(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, ඩබ්ලිව්. ඒ. ලක්ෂ්මන් සහ හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර් ආටිගල යන මහත්වරුන්ට මෙරටින් පිට වීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මහජන ක්‍රියාකාරිකයකු වන චන්ද්‍රා ජයරත්න මහතා ඇතුළු තිදෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (12) මෝසමක් ඉදිරිපත් කර ඇත.
මෙම පෙත්සම යළි අනිද්දා (14) සලකා බැලීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.
මෙම මෝසම මුර්දු ප්‍රනාන්දු, ගාමිණි අමරසේකර සහ අචල වෙන්ගප්පුලි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (12) සලකා බැලිණි .
මෙම මෝසම ගොනු කරනු ලැබ ඇත්තේ සමාජ ක්‍රියාකාරිකයකු වන චන්ද්‍රා ජයරත්න, ප්‍රසිද්ධ ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩක ජුලියන් බෝලිං ඇතුළු තිදෙනකු විසිනි.
රටේ ආර්ථික අර්බුදයට සම්බන්ධ වගකිවයුත්තන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා පියවර ගන්නා ලෙසට ඉල්ලා පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම් ගොනු කරනු ලැබ තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාමිණී සෙනරත් කියන්නේ ලොකුම හොරා . මහින්දගෙයි ගොටගෙයි දෙන්නගෙම ලේකම් . ඇයි එයා නැත්තේ ලිස්ට් එකේ
හැබැයි රාජ්‍ය දේපල ලොවට පේන්නම විනාශ කරපු අයට නිදහසේ ඉන්න දෙන්න..! සුද්ධගෙ නීතිය සුද්ධ හිටපු රජමාළිගාව විනාශ කරපු අයවම රකිනවා නේද !
මාටියගහපු හැමදෙයක්ම ආපහු ජනතාවට ලබාදීල ඊටපස්සෙ මොවුන්ව ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කරමු
අධිකරණයේ තිබෙන දෙයක්නේ පස්සේ අපි ලියන්නම්. සමාජ ක්‍රියාකාරිකයෝනම් වැහි වහලා. මොවුන් එකපාරටම කොහෙන් පාත්වෙලාද දන්නේ නැහැ. ජෙප්පෝ වෙන්න ඇති.
එතකොට PB ජයසුන්දර නැද්ද?