(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පිලියන්දල සමුපකාර ඉන්දන පිරවුම් හලේ කිව් ආර් කේතය පරික්ෂා කිරීම සඳහා යොදා ගන්නා ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන දෙකක් සොරාගත් බව කියන යුද හමුදාවේ හිටපු කපිතාන්වරයෙකු සහ මූල්‍ය සමාගමක කළමනාකරුවකු අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි.

සැකකරුවන් පැමිණි ත්‍රිරෝද රථය ද පොලිස් බාරයට ගෙන ඇත.

රුපියල් අසූ දහසක් පමණ වටිනා නැති වූ ජංගම දුරකථන දෙක සම්බන්ධයෙන් එහි කළමනාකරු කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කෙරිණි.