ.
දේශපාලුවන් පස්සේ ගිහින් අහිංසක මනුස්සයෙක් මැරුව එක අන්තිමට උන පාඩුව. පවුලේ අයට අන්තිමට උන් ඔක්කොම එක යාලුවෝ
ගරු ඇමති චොකා මල්ලි ඝාතනයට කුමක් සිදුවේද?
මෙයාගෙ පැටිකිරිය ගැන රටම දන්නව. මෙයා නේද යාපනෙ විද්‍ය දැරියගෙ ඝාතනය යටගහන්න හැදුවෙ.
සේවයේ සිටියදී පහළ තනතුරුවල නිලධාරීන් වහලුප් යැයි සිතමින් මවාගත් ලොකුකමකින් වැඩ කරපු මොහු ගැන දන්නා පොලීසියේ නිලධාරීන් කිසිවෙක් කණගාටු වෙන එකක් නැහැ. වෘත්තියමය ඊර්ෂ්‍යාව (professional jelousy) උසස්වීම් ලබාගන්නට පොලීසියේ තිබුණු විභාග ක්‍රමය ක්‍රමයෙන් අහෝසි කිරීමට සහ සාම සාධක රාජකාරි යෑම සීමා කිරීමට එවකට සිටි පොලිස්පතිවරුන්ව පෙළඹ වූ මොහු පොලීසියට අපකීර්තියක් ගෙන දුන්නා මිස යහපතක් කළ අයෙකු නොවේ.