IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


හිටපු ජනපති හිමිකම් කපන පනත සම්මතයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

හිටපු ජනාධිපති වරප්‍රසාද කප්පාදු කිරීමේ පනත වැඩි ඡන්ද 150 කින් සම්මත විය.

පනතට පක්ෂව ඡන්ද 151ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද එකක් ලැබිණි.

පනත් කෙටුම්පතට එසේ විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාය.

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සංශෝධන රහිතව සම්මත වූ බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සභාවට නිවේදනය කළේය.



අදහස් (23)

හිටපු ජනපති හිමිකම් කපන පනත සම්මතයි

පිටරැටියා Wednesday, 10 September 2025 04:00 PM

අද අපිට අහන්න ලැබුණු සුබම සුබ ආරචියක්. මාළිමා ආණ්ඩුවට ජයෙන් ජයම වේවා... අපේ රටේ ජනතාවට යහපතක්ම වේවා..

:       41       162

සමන්-ඕමානයWednesday, 10 September 2025 07:46 PM

හහ් හහ් හා! දැන් ඉතින් රට සංවර්ධනය වෙලා, ජනතාව සුඛිත මුදිත වෙලා, රට සියලු ජාත්‍යන්තර ණය බරෙන් මිදිලා, නියම දියුණුවක් ලබා ගන්න පුළුවන් වෙයි !!! ජෙප්පන් හා පාපිස්සන් ගේ සිඟිති ආතල්!. පුනරුදයේ උපරිමය...! JVP (ජාන විකෘති පරපුරේ) බැලයින් ගේ උපරිම මානසික ආශ්වාදය!!! ඔහොම යං, ඔහොම යං, පුනරුදයේ තව තව සිඟිති ආතල් ඉස්සරහට තියෙයි...

:       86       34

Pubbowe KalubandaThursday, 11 September 2025 07:57 AM

මේ අදහසට අකමැතියි කියපු අය වැඩියි ඒක 3% පිරිසෙන් ලැබුනු ලකුණු වෙන්න පුලුවන්. 2019 දී ගෝඨාභයට ලක්ෂ 69 යි අනුර ප්‍රතිශතය අනුව දිනුවත් ලියාපදිංචි ඡන්දයෙන් ලැබුවෙ ලක්ෂ පනහට අඩුවෙන්නේ මහ මැතිවරණය වෙලාවෙ ගෝඨාභයට ලැබුනු ලක්ෂ 69 නුත් මොවුන්ට ලැබුනෙ 68යි මහ මැතිවරණය පසුවී මාස කීපයකදී පැවති පළාත් පාලන එකේදි ලක්ෂ විස්සක් අඩුවුනා දැන් ඉතින් උගන්ඩාවට ගෙනගියා කියපු සල්ලි නැතුවත් හිටපු ජනාධිපති වරප්‍රසාද කැපීමෙන් ඉතිරි මුදලිත් රටේ ස්වයංපෝෂිනය කරන්න බැරියැ

:       1       2

ගුණරත්නWednesday, 10 September 2025 08:09 PM

මාළිමාවුන්ට නම් සුබාරංචියක් තමා, මොකද මේක තනිපක්ෂ රජයක් කරා යන ගමනේ පියවරක් නිසා. දැන් වරප්‍රසාද නැතිව පොකට් එකෙන් වියදන් කරගෙන දේශපාලනය කරන්න කැමති උනුත් ලංකාවේ මහා ධනවත්ම පක්ෂය වන ජවිපෙත් හැර වෙන කිසිවෙක් ඡන්දවලට ඉදිරිපත් වෙන එකක් නැහැ. ටිකෙන් ටික ඡන්ද දියාරු වෙලා විපක්ෂයෙන් නාමික අපේක්ෂකයන් ඉදිරිපත් වෙයි, එකත් නැත්තටම නැතිවෙලා ජවිපෙ විතරක් පාලනය කරන චීන ක්‍රමයේ පාලනයක් ඒවි! එත් අපි ඒවාට ඉඩ දෙන්නේ නැහැ, කෙසේ හෝ ඊළඟ ඡන්දයෙන් මාලිමාව ගෙදර යවනවා...

:       75       30

Anil Wednesday, 10 September 2025 04:02 PM

ජයෙන් ජයම වේවා...!!! මගේ ඡන්දයට වටිනාකමක්...

:       39       148

eresh Wednesday, 10 September 2025 04:13 PM

මෙතෙක් දැක ඇති හොඳම ඡායාරූප සංයෝජනය

:       18       108

C.K.Lankaputhra Wednesday, 10 September 2025 04:19 PM

ජයවේවා!

:       28       102

Dinesh Wednesday, 10 September 2025 04:24 PM

ඉස්සර හිටියා බමුණුආරච්චි කෙනෙක්, දැන් හොයගන්න නෑ මේවගේ හොඳ දේවල් වෙනකොට.

:       19       91

චමින්දි කැටගල් ආරගේThursday, 11 September 2025 09:27 AM

අම්මලා දුක්ගන්නේ කියන්නෙ නැතුව අප්පලා දුක්ගන්නේ කිව්වොත් නිවැරදියිද කියල හිතෙන්නෙ ඔය කියන කෙනා ඒවා කලේ තමන්ගෙ දරුවො රජුන් කරන්නද කියලම හිතෙනවා ඔහුගේ බලාපොරොත්තුව ඉටුවෙලා සතුටින් එයා සමාදානයේ සැතපිලා අවසන් කියල කවුදෝ කියනවා ඇහුනා

:       0       0

චින්තක Wednesday, 10 September 2025 04:39 PM

මෙන්න වැඩ, ජයවේවා,ජයවේවා, ජයවේවා

:       26       99

කෝරලගේ Wednesday, 10 September 2025 04:46 PM

මේ අය මේ තරම් තණ්හාව. ජනාධිපතිකම දරණ කාලේ හොඳට ඇති තරම් සැප සම්පත් වින්දා. නමුත් රටට කල කිසිම දෙයක් නැති තරම්. අද අපේ අනුර ජනාධිපතිතුමා මොනතරම් දේවල් තමාගෙ වරප්‍රසාද අයින් කරලා රටට යහපත් දේවල් කරලා දූෂණය අවම කරලා රට සත පහක හොරකමක් නැතුව රට ලස්සනට කරගෙන යනවා. අපිට ඒ ඇති.

:       24       107

Edirisingha Thursday, 11 September 2025 09:44 AM

ඇත්තටම කෝරළේ මහත්තයා ඔබතුමාට පිස්සුද පිස්සු නැත්නම් පැරණි පිංතූර තියෙන තැන්වලදී 1948 න් පසුව 1950 පමණ කාලයේ ( කවුද කෙනෙක් කිව්වා1950 සිට තවම අවුරුදු 76 ක් නැහැලු පාසලක් කිට්ටුවටවත් නොගිය මමනම් ඒ කතාව ඇත්තද කියල දන්නෙ නැහැ) කොළඹ මහනුවර වැනි ප්‍රධාන නගරවල පිංතූරත් ඒ තැන්වල ඇවිදලා දැන් තත්වයත් බලන්නකෝ බලාගෙන නරින්ගේ හූව විශ්වාස නොකර වෙනසක් තිබේනම් කලේ මොකාද හිතපං ඒ සමග පුලුවන් නම් ජෙප්පො ගිනිතබා විනාශ කරපුදේත් බලන්නකෝ

:       3       0

Neel Wednesday, 10 September 2025 05:11 PM

මම යනවා යෝගයි, ගුණේ වයි හොයන්න. මොනවා හරි කරගෙනද දන්නේ නැහැ දැනටම?...

:       15       41

මැක්ස් Wednesday, 10 September 2025 05:14 PM

චිචීගේ රොකට්ටුව පැලවත්තට කඩා වැටීම නිසා යටිබිම ගත වූ මාලිමා වොෂින්ටන් බලකාය දැන් නැවතත් සලුපිළි හැඳ පැළඳ රටේ දැවැන්ත ප්‍රශ්නයක් විසඳුවා යනුවෙන් යනු ඇත...

:       66       29

Aruna Wednesday, 10 September 2025 05:46 PM

අම්මලා තාත්තලා වයසට ගියහම පයින් ගහලා පාරට දාන රටේ මේක අමුතු දෙයක්ද?

:       47       35

arn Wednesday, 10 September 2025 05:47 PM

ආයේ කවදාකමවත් මාලිමාවේන් ජනාධිපති කෙනෙක් බිහි නොවන නිසා මෙහෙම දේවල් කරන එක අරුමයක් නෙමෙයි...

:       66       31

ගමේ එකාලා Wednesday, 10 September 2025 06:10 PM

ජනතාවගේ රීරී මාන්ස හූරාගෙන කාපු හිටපු ජනාධිපතිවරුන්ට මොන වරප්‍රසාද ද? වහලුන්ට නම් දරාගන්න බැරිවෙයි....

:       20       66

Asela Wednesday, 10 September 2025 06:25 PM

වහලුන්ගේ විනෝදය සඳහා NPP පාලන තන්ත්‍රය විසින් කරන ලද විශිෂ්ට ජයග්‍රහණයක්. නවෝත්පාදනයක් නැත සහ ආර්ථික ප්‍රකෘතිය සඳහා සංයුක්ත සැලැස්මක් නැත. යාචක මානසිකත්වය අවුරුද්දේ ඉතිරි කාලය පුරාම සර්කස්...

:       43       30

නිමල් Wednesday, 10 September 2025 08:10 PM

මේ පනත ගැන අඩබෙර ගහලා මාසයක් විතර දුවන්න පුළුවන් ආන්ඩුවට. වෙන වැඩක් කරන්නේ නෑනේ. දැන් මේ පහසුකම් ටික නැතිකිරීමෙන් ඩොලර් බිලියන කීයක් ඉතුරු වෙනවාද? මේවා අහිමි කරපු එක හොද තීරණයක්. ඒත් මේවා කරලා නම් මේ රට ගොඩගන්න බෑ. ප්‍රඩක්ශන් වැඩි කරන්න මෙලෝ දෙයක් කරල නෑ. ගැලරිය චූන් විතරයි. ගොවියෝ හෙන ඉල්ලනවා. ජීවන බර අහස උසට. නීතිය සමාන විපක්ෂය ට විතරයි. ආන්ඩුවේ මිනිස්සු ගැන උසාවි දාගෙන නියෝගත් ක්‍රියාත්මක නැහැ...

:       44       28

ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Wednesday, 10 September 2025 08:34 PM

මේ ගොල්ලන්ටත් බැරිද , අර හමින්බර්ඩ් විලා එකක ගිහින් පදිංචි වෙන්න ? ඇයි ඒවාට ගන්නේ නැට්ටට කිරි එරෙන "කොට මොඩල් - ළඟ පිකප්" ඩයල් විතරද ?

:       0       1

Malija Wednesday, 10 September 2025 10:13 PM

ඉස්සර පාර්ලිමේන්තු වේ පනත් වලින් සම්මත කරගත්තේ කාලෙන් කාලෙට මැති ඇමති වරුන්ගේ පඩි වැඩි කරගන්න එකට, එයාලගේ නිල නිවාස අලුත් වැඩියාවට මුදල් පාස් කරගන්න එකට, අලුත් වී 8 ගෙන්න ගන්න එකට, ඉන්ධන දාරිතාව වැඩි කරගෙන මුදල් පාස් කරගන්න එකට, වගේ දේවල් වලටනේ. ඔන්න දැන් අපි ගැන හිතලා පනත් එන්න පටන් අරන්. කොච්චර වෙනසක්ද.

:       0       1

Jayasekara Thursday, 11 September 2025 09:30 AM

දීපු ඡන්දයට උපරිම සාධාරණයක් වටිනාකමක් දුන්නාට අනේක වාරයක් පින් මගේ රටට සෞභාග්‍ය උදාවේවා

:       0       3

අරවින්ද මොණරවිල Thursday, 11 September 2025 09:37 AM

බල්ලන්ට ගහන විට මැක්කන්ට රිදෙනවා කියලා කතාවක් තියෙනවා, එක අපුරුවට පෙන්නුම් කරනවා

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 27642 30

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18181 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10881 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 642 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 194 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 850 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site