
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ විවාදය හෙට (10) පෙරවරු 11.30 සිට පස්වරු3.30දක්වා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
මෙම විවාදයෙන් අනතුරුව පනත් කෙටුම්පත ඡන්දයකින් සම්මත කිරීමට නියමිතය.
පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතයද කථානායකවරයා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ මතය අනුව මෙම පනත් කෙටුම්පතේ කිසිදු වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නැත.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පෙරවරුවේ රැස්විය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ආණ්ඩු පක්ෂ සහ විපක්ෂය අතර හොඳ නරක, ප්‍රගතිශීලි සහ එසේ නොවන, කලු සුදු තෝරන ලිට්මස් පරීක්ෂාවක්. තවදුරටත් රජයේ බදු මුදල් කාබාකරමින් තමන් සහ වරප්‍රසාද ලත් පන්තිය තවදුරටත් නඩත්තු කරනවාද නැද්ද යන්න ගරු විපක්ෂය හරි දෙය තෝරාගන්න මොලය පෑදේවා!
ඇති යන්තම් කිසිම ලජ්ජාවක්, හිිකිතයක් නැතුව පිනට කාලා, බීලා, විනෝද වුන එක.
ජනතාවගේ ඡචන්දෙන් බලයට ඇවිත් ,රටම කාබාසීනියා කරපු ,ජනතාවගේ රීර්‍ර් මාන්ස හූරගෙන කාපු හිටපු දූෂිත ජනාධිපතිවරුන්ට කිසිම වරප්‍රසාදයක් නොදිය යුතුමයි .
ජනතාව රවට්ටලා බලයට ආපු හිටපූ දූෂිත නායකයෝ සියලුම වරප්‍රසාද වරදාන බුක්ති ව්න්දගෙන සුවසේ සැපසේ ජීවත් උනා.සමහරු පව්ලේ උන්වත් කිට්ටූ කරගෙන මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම විනාශ කෙරුවා පරම්පරා ගාණකට ඇතිවෙන්ඩ යහමින් හරිහම්බ කරගත්තා. රට බන්කොලොත් කරපු උන්ට ජනතා බදු මුදලින් කිසිදු වරප්‍රසාදයක් නොදිය යුතුයි .බලය නැති උනාම නිල නිවාස නැවත බාරදීමයි කළ යුත්තේ? ජනතාව බලයෙන් පහ කෙරුවත් කිසිම ලැජ්ජාවක් නැතුව ඉන්න හැටි ?