(ලසන්ත නිරෝෂණ පෙරේරා )
2015 ජනාධිපතිවරණයේ ප්‍රචාරක රැලියක සැරසිලි කරමින් සිටියදි එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවකු ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධ පරික්ෂණවලදි කහවත්ත පොලිසියට බලපෑම් කිරිමේ චෝදනාවට වරදකරු වී පස් අවුරුදු සිර දඩුවමක් නියව සිට සබරගමුව පළාත භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහ රුපියල් තිස්දාහක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහ බැඟන්වන ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය.
හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට බාර දෙන මෙන් ද මහාධිකරණ ව්නිසුරුවරිය වැඩිදුරටත් නියෝග කළාය.
2023 ඔක්තෝබර් මස 26 වන දින අභිආයචනයට යටත්ව සිදු කරන ඇප අයදුම් පත සලකා බැලූ රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය සැකකරු ඇප මත මුදා කිරිමට නියෝග කළාය.
රත්නපුර මහාධිකරණයේදී 2023.09.25 දින සුළු දඬුවම් සහිත වසර පහක සිර දඩුවමක් නියම කළ ලලිත් අනුරුද්ධ ජයසිංහ මහතා එම සිර දඩුවම විදිමින් සිටියදි ඔහුගේ බිරිඳ නීතිඥ පණ්ඩුල වන්නිආරච්චි මහත්මි මගින් 2023 ඔක්තෝබර් මස 26 වන දින අභියාචනයට යටත්ව සිදු කරන ඇප අයදුම් පත සලකා බැලූ රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය සැකකරු ඇප මත මුදා කිරිමට නියෝග කළාය.
2025 දෙසැම්බර් මස 18
20
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහට ඇප
Prabha Tuesday, 16 January 2024 10:44 PM
චොකා මල්ලි ඇමති, කඩේ ගිය උන් හිරේ .කඩේ යනවට හොඳ පාඩම්
Pankumburage Wednesday, 17 January 2024 02:25 AM
දැන් පේනවනේ දේශපාලුවන්ට කඩේ ගිහින් වෙච්ච් දේ.
ranjith Wednesday, 17 January 2024 07:36 AM
දේශපාලුවන් පස්සේ ගිහින් අහිංසක මනුස්සයෙක් මැරුව එක අන්තිමට උන පාඩුව. පවුලේ අයට අන්තිමට උන් ඔක්කොම එක යාලුවෝ
Ratne Wednesday, 17 January 2024 08:06 AM
ගරු ඇමති චොකා මල්ලි ඝාතනයට කුමක් සිදුවේද?
Senarath Wednesday, 17 January 2024 09:24 AM
මෙයාගෙ පැටිකිරිය ගැන රටම දන්නව. මෙයා නේද යාපනෙ විද්‍ය දැරියගෙ ඝාතනය යටගහන්න හැදුවෙ.
Sarath Perera Wednesday, 17 January 2024 11:42 AM
සේවයේ සිටියදී පහළ තනතුරුවල නිලධාරීන් වහලුප් යැයි සිතමින් මවාගත් ලොකුකමකින් වැඩ කරපු මොහු ගැන දන්නා පොලීසියේ නිලධාරීන් කිසිවෙක් කණගාටු වෙන එකක් නැහැ. වෘත්තියමය ඊර්ෂ්‍යාව (professional jelousy) උසස්වීම් ලබාගන්නට පොලීසියේ තිබුණු විභාග ක්‍රමය ක්‍රමයෙන් අහෝසි කිරීමට සහ සාම සාධක රාජකාරි යෑම සීමා කිරීමට එවකට සිටි පොලිස්පතිවරුන්ව පෙළඹ වූ මොහු පොලීසියට අපකීර්තියක් ගෙන දුන්නා මිස යහපතක් කළ අයෙකු නොවේ.