(නිමල කොඩිතුවක්කු)
ජනාධිපතිව රකිමින් අයවැයට, වැට් බදු වැඩි කිරිමට පක්ෂව ඡන්දය ලබා දී, ජනතාවගේ කරපිට බදු බර පටවන්න එපා යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදන නිකුත් කරමින් පැවසීම විහිලුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
රටේ ජීවනෝපායන් කඩා වැටී ආර්ථිකය බංකොලොත් වී ඇති මොහොතක ඇතැම් පාර්ශ්ව වංචාකාර දේශපාලන නාට්‍ය නිෂ්පාදනය කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රට බංකොලොත් කළ රට විනාශ කළ පුද්ගලයන්ම විවිධ රගපෑම් ඔස්සේ ජනතාව මංමුලා කිරීමට නැවතත් උත්සාහ කරන බැවින් එම ව්‍යාජ රගපෑම්වලට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් නුගේගොඩ ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා ගැන එච්චර කරදර වෙන්න එපා... සමහර මිනිස්සු නාකි වෙනකොට ඔහොම වෙනවා. ඔය කියන්නේ අර අල කීයද? බී ළූණු කීයද කියලා අහපු කෙනා ගැන නේද?
ආසියාවේ ආශ්චර්යය පෙන්වනවා කියලා ජනතාව අන්දවලා බලයට ආපු, අන්තිමට මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු අයගේ උඩ යට මාරු වෙලා.
අපි ඕවා ගණන් ගණන් ගන්නේ නැහැ. සජියගේ විහිළු අහන අපිට මහින්දගෙ විහිළු විහිළුද? නැද්ද අම්මපා.