
(කේ බුද්ධික කුමාරසිරි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධිකරණ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ එමෙන්ම ප්‍රකට දේශපාලන ක්‍රියාකරුවකු වන තුසිත හල්ඔලුව යන අය ගමන් ගත් මෝටර් රථයට නාරාහෙන්පිට ප්‍රදේශයේ දී වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි නාරාහේන්පිට පොලිසිය පවසයි.
නාරහේන්පිට කිරි මණ්ඩල මාවතේ පෞද්ගලික රෝහලක් ඉදිරිපිට දී මෙම වෙඩි තැබීම සිදු වී ඇති බවද පොලිසිය පවසයි.
එම වෙඩි ප්‍රහාරයෙන් හල්ලොලුව මහතාට කිසිදු හානියක් සිදු වී නොමැති උවත් එම මෝටර් රථයේ ගමන් කළ ඔහුගේ නීතිඥවරයකු බව කියන අයෙකුට සුළු තුවාල සිදුවී ඇති බවත් පොලිසිය පවසයි.
තුසිල් හල්ඔලුව යන අය ගමන් ගත් මෝටර් රථය පසුපස හඹා ආ යතුරුපැදිකරුවන් දෙදෙනකු අහසට වෙඩි තබා පසුව මෝටර් රථය නවත්වා ඉදිරිපස වීදුරුවට වෙඩි තබා ඇති බව මූලික විමර්ශනයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.
තුසිත හල්ඔලුව යන අය පසුගිය දිනෙක ජනාධිපතිවරයා සම්බන්ධයෙන් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හේතුවෙන් කතාබහට ලක් වූ අතර, ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කිරීමකටද ලක් වූ අයෙකි.
ඡායා බිමල් ශ්‍යාමන්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩෑන් ප්‍රියසාද් ඝාතනය, හරක් කටාගේ ප්‍රකාශය, මේ වෙඩි තැබීම... සියල්ලන් සිහි බුද්ධියෙන් සිටිත්වා..!
මේ අපරාධය ගැන විස්තර නම් පොලිස් විමර්ශන වලින් මේ කපේදී හොයාගන්න හම්බ වෙන එකක් නැහැ...! කොහොම වුණත් වෙඩික්කාරයෝ දෙන්නා බොහෝම සාධාරණ අපරාධකාරයෝ කියලා හිතෙනවා...
දැන්නම් කාටවත් කතාකරන්න බැරි කාලයක් ඇවිල්ලා තියෙන්නේ.
හලොලුව මහතාගේ ආරක්ෂාව පිණිස වහාම ඔහුව අත්අඩංගුවට ගන්න.
හරිම නිර්මානාත්මක ටෙලි නාටකයක ආරම්භක දර්ශනය..!
අධ්‍යක්ෂණය කාගේද?
නාටකයක් නොවේ නම් ඉතා භයානක තත්වයක්...
ජෙප්පන්ගේ සුපුරුදු බය කිරීම්, මිනී මැරීම් කලාව නැවත ඈවිත්... රාජ්ය බලයත් එක්ක.. නියමයි අපේ පුනරුදය ඕනෑ ඔවුන්ට...
උද්දික ප්‍රේමරත්න නාට්‍යයේ දෙවන කොටස...!
නැව් අයිතිකාරයා සාක්කි හංගන්න ලොකු උත්සාහයක කියලා හිතෙනවා. ඒ කියන්නේ නැව් කතාවේ යමක් තියෙනවා වගේ...
මේ නාට්ටියේ තිර රචනය සීයාගේ... සීයේ.. දැන් මේ රටේ මෝඩ මිනිස්සු නැහැ. ඔය බොරු රඟපෑම් විශ්වාස කරන. දැන් කරන්න තියෙන්නේ ඔය හල් ඔලුවාව පොලිසියට ඇදගෙන ගිහිල්ලා, නිරුවත් කරලා , කකුලේ මහපොට ඇඟිල්ලෙන් බාල්කයේ එල්ලලා ,ඔළුවට මිරිස් බෑග් එකක් දාලා 2*2 පොල්ලකින් බැස්ටිය දුන්නානම් ඔක්කොම එලියට දානවා.
දැන් තමන්ටම වෙඩි තියාගන්න කීයක් ගන්නවාද...?
මේකනම් මෙයාගේ පරණ තාලේ මෝඩ වැඩක්... තවත් ඕවා ප්ලෑන් කරලා නම් මිනිස්සු අන්දන්න බැරි වෙයි.
බැලූ බැල්මට නාට්‍යයක් වගේ...
වැඩවසම් යුගයේ හිටපු තවමත් සමහර ප්‍රදේශවල සිටින මුලාදෑනිලා වගේ අය ආණ්ඩුව වෙනස්වුනාම පැවැති ආණ්ඩුවට සම්බන්දධ අයට මහතා නොකියා යන අය කියන්නේ ඇයි?
අනවසර ගිනි අවි භාවිතයට ඉතා දැඩි දඬුවම් දීම සඳහා නීති සම්පාදනය නොකරන්නේ මන්ද? එවැනි වරදට මරණ දඬුවම දිය යුතු නොවේද?
මේ වගේ ප්‍රකාශ නිකුත් කරන්න කලින් 88-89 ගැන පොඩි මතකයක් තිබුණා නම් මෙහෙම අනතුරු වෙන්නේ නැහැනේ. දැන්වත් හැදෙන්න බැලුවොත් හොඳයි. 88-89 පස්සේ ඉපදුනා නම් ඉතින් අහලා හරි දැන ගන්න එපායෑ...
ඔහුගේම Drama එකක් වගේ...!
තවත් සම්මානයකට අර අඳින වීදි නාට්‍යයක් වගේ... මිස්ටර් ක්ලීන් අධ්‍යක්ෂකයා කර ඇත...
රනිල්ම තමයි පාතාලයෝ දාලා වැඩේ දෙන්න ඇත්තේ...
මටත් ඔහොම දෙයක් වුණා වගේ මතකයි...
අනුරාධපුර පැත්තේ කාලෙකට කලින් රඟදක්වපු නට්‍යයක් මතක් වුණා මේක දැක්කාම...!
මොහුගේ බිරිඳ වහාම ගොස් ලොස් මුත්තා හමුවන්න...
තමා වර්ධනය කරගන්න නියම රගපෑම්. ඔස්කාර් සම්මාන තරගාවලිය ඇරැඹෙන කාලයයි මේ.. මේ තරං දේවල් කරලා උන් උන්ගේ බලය රැක ගන්න බලනවා. ආණ්ඩුව ඔක්කෝම බලය තියාගෙන මොවුන්ට රඟපෑම් කරන්න මුනිවත රකිනවා. ඉතින් ඔක්කෝම කුණු ආණ්ඩුවටම යන්නේ...
මේක අර අනුරාධපුරයේ මන්ත්‍රීතුමා කළ එක වගේ එකක්, ආපු අය වීදුරුවට වෙඩි තියලා නිකන් හිටියේ මොකද?
මේකත් රාජපක්ෂ ගිණුමට බැර කරයි. බුරම්පියාගේ මැර කල්ලිය...
තවත් රංගනයක් බව හොඳටම පැහැදිලියි.
උද්දික දෙවන කොටස. කැනඩාවටමද වීසා ඉල්ලන්න යන්නේ…?
උද්දිකගෙන්ද මේ ස්ක්‍රිප්ට් එක අහගත්තේ? ඉස්සරහ වීදුරුව හිල් වෙන්න වෙඩිතිබ්බත් ඇතුළෙ අයට මොනවත් නොවෙන විදියේ අපූරු උණ්ඩ කොහෙන්ද හොයා ගත්තේ? ග්‍රීසියේ ෆයිල් එකත් අරගෙන ගියාලු නේද? අපූරුයි නේද? ෆයිල් එක තියෙන බව කලින් මැරයින්ට කීවාද? මොනවා වුණත් නාට්‍ය පිටපත අසාර්ථකයි.. වැඩේ ෆේල්...!
තමන් වපුරපු දේ අස්වැන්න තමයි ඔය ලැබෙන්නේ....
ආණ්ඩුව අපහසුතාවයට පත්කරන බයියන්ගේ වැඩ.