(නිමන්ති රණසිංහ)
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබදව කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කටඋත්තරයක් සටහන් කර ගැනීම සදහා හිටපු නිතිපති දප්පුල ද ලිවේරා මහතාට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හෙට (19) පෙනී සිටින ලෙස දැනුම් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
හිටපු නිතිපති දප්පුල ද ලිවේරා මහතා විශ්‍රාම යෑමට දින කිහිපයකට පෙර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පිළිබදව කරුණු විමසීම සදහා මෙම කැදවීම කළ බවද හෙතෙම සදහන් කළේය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරුවන් සිටින බවටත් එම ප්‍රහාරය පිටුපස කිසියම් කුමන්ත්‍රණයක් සිදුවී ඇති බවටත් සදහන් කරමින් හිටපු නිතිපති දප්පුල ද ලිවේරා මහතා විශ්‍රාම යෑමට පෙර මෙම ප්‍රකාශය සිදුකර තිබිණී.
මේ සම්බන්ධයෙන් අප, අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අප කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ, හිටපු නිතිපතිවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් කටඋත්තරයක් සටහන් කර ගන්නා ලෙසට නිතිපතිවරයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට දැනුම් දී ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත කතාකරන පුද්ගලයින්ව විනාශ කිරීම තමයි මේ රටේ අමනයින්ගේ ස්වභාවය. සත්‍යය පවසන හඬ නිහඬ කිරීමට කොතරම් වෙර දරුවත්, සත්‍යයේ හඬ මේ භුමිය තුළ දෝංකාර දෙනවා. ප්‍රහාරයේ කුමන්ත්‍රණ කරුවන් සහ එහි මහමොලකරුවන් හා ප්‍රහාරය සිදුවෙන බව දැනදැනම එය වළක්වා නොගත් හා මොනයම් ආකාරයෙන් ඒ ප්‍රහාරයට සම්බන්ධ වූවන්ට හා ඔවුන්ගේ පරම්පරාවලට ඒ මළාවූ මිනිස් ආත්මවල, ලේවල ශාපය සසර පුරාවටම අත්වේවා!! එසේ නොවෙනවා නම් අපි අදහන අගම ධර්මයන් සියල්ල බොරු...
මෙපමණ කාලයක් ත්‍රස්ත විමර්ෂණ කොට්ඨාශය නිදාගෙනද දන්නේ නැහැ හිටියේ...?