
(විමුක්ති එස් රුද්‍රිගු)
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11)සිංගප්පූරුවේ සිට තායිලන්තයේ දොන් මුවාන්ග් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට බැංකොක් වේලාවෙන් රාත්‍රී 8 ට පමණ පැමිණි බව තායිලන්ත බලධාරීහු තහවුරු කළහ.
ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේ රැඳී සිටීමට ලබා දී තිබූ කෙටි කාලීන සංචාරක බලපත්‍රය කල් ඉකුත් වීමෙන් පසු අද සවස සිංගප්පූරු සෙලෙටාර් ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් තායිලන්තය බලා පිටත්ව ගිය බව සිංගප්පූරු බලධාරීන් ප්‍රකාශ කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට රාජ තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් හිමි බැවින් තායිලන්තයේ දින 90 ක කාලයක් රැඳී සිටිය හැකි බව තායිලන්ත විදේශ කටයුතු අමාත්‍ය දොන් ප්‍රමුද්විනායි මහතා ප්‍රකාශ කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට මානුෂීය හේතුන් මත තායිලන්තයට පැමිණීමට ඉඩ ලබාදුන් බවත් රාජපක්ෂ මහතා වෙනත් රටක ස්ථිර රැකවරණ සොයන අතරතුර තායිලන්තයේ රැඳී සිටින කාලය තුළ කිසිඳු දේශපාලන කටයුත්තක් නොකරන බවට පොරොන්දු වූ බවත් තායිලන්ත අගමැති ප‍්‍රයුත් චාන් ඕ චා මහතා පැවසුවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ අපකීර්තිමත්ම පාලක පවුල. රාජපක්ෂ පවුල. බලය අනිසිලෙස භාවිත කරන සැමට රතු එළියක්......
චිරන් ජයතු ජනපතිදුනි!
Mr. Ex President, I feel very sad when I see your wife face, an innocent lady is suffering. But from inside your heart - you know things you have done in power since your time as the Defence Secretary.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඇමරිකානු වීසා ලබාගෙන යළිත් ඇමෙරිකාවට ගොස් ඔහුගේ මුණුපුරා සමග ටික කලක් ගතකර ඔහු කැමති වෙලාවක නැවත ලංකාවට පැමිණිය හැකියි.
මේ මනුෂ්‍යයා ආරක්ෂක ලේකම් ලෙසට රටේ ජනතාවගේ දේපළ බලහත්කාරයෙන් මාර්ග සැකසීම සඳහා කඩා දැම්මා ඒවාට කිසිම වන්දියක් නොලැබෙන ආකාරයට අයිතිකාරයෝ ලවාම හමුදාව යොදාගෙන බලයෙන් කලේ. ලංකාවේ මිනිස්සු හරියට කුහකයි.ඒනිසා එයට ඔහුට ප්‍රශංසා කලා.පූජ්‍ය පක්ෂය හා කුහක ජනතාව හිතුවේ මිනිහා ආවොත් රට හදන්න පුළුවන් කියලා .පන්සලෙන් කැළණි ගඟෙන් පටන් ගත් මේ අරගලය 2015දී රාජපක්ෂලා පලවා හැරි බවත් අමතක කරල ඉහළම බලයෙන් පත්කලා.ඔහුට එයත් මදිවට 20 සම්මත කර අතීතයේ රජෙකුට මෙන් බලය ගත්තා නමුත් පළපුරුදු නැතුව ජනාධිපතිකම කොහොම කරන්නද.මේකට රාජපක්ෂ පවුලේ ඔක්කොමලා වගකිවයුතුයි. ඒ අතර දැනට සිටින විපක්ෂ නායක තැනත් නාමයෝජනා අවස්ථාවේ විදේශ පුරවැසියකු නාමයෝජනා දුන් බව පෙන්වා විරෝධතා ඉදිරිපත් නොකිරීමද හේතුවක් වුනා කොහොම හරි මම කියන්නේ තන්හාය ජායතී සෝකෝ තන්හාය ජායතී භයං සත්‍ය වුනා කියලා .මෙතුමාට අනුන්ගේ අගුපිල් වල ලගින්න වුනේ අනාගතයේ නාමල්ට පාර හදන්න ගිය නිසා කියන්න වෙනවා
ශ්‍රී ලංකා රජය කළ යුතු වන්නේ මොහුට ලොව වටේ සංචාරය කරන්න උදව් කිරීම නොව ලංකාවට ගෙන්වා අත්අඩංගුවට ගෙන රාජ්‍යය බංකොලොත් කිරීමට එරෙහිව නඩු පැවරීමත් මොහුට විරුද්ධව කලක පටන් ඇති නඩු 35 විභාග කිරීමත්වේ. නමුත් මොවුන් රනිල් ජනාධිපති කරේ ගෝඨා සහ ඔහුගේ හොර පරම්පරාව රැකීමට මිසක් රට හැදීමට නොවන වග දැන් හොඳාකාරවම පැහැදිලියි. එක පැත්තකින් හොරු රකින ගමන් රනිල්ට කිසිසේත්ම රට වලෙන් ගොඩ ගත නොහැක.
ලක්ෂ හැට නවයක් ජනතාව ඡන්දය දීලා ජනාධිපති කරල හිතුවේ රටේ දියුණුව .නමුත් පරම්පරාව හැමදාම බලයේ ඉන්න හිතාගෙන වැඩ කලා.ස්වභාව ධර්මයා වුනත් විවිධ බාධක ඇති කර ඔහුට පාලනය කරන්න බැරි කලා.ජනතාව පීඩාවට පත්වුනා .අන්තිමේ එක එක රටවල අනාථයෙක් නැත්නම් සරණාගතයෙක් වගේ ඉන්න වුනා .මේකට චමල් ,මහින්ද ,බැසිල් චමල්ගෙ පුතා නාමල් සජිත් සහ බෙංගමුවේ ,මුරුත්තෙට්ටුවේ හා කැළණියේ කණ්ඩායම වගකියන්න ඕන. ජනාධිපති තනතුර නැති කාලයේ හාමුදුරුනමක් කියලා තිබුනා අපායට යන්න ඕනෑ නම් නුඹට කරපං මහ ඇමතිකම එක දවසකට කියලා එහෙම නම් ගෝඨාභය ආදර්ශයට ගෙන අවුරුදු 75ක් පමණ කාලයක් මෙරට පාලනය කල හා කිරීමට සිටිනා සියලු දෙනාම යම් දිනක අපායට යන්න වෙනවා කියලා සිතාගෙන වැඩ කලොත් හොදයි.
ඔබතුමා යහපත් මිනිසෙකි. අන් අයගේ උපදෙස් එලෙසම පිළිගැනීම නොකළයුතුදෑ බැහැර නොකිරීම ඔබතුමාගේ දුර්වලකමයි. බුදු සරණයි.
විධායක බලය පාවිච්චි නොකර ලංකාව වගේ රටක ජනාධිපතිකම කරන්න බෑ කියන එකට හොඳම උදාහරණය. දැන් ඔය ලස්සනට රනිල් කරන්නේ. ජේවීපියට අහුවෙලා කරගත්ත මෝඩකම තේරෙන්න මිනිස්සුන්ට තව කල් යනවා
දුකේදිත් සැපේදිත් ඇය ඔහු අසලමයි. තෙරැවන් සරණයි ඔබ දෙපළට! නැවත මෙහි එන්න. සියලු ශ්‍රී ලාංකිකයන් ගුණමකුවන් නොවේ.
එළවනකම්ම හිටිය රටින් රටට ටුවර් යන්න.නේද?
පාස්කු ප්‍රහාරය මෙන්ම කොරෝනා වසංගත සමයේ විදේශගත ශ්‍රී ලාංකිකයින්ට කළ ඒ අසාධාරණයේ ශාපය තමයි ඔහු මේ ගෙවන්නේ. ලෝකයේ කිසිම රාජ්‍ය නායකයෙක් තමන්ගේ රටේ ජනතාවට තමන්ගේ මව්රට වැහුවේ නැහැ. නමුත් මොහු ඒ සැහැසිකම ඒ මොහොතේ අසරණ වී සිටි ලාංකික ජනතාවට කළා. මම නම් ලාංකිකයෙක් ලෙස ප්‍රාර්ථනා කරන්නේ මොහුට රටක් අහිමි සරණාගතයෙක් ලෙස ලෝකයේ නන්නත්තාර විය යුතුයි!! ඒ වගේම මොහු රටට සැමදාම ආදරය කළ විදේශගත ශ්‍රමිකයින්ට ලංකාව අප්‍රසන්න තැනක් බවට පත්කළා. ඒක ඔහුට පමණක් නොවෙයි, මේ රටටත් ශාපයක් වුණා. මොහු බිහිකළ ව්‍යාපාරික මාෆියාව ගැන කිසිවක් නොලියමි... නිදසසින් පසුව ලංකාවේ සිටි අඥාණම පාලකයා ඔහුයි.
බ්‍රිතාන්‍ය අගමැතිවරයා කිව්වේ තව අවුරුදු 7කටවත් එම රට යථා තත්වයට ගන්න බැරි බවය. එහෙන් කලුසුදු භේදය මේ වසරේ මේ වෙනකොට පමණක් දරුවන් පිහියෙන් ඇනලා 28ක් මැරුවා. USA වල වෙඩි තියලා සිය ගණන් මරන්නේ...!