IMG-LOGO

හිටපු ජනපතිගේ ආධාරකරුවෝ බ්‍රසීලය වනසති

බ්‍රසීලයේ ජනාධිපති මන්දිරය, ශ්‍රේෂ්ඨාධිකරණය සහ පාර්ලිමේන්තුවට කඩා වැදි එරට හිටපු ජනාධිපති යාර් බොල්සොනාරෝගේ ආධාරකරුවන් එම ගොඩනැගිලි වල තිබූ මිල කළ නොහැකි කලා නිර්මාණ විනාශ කර ඇති බවත් එම ගොඩනැගිලි වල තිබූ කාර්යාල විනාශ කර ඇති බවත් බ්‍රසීල මාධ්‍ය වාර්තා කර ඇත.

මේ වන විට ගොඩනැගිලිවලට කඩා වැදි ආධාරකරුවන් 1500 ක් පමණ ප්‍රශ්න කිරීමට රැඳවුම් භාරයට ගෙන ඇතැයි බ්‍රසීල පොලිසිය ප්‍රකාශ කර තිබේ. ජනාධිපති මන්දිරය, ශ්‍රේෂ්ඨාධිකරණය සහ පාර්ලිමේන්තුව නූතන ගෘහ නිර්මාණ ශිල්පයේ නිධාන ලෙස සැලකෙන බවත් කඩා වැදි පිරිස් කළ හානිය මිල කළ නොහැකි බවත් බ්‍රසීල බලධාරීන් පෙන්වා දී ඇත. හානි කර ඇති කලා නිර්මාණ අතර එක් නිර්මාණයක් ඩොලර් මිලියන 1.5 ක වටිනාකමකින් යුක්ත වන බව බ්‍රසීල බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

බ්‍රසීලියා නගරයේ හමුදා මූලස්ථානය ඉදිරිපිට කඳවුරු බැඳ සිටි 3000 පමණ පිරිසක් හමුදාව සහ පොලිසිය එක්ව ඉවත් කර බවත් ප්‍රජාතන්ත්‍රවාදයට සහාය දක්වමින් සහ කඩා වැදි පිරිසට විරෝධය දක්වමින් දහස් සංඛ්‍යාත පිරිසක් බ්‍රසීලයේ විශාලතම නගරය වන සාඕ පවුලෝ වෙත එක්රැස් වූ බව බ්‍රසීල මාධ්‍ය වාර්තා කර තිබේ.

පාර්ලිමේන්තුවට කඩ වැදීම ත්‍රස්තවාදී ක්‍රියාවක් බවත් සියල්ලටම දැඩි දඬුවම් පමුණුවන බවත් බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා පවසා ඇත.කඩා වැදි දින එරට වේලාවෙන් සවස 6.30 වන විට ජනාධිපති මන්දිරය, ශ්‍රේෂ්ඨාධිකරණය සහ පාර්ලිමේන්තුව ආධාරකරුවන්ගේ මුදා ගැනීමට බ්‍රසීල ආරක්ෂක අංශ සමත් විය.

034



අදහස් (1)

හිටපු ජනපතිගේ ආධාරකරුවෝ බ්‍රසීලය වනසති

fairoos Tuesday, 10 January 2023 12:50 PM

අපේ හිටපු ජනාධිපතිගෙනම් ආදාරකරුවො හොයාගත්තද දන්නෑ

:       5       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 631 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 765 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 326 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site